රටේ වැසියන් තුල තම මව්බිම කෙරෙහි ආලය සහ ගෞරවය වැඩි කරවන අසල්වැසි ඉන්දියාවේ දැන්වීම් කිහිපයක් ගැන බ්ලොග් එකක කතාබස් කරනු දුටු විට අපේ රට ගැන කතාකරන්න ඉඩක් හොයා ගන්න හිතුනා.
අපිට අපේ රට ගැන හැරී බලන්නට කාලයක් වෙන් කරගත යුතුයැයි මට සිතේ. හැමෙකා තුලම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ආඩම්බරයක් සිත් තුල ඇතිවිය යුතු වේ.
එමෙන්ම මගේ මගේ කියන්නේ නැතුව අපේ, කියලා හිතන්න පටන් ගැන්ම තමයි වඩා වැදගත්.
මේක බලන්න.. යූ ටියුබ් නැමැති අඩවියෙන් හමුවුනේ. එය පළකර තිබුනේ ඉන්දියානුවෙක් !
(found this video from youtube website - http://www.youtube.com/watch?v=Xy4B5FSN5_I
22 comments:
විදේශයකට ගියාම තමයි ශ්‍රි ලන්කාවේ වටිනාකම හොදට වැටහෙන්නෙ.අපේ රටේ සුන්දරත්වය ඒ රටවල්වල නැ.මිනිසුන්ගේ ගුණවත්කම, කෙලෙහෙගුණ සැලකිම අතින් අපි සැහෙන ඉදිරියෙන් ඉන්නවා. මම නම් ශ්‍රි ලාන්කිකයෙක් කියලා කියන්නේ ආඩම්බරයෙන්.ශ්‍රි ලන්කාව දිනේවා!
මාව ඇඩෙව්වා අක්කේ මේක. ඇත්තටම බොහොම පිං මේ දැම්මට!
I am so bought of being sri lankan! I miss you lanka!
ඉන්දියානුවන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා අපි. මහා ලොකුවට කුල බේදයක්වත් ආගම් භේදයක්වත් ජාති භේදයක් වත් නෑනේ. බෙදාහදාගෙන ඉන්නවා. ආය ඉතින් ඇඩ් දාන්න ඕන නෑ.
අපේ රට ගැන පෙන්වන මම දැකපු සුපිරිම දැන්වීමක්..... මේවට තව තවත් ප්‍රසිද්ධිය දෙන්න ඕන. ජයවේවා!.....
අපේ රට ගැන පෙන්වන මම දැකපු සුපිරිම දැන්වීමක්..... මේවට තව තවත් ප්‍රසිද්ධිය දෙන්න ඕන. ජයවේවා!.....
Niyama add eka. Thank you very much for putting this up.
Menna thawa ekak. Thawa paththakin lankawa idiriyata yana hati meaken oppu wenawa. Meaka suddek hadapu ekak. Chris Ryan kiyala British SAS sebalek apea STF ekath ekka gatha karapu dina keepayak sambandayen hadapu documentary ekak. Eaka balannama oone.
Kotiya mona baila gahuwath wadak naha, sudda is full of praise for OUR OWN STF.
Chris Ryan's elite cops
ගොඩක් ලස්සන ක්ලිප් එකක්! දැනට මේක ප්‍රචාරය වෙනවාද?
ඉන්දියානුවන්ට වඩා අපි ඉස්සරහින් ඉන්නවාද කියන එක කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට තරම් 'අපේ' හැඟීමක් නැති බව මගේ අදහසයි.
මේ වගේ එවුවා තව තව හදන්න !
මේ වගේ ඇඩ් හදන්න තවත් බද්දක් දමාල සල්ලි එකතු කළත් කමක් නෑ !
එළ කියන්නේ එළේ එළ!
මමත් ශ්‍රී ලාංකික.
ලස්සනයි,ස්තුතියි, බෝ. :)
මට නම් මේක දැක්කම හිතෙන්නේ තවත් එක ඇඩ් එකක් විතරයි කියලා. මොකද අපේ ඉන්න දේෂපාලුවෝ නිසා තමා රට හදන්න බැරි.
@කැඩපත ඔව්, ලංකාවෙන් එළිය ගියාම තමයි ඒක දැන්නේ. එත් එහෙම නොදැනෙන අය ටිකකුත් ඉන්නවා.
අනිවාර්යෙන්ම. තමන්ගේ දාමාපියන්, පාසැල, ගම සහ රට ගැන කතා කරන්න බැරි නම් වැඩක් නැ...
@niroshinie,
ඔව් අපේ ගොඩක් අයට "අපේ" හැගීම නැ..
සෝබනේට කියනවා මිසක්. ඉංදියානුවන් හැම වෙලාවෙම ඔවුන්ගේ රටේම දේ තමා භාවිත කරන්නේ.
අමල්ට වැරදිලා වගේ.... ලංකාවේ කුල බේදෙ තියෙනවනේ :D
බලන්න නිකායවල්ම කීයක්ද. හික්
අපි මී හරක් ගෙන්වන්නෙත් ඉංදියාවෙන් [ලගකදි බන්දුල ඇමතිතුමා ඒකත් කළා] , අපි එහෙන් මොනවද ගෙන්වන්නේ නැත්තේ?
ලංකාවේ ඉදන් ඉංදියාව ගැන කියවන්න ඒපා :)
කැඩපත - සහතික ඇත්ත, රටේ අගය දැනෙන්නේ ඉන් පිට වුනාමයි. ඒ තරම් නිදහසක්, සනීපයක් , වෙන මොන රටේ තියෙනවද ?
බින්කු- මේක දැකලා දෑස් අගට කඳුලක් ආවානම් පුදුමයක් නොවේ මල්ලි, මටත් ගොඩක් දැනුන ක්ලිප් එකක්
අමල් - අපේ රටේ කුල බේදය තියෙනවා, ඒත් අර තරම් දරුණු නෑ
cons - thanks කමෙන්ට් එකට, මම ඒ ක්ලිප්ස් බැලුවා.
අනේ අක්කේ බොහොම ස්තූතියි.. ඇත්තටම හිතට මොකක්දෝ කියාගන්න බැරි සිතුවිල්ලක් ආවා මේක දැක්කම..!ඇත්තෙන්ම ස්තූතියි.. මේක ඉංදියානුවෙක් මුදාහැරිය ක්ලිප් එකක් කියලා දැක්කම මට මතක් වුනේ මචං චිත්‍රපටියේ ඉංදියානුවෙක් අතට සිංහ කොඩිය දෙන දර්ශණය..
අපිට මෙහෙම කරන්න පුළුවන්..හැබැයි අපේ රට කරවන ඇත්තෝ.... මොනා කියයි කොරයිද මංදා.....!
Has anyone actually seen this on TV yet?
Mea wageama add ekak mata mathakai - the orange electricals add made just after the tsunami. It also showed a LTTE kid removing his LTTE uniform and putting on a school uniform :-)
Kawsahala ස්තූතියි.
cool, budajeewa, - ස්තූතියි අදහස් වලට. ඒක තමයි ඔයා කියන කතාව හරි ඒත් අපිම නේද ඒ අයව ඒ පුටු වල ඉන්දන්නෙ? ජනතාව අතේ විශාල වගකීමක් තියෙනවා,මොකද එතනට යන්නෙත් අපෙන් අය නිසා. ජන්ද ක්‍රමය වෙනස් විය යුතුයි. අත දිග ඇරලා සල්ලි වියදම් කරන අය නොව, නියම සුදුස්සෝ ඇමති පුටු වල වාඩි කළ යුතුයි නේද.
නිරෝශනි,- මම හිතන්නෙ නෑ ලංකාවේ මේක ප්‍රචාරය වුනා කියලා.හැබැයි මම මේය යූ ටියුබ් අඩවියේ දැකලා ටිකක් කල්.
malee- නගෝ මටත් හිතුනේ, ඒකයි. රටට ආදරේ කරන පිරිසක් ඇති කල යුතුයි. දැන්නම් මිනිස්සු බොහොම ආදරෙන් සිටින බව දැනෙනවා. ඒ ගොඩක්ම උතුරේ සටන් බිමේ තම පණ නොතකා ක්‍රියාන්විතයේ යෙදෙන අපේ රණවිරුවන් නිසා. ඒ අයට ඒ තරම් කැපවීමක් කරන්න පුළුවන්නම්, ඇයි අපට බැරි ?
තවත් මේවගේ නිර්මාණ (මේ වගේ ඒවට "දැන්වීම්" කියල අමතන්න එපා. මොකද දැන් දැන්වීම් වල තියෙන්නේ පට්ට පල් බොරු නේ ?) තවත් තිබේද ? තියනව නම් සබැඳි දෙන්න බාගන්න.
ඇයි මෙව්වා ලංකාවෙ රූපවාහිනි නාලිකා වල පෙන්වන්නේ නැත්තෙ ?
මේක හදපු ආයතනය මොකක්ද ? ඒ කියන්නේ මේ දැන්වීමේ හිමිකරු ?
budajeewa - this was written as an intro about the clip by vkathirvel who posted the video on youtube
http://www.youtube.com/watch?v=Xy4B5FSN5_I
Director: Rajiv Menon
Producer: Rajiv Menon Productions
Agency: Ogilvy & Mather (Colombo)
Camera: Rajiv Menon
Music: Anandh R
Post Production: Kathir Vel | Selva Kumar
Plot: Srilanka (Ceylon) has seen many years of war and tension. This was a part of their drive to regain its beauty and restore confidence in tourists that it was safe to visit Sri Lanka. This commercial was not approved by the Agency for many reasons. One of which was the singers were not sounding authentic. Anyways, the advert has live and feel to it. It captures the everyday lives of Sri Lankans and they say they want to go an extra mile to achieve their goals. Kids are happy! I love it. Feel good Tv Advertisement.
අන්තිමට තිබුණු හමුදා සහෝදරයාගේ ගෝල් එකනම් නෙතට කදුලක් එක්කලා.
මම ආඩම්බරයි, ඔව් ගොඩාක්. මමත් ශ්‍රි ලාංකික නිසා.
අපි හැමෝම මිනිස්සු කියලා හිතල බේද නැතිව එක්සත් උනොත්, අනාගත පරම්පරාවට නෙමෙයි අපිට උනත් සතුටින් සමගියෙන් ජීවිතේ විදින්න පුලුවන්.
මේ ක්ලිප් එක හේම නලින්ගේ එච් ටී.වී එකට යැව්වොත්නම් ලෝකෙටම පෙන්නයි මගේ හිතේ. හැමෝම ලියන්න ඔවුන්ට මේ වගේ දේවල් ගැන, ඔවුන් උනන්දු වෙයි මේ වගේ දේවල් විසුරුවා හරින්න.
මෙක බැලුවාම ඇත්තටම හිතට අමුතු ගතියක් දැනුනා. ඒක වචන වලින් විස්තර කරන්න නම් මට තේරෙන්නෙ නැහැ.
බෝ අක්කේ,
මේකනං නියමයි. ඔයාට පිං. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මාතා .......කියලා ජාතික ගීය ඇහෙනකොට, මගේ කටින් මිමිණෙනකොට මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. තුර්ය වාදක කණඩායමේ ඉන්දැද්දී ජාතික ගීය වාදනය කරන්නේ පුදුම උද්යෝගයකින් ඒවගේම පුදුම අභිමානයකින්. ඒක අනිත් අයට කොහොමද කියන්න මං දන්නේ නෑ. නමුත් මට දැනුන විදිහ තමයි ඒ. මේ Vedio Clip එක බලද්දීත් මගේ ඇගේ මයිල් කෙලින් උනා. සුපුරුදු හැගීමම හිතට ආවා. හැමෝම එකට එකතුවෙලා මෙගේ රට හදන එක මගේ හීනයක්. ඒක හීනයක් නොවී සැබැවක්ම වේවා කියලා හැමවේලේම මං ප්‍රාර්ථනා කරනවා. මේක බලද්දී ඇත්තටම ඇස්වල කදුළු පිරුණා.
"දැන්නම් මිනිස්සු බොහොම ආදරෙන් සිටින බව දැනෙනවා. ඒ ගොඩක්ම උතුරේ සටන් බිමේ තම පණ නොතකා ක්‍රියාන්විතයේ යෙදෙන අපේ රණවිරුවන් නිසා" ඔයා මේ කියන කතාව හරි අක්කේ. දැං හුගක් අයගේ අතේ සිංහ කොඩිය ලෙලදෙනවා. ඒත් මේ ඔක්කොම යුද්දේ දිනනකං විතරක් වෙයිද කියලත් හිතෙනවා. මේ යුද්දෙන් අතපය අහිමිවෙන, පවුල් අනාථ වෙන සොයුරු සොයුරියන් දෑත් දිගුකරලා භාරගන්න අපි ලෑස්තිද? යුද්දෙ දිනපු ගමන් ඒ අභීත මිනිසුන්ව අපේ මිනිස්සු එක පාරින් හෝ ටිකෙන් ටික අමතක කරයි කියන චකිතය මගේ හිතේ තියෙනවා.
කොහොම හරි මේ රට අපි හදමු අක්කේ. වැඩිපුර එකක් කොහොම හරි අළුත් හොඳ රටක්.
ශ්‍රි ලාන්කිය අභිමානය ජන හදවත් වලට කාවැද්ද්විමේ වැඩපිලිවෙලක් Mother Sri Lanka යන නමින් රජය ආරම්භ කර තිබෙනවා. නමට පමණක් සිමා නොවි සාර්ථකව කරගෙන ගියොත් හොදයි.එහෙම වුනොත් ඉදිරියට සින්හල, දෙමල කොටින් බිහි නොවේවි. කොටින් සාමානය දෙමල ජනතාවගේ සිත්වලට ඇතුලුකර ඇති වැරදිමත දුරුවි මේ රට එකම ලාන්කිය ජනතාවක් ඉන්න රටක් වේවි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1337257463
Post a Comment