Tuesday, 16 September 2008

මගේ සිත සහ අද ලක් මවගේ පුත්තු...S. Mahinda Thero

ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටි යුගයක, කවි පබැදුමට තමන් තුල වූ විශිෂ්ඨ හැකියාව තුලින්, දේශයක් අවදි කරන්නට තම නිර්මාණ ශක්තිය යොදාගත් කවියා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ය.
උන්වහන් සේ ජාතික නිදහස පාදක කරගනිමින් ලියා ඇති කවි සිය ගණනක් මා හට කියවන්නට ලැබුනේ ඉතා කුඩා කල සිටයි. ඒ කවි කියවද්දී, නිරතුරුවම සිහිවුනේ මගේ රටට මා අතින් සිදුවිය යුතු සේවය, යුතුකම් මොනවාද යන්නයි. ඒවගේම ජාති මාමකත්වය, ජාති ආලය යනු කුමක්දැයි මැනැවින් වැටහිනි. පරාධීන නොවී සිටීමේ අගය සිත තුල කා වැදිනි. උන්වහන් සේගේ කවි වලින් ලද ආභාශයෙන් කවි ලිවිය යුතු අයුරු ඉගෙන ගතිමි.
අද විද්‍යුත් ලිපි කියවද්දී. රට කන නාලිකාවකට එරෙහිව ලියූ සටහනක් සමග මා කලකට ඉහතදී සිංහලයා ජාතික ෆෝරුමය වෙනුවෙන් සකස් කරන ලද ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ලියූ කවි කිහිපයක් නෙත ගැටුනා. එනිසා උන් වහන්සේගේ එම කවි කිහිපය‍ පල කල ෆෝරුම ලින්ක් එකත් සමග උන් වහන්සේ ගැන මෙසේ සඳහන් කර තැබුමට සිත් වුනා.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ " ජාතිය රන් විමනක් වේ " - දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශිත ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලද සටහන් සහ තවත් කවි රාශියක් මෙන්න මෙතැන පළ කොට ඇත. කියවන්න කැමති අය කියවන්න

ටිබෙට් ජාතික එස් මහින්ද හීමියන් ලියූ "අද ලක්මවගේ පුත්තු " කාව්‍යය කියවද්දී එදාටත් වඩා මෙය අදට ගැලපෙන්නේයැයි සිතුනා.
මේ උන්වහන්සේ ලියූ මා සිත්ගත් කවි පෙලකි.










4 comments:

නලින් (Boman) said...

හරිම අගෙයි බෝ සොයුරියනි..අප නෙතට හමු නොවන මෙවන් කාව්‍ය අපට සමීප කිරීම ගැන ඔබට අනේකවාරයක් ස්තූතියි.

මහින්ද හිමියන්ගේ කවි විටෙක ඉතා ආවේගශීලීයි..එතුමන් පහර දුන්නේ අපේම දුර්වලතාවයන්ටයි..අද බොහොමයක් ජාතිවාදීන් කරන්නෙ ඒකෙ අනිත් පැත්ත.

Raves said...

Mahinda thero's poems are timeless.

Out of topic, does anyone know of such Mahinda thero type poems written recently?

1wedak said...

අද පවතින මේ ජාතිය කියන සංකල්පය මිනිස්සුන්ව තව තවත් අගතියට ගෙන ‍යන එකක්. මට හිතෙන විධියට මහින්ද හිමියෝ මේ බොහෝ දේවල් කිව්වෙ මේ අද පවතින ජාතිය පිළිබඳ කතිකාව මත නෙවෙයි. බෝ මහතා කිව්ව වගේ ජාතික හැඟීම තුල එතුමා කලේ තනි තනි මනුස්සයව ප්‍රශ්ණ කිරීමක්ද මන්දා. කොහොම නමුත් මිනිස්සු පුංචි පුංචි කණ්ඩායම් විධියට සංවිධානය වීම තුල තමයි වඩා නිවැරදි විශාල කණ්ඩායම් තුල සමාජයක් පවත්වගන්න අඩිතාලම වැටෙන්නේ...

malee_msg said...

බෝ අයියා කියන දේ එක්ක මම සැහෙන්න එකග වෙනවා...
ස්තුතියි බෝ අක්කේ කවි පන්තියට