
එරබදු මතක් කරන අවුරුද්ද ලඟ ඇවිත්
සුභ නැකැත් පිළිගන්න කැවුම් කිරිබත් ඉදෙත්
රුදු සතුරු ගිනි ඇවිල දහස් නෙත් තෙත් කරත්
සෝ සුසුම් මැද බොහෝ දනෝ අද දිවි ගෙවත්
රූ පෙට්ටි තිරය මත බෝ සිනා පිරෙන සඳ
සුභ නැකැත් මතක් කර සුභ කරයි අවුරුද්ද
හැම දෙසම හැම මුවෙම මේ සිනා නැගෙනවද
උන්ට නැති මේ සතුට අපි කොහොම සමරමුද
හතර කොණ හැම සිතක සිනහ මල් පීදිලා
නිදි වරා විඳින දුක් ගැහැට හැම නිමවෙලා
යුද ගිනි නිවී සතුරු ගැහැට හැම නැතිවෙලා
හිනැහෙයන් අවුරුද්ද මග ලකුණු සුභවෙලා
බෝ ©
උතුරට කදමලු බැඳගෙන නෑගම් යන්නට ලක ලැහැස්තිවෙන අපේ ඇත්තෝ පිරිසක් රූපවාහිනී තිරයෙන් දුටුවා. හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව යමක් කරන්නට පෙළඹීම ගැන ඒ අයට ගොඩාක් පිං. මොකද ඒ කොනෙත් මේ කොනෙත්, කොහිත් ඉන්නේ මිනිස්සු. අවුරුදු සැමරුම් නොමැතිව දුක් විඳින, තාමත් ත්‍රස්ත ග්‍රහණයෙ සිටින අහිංසකයන් ගැන දුකයි. ඉක්මනින් ත්‍රස්ත උවදුරු දුරුවී අපේ රට එක්සේසත් වෙන දිනය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමි.
හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා....
අපේ රටට ඉක්මනින් සාමය සතුට සෞභාග්‍යය උදාවේවා !
අලුතින් යමක් නොලියවුනත් පරණ මතක අලුත් කරමි
අලුත් අවුරුදු මතක
නෙත පිනන සනහන නිමාවන්
වත දුලන බබලන වෙලාවන්
හිත පිරෙන සනහන සිනහවන්
හද නිවන පහදන කතාවන්
මේ හැම පිරුණු සුභ අලුත් අවුරුද්දකට ආසිරි
ආයු බෝ වේ වා
(චිත්‍රය මවිසින් කුඩා කල අඳින ලද්දක්)
8 comments:
වැඩි වයසක් නැතිවුනත්. අව්රුද්දු සිර එන්න එන්නම අඩු වෙන බවනම් කියන්න ඕන. ඇත්තටම මේපා කොව්ල්නාදයක්වත් ඇසුනේ නෑ. මේ අව්රුදු උදාවත් එක්කම ත්රස්තවාදීය මුලින් උපුටා දැමීමට හැකිවී යුද්දය නිමා වී ජීවිත හානි අවසන් වේවි කියලා අපි කව්රුත් බලාපොරොත්තු වෙනවා.
ෂා. චිත්‍රය ලස්සනයි. අපි ආසයි බෝ අක්කා ලොකු කාලේ චිත්‍ර අඳින්නැත්ද කියලා දැන ගන්න.
menna magenuth avurudu pathum. :-)
Here's how our brother's in arms are preparing kokis - Using mortar tail fins.
http://www.youtube.com/watch?v=UILgHoGaJM8
Probably the best kokis in the world :-)
රසවත් කවිපෙලක්, ලස්සන සිතුවමක්.
සතුටුයි ඔබේ පබැදුම් රසවිදින්න ලැබිම ගැන.
ජිවිතේ පලමු වතාවට නිවසෙන් ඇත්වෙලා ගෙවෙන සිංහල අවුරුද්ද මේක.හිත අතිතයට යනවා, අවුරුදු චාරිත්‍ර කරපු හැටි,අලුත් ඇදුම් ඇදගෙන හිතෙශින්ට අවුරුදු කැම ගෙනිච්ච හැටි,අවුරුදු උත්සව වලට සහභාගිවු හැටි.
ඒත් මේපාර අවුරුද කිරිබතකින් විතරක් සැහිමකට පත්වෙන්න වෙනවා.
ඔබටත් සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත්, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
දසුන් මල්ලී, ඔයා ගේ ප්රාර්ථනයට මගෙ පැතුම්ද එකතු කරනවා. රටේ ජීවිත හානි අවම වෙලා ත්‍රස්තවාදය තුරන් වේවා කියා ප්‍රාර්තනා කරමි මමත්
දිලාන්, සුපුන් සුදාරක මල්ලී ස්තූතියි,
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
සිතුවමත් හරි අගෙයි. ලිවීම වගෙම ඇඳීමත් අතහැර නැතැයි සිතනවා. :)
පරක්කු වෙලා දුටුවත් අක්කාටත් එසේම වේවා කියලා පතනවා!
Menna puthukudiyiruppu bak maha ulela.
http://www.youtube.com/watch?v=Iv3Qoj8nZVE
jayata thibila wagea :-)
Post a Comment