වෛර කඳු ගොඩ ගසන් ඇයිද සිත් තලන්නේ
කෝපයෙන් වියරුවී තව පණක් නසන්නේ
මානයෙන් සිහි නුවණ විකල්වී මිනිසුනේ
පිරිහිලා වැනසිලා අගතියම දකින්නේ
දකින්නට රිසි දේම නිතර නෑ දකින්නේ
අසන්නට රිසි දේම නිතර නෑ ඇසෙන්නේ
හිඳින්නට හැමදාම මෙලොව මේ ලෙසින්නේ
කරන්නට බැරි දෙයත් ඒකමයි සිතෙන්නේ
පිරුණාම මෙත් සිහිල සිත සදා නිවෙන්නේ
කරුණාව පෙරදැරිව සෙනේහය වඩන්නේ
ඒ මගයි දැකගන්න මේ පෙරුම් පුරන්නේ
ඒ හිතයි මතුදාක නිවන් මග දකින්නේ
සුපින්වත් සිතුම් යති දැහැන්ගත වෙන සිතේ
සිතින්වත් නොකර පව් ගතකරමු ජීවිතේ
නිතින් කවි පද බැඳන් දුර ආව මාවතේ
ඉතින් දැන් සමුගන්න කාලයයි මට සිතේ
බෝ
කෝපයෙන් වියරුවී තව පණක් නසන්නේ
මානයෙන් සිහි නුවණ විකල්වී මිනිසුනේ
පිරිහිලා වැනසිලා අගතියම දකින්නේ
දකින්නට රිසි දේම නිතර නෑ දකින්නේ
අසන්නට රිසි දේම නිතර නෑ ඇසෙන්නේ
හිඳින්නට හැමදාම මෙලොව මේ ලෙසින්නේ
කරන්නට බැරි දෙයත් ඒකමයි සිතෙන්නේ
පිරුණාම මෙත් සිහිල සිත සදා නිවෙන්නේ
කරුණාව පෙරදැරිව සෙනේහය වඩන්නේ
ඒ මගයි දැකගන්න මේ පෙරුම් පුරන්නේ
ඒ හිතයි මතුදාක නිවන් මග දකින්නේ
සුපින්වත් සිතුම් යති දැහැන්ගත වෙන සිතේ
සිතින්වත් නොකර පව් ගතකරමු ජීවිතේ
නිතින් කවි පද බැඳන් දුර ආව මාවතේ
ඉතින් දැන් සමුගන්න කාලයයි මට සිතේ
බෝ
11 comments:
An excellently versed poem. However....
Saying goodbye and parting with your life's gifts and talents is a crime. I sincerely hope it will only be a brief respite.
Thanks Bo :-)
සිතින් වත් පව් නොකළ මින්ස්සුන් දැන් කොහිද
සුපින්වත් සිතුම් පිරි මෙත් වඩන සිත් කොහිද
එහෙත් ඒ හැමෝටම නිවන් පතන නුඹ කොහිද
මෙවන් රස කවි ලියා සමු ගන්නේ ඔබ ඇයිද
බේබදු කම නිසා බැහැ කවි ලියන්නට
ලියුවත් නොදන්නෙමි ඒ කවි දැයි සබද
එ නමුත් දුටු හෙයින් බ්ලොග් පිට මෙ සටහන
සිතූයෙමි සිතෙහි වූ කිසිවක් කියන්නට
අක්කේ නූඹේ සටහන් කියවා නිබද
ලබනෙමි නිබද සිත මෙන් මනසට අහර
අපමෙන් දුබල දුහුනන් හට පුදා කම
පසු නොබලා ගොතනු මැන කවිකම් කුසුම
කොතරම් රස අහර මසවුලු ගෙනාවද
මොහොතින් ක්ෂය වේය ඒ රස සිතෙන් මිද
ලබතොත් රසක් සිදවා දිවියේ පවස
එය වේ සසර මග නිවනා දහම් විත
මම නම් ලිවීම නවත්වලා තියෙන්නේ. ඒ විවධ හේතු මත.ඒවා මෙතනට අදාල වෙතැයි මම සිතන්නේ නැහැ.
කවියෙන් කවියා මනින්නට මම උත්සුක වන්නෙ නැහැ. කෙසේ වූවත් දිගටම ඔබ කවිකම් සහ සටහන් කියවන්නට කැමැත්තෙන් සිටින බව කියන්නට තැමතියි.දිගටම ලියන්න අක්කේ.ඔබට ජය.
නොහැකි මුත් සිටින්නට සැම දිනම මේ ලෙසේ
කල හැකිය සේවයක් ලියනකල් හෙලබසේ
නොමවි පසුපසට, පැමිණ ඉදිරියට පෙරසේ
ජාතිය අවදිකරව නොසැලි පෙරසේ
ඔබේ සිතුවිලි අපි කියවන්නේ අසාවෙන්.ඒවායින් අපිට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා.ඔබේ සිතුවිලි වලින් මුලු ජාතියම අවදි නොවුවද අවම තරමේ එක් අයෙකුවත් අවදි වේවි.ඒ ගැන සිතා දිගටම කවි ලියන්න.කාර්යබහුලනම් අවම තරමේ මාසයකට එක බැගින් හෝ ලියන්න.
මම හිතනවා මේක බෝ අක්කාගේ තවත් කවි සිතුවිල්ලක් පමණයි කියලා..!
සිතැඟි නුඹෙ වියවාපු මනුදමේ දනව්වේ
සිත් අපේ කියවාපු මිතුදමේ කොදෙව්වේ
පද වැලින් සුඛිත වුණු කවිකාර ඉසව්වේ
බෝ දුකයි ගියොතින් යන්නෙ ඇයි නොතේරේ
අප්පා බෝ අක්කගෙ blog එක නේද මේ? මම අනන්මනන් එකට එකතු වෙච්චි කාලෙම වගේ අක්ක අනන්මනන් අත ඇරල ගියා ගියාමයි ඊට පස්සෙ දැක්කෙවත් නැහැ. දැන් මම SBU එකෙන් අක්කගෙ එක දැක්කම අක්ක එකෙනුත් සමුගෙන යන්න හදනව. අක්කට නම් මාව මතක නැතුව ඇති. අනේ අක්කෙ මේකෙන් නම් යන්න එපා.
ඔන්න මමත් blog කොරන්න කර ගැහුව. සින්ඩියට එකතු වෙලා නැහැ තවම මොකො ඒකෙ සිංහල අන්තර්ගතය අඩුයිලු.
ඔන්න අක්කට සහ හැමෝටම සුභ අවුරුදු!!
සිංහබාහු මල්ලි
"ඉතින් දැන් සමුගන්න කාලයයි මට සිතේ"
කාර්‍යය බහුල නිසාවෙන් නිතර නොලියවෙන නිසා තරමක් දුරට ලිවීමෙන් ඈත්වෙන්න හැදුවේ.
ෆා, නලීන් ,මලී, කැඩපත, ශ්‍රී සානු, කවි පද ගොඩක් ලියලා , පිළිතුරු සහ අගනා කවි පද වලට ගොඩාක් ස්තූතියි.
ලියවෙන දෙයින් හරයක් නොම දුටු කලට
යායුතු කියා සිතුනා නොලියා පෙරට
රස කවි පද ගොතා මගෙ හිත හැදුවාට
තුතිමල් දම් පුදමි හොඳ හිත් ඇති සැමට
දැක විඳ කවිමල් පීදුනු මා නමට
සිතුවෙමි කොහොම සමුගන්නද ඔබෙන් හෙට
හැකි විට පැමිණ ලියනෙම් එහෙනම් යසට
තුති මල් පුදමි හැමටම දිරි දුන්නාට
මට කවි ලියන්න බැරි වුණත් රස විඳින්න පුලුවන්. කොච්චර දෙයක්ද මේ නගා තවදුරටත් කවි ලියන්න හිතපු එක. අපි වගේ දුරැ රටවල ඉන්න අයට සිංහල කවියක් කියවල රස විඳින්න ලැබෙන්නෙ එහෙමත් වෙලාවක තමයි. හැබැයි ඒක ලොකු දෙයක් අපේ කාන්සිය මග ඇර ගන්න. බෝ නංගියේ ඔයාට ගොඩක් පින්!
සිංහබාහු මල්ලි, ඔව් මල්ලී වෙලාව අඩු නිසා මෙලෙස මේ පිටුවේ පමණක් ලියනවා. ඔයත් දිගටම බ්ලොග් එක ලියන්න. මම කියවනවා.
ජයන්ත මහතානෙනි. ගොඩක් ස්තූතියි දිරි දුන්නාට.
ලියන්න එපා යැයි නැගෙන ගර්ජන මැද, ලියන්න යැයි මට දිරිය දෙන ඔබ හැමට ගොඩක් පින්. ලියන්නන් තලා පෙලා දමන සිංහල පිරිස් අතර හිඳ ලියන එකේ තේරුමක් නෑ කියලා හිතුන වාර අනන්තයි.
තරමක් දුරටනම් ඔන්න කමක් නෑ කියමුකෝ, හැබැයි ඉතින් ඔන්න පෑන බිමින් තියන්න නම් හදන්න එපා. :)
අපිත් උන් හිටි තැන් අමතක වෙලා, පෑන අල්ලනත් හොර වෙලා, රාජකාරියටම හිරවෙලා ඉන්නකොට ඇවිත් අපටත් ලැජ්ජා හිතෙන තරමට, දාහකුත් එකක් වැඩ අතරෙ කවි ලියූ ඔබට එහෙම ලේසියෙන් කවි කමට හති නොවැටෙන බව දන්නවා.
Post a Comment