
සමහරු, සපත්තූ මේස් සහ අර track kits පවා හෙව්වාලු :D
අපේ කට්ටියක් සිකුරාදා හවසට රාත්රී කෑම කන්න සෙට් වෙමුද ඇහුවා.
මම කිව්වා බෑ එදාට මම මැරතන් එකකට ඉන්නවා කියලා. එයාලටත් ඉතින් පුදුමයි, ඒත් මම පැහැදිලි කරලා දුන්නා, නැත්නම් මෙයාල එන්න හදයි මග දිගට හුරේ දමන්න.ඉතින් ඒ බොහෝ දෙනෙක් එදාට මේක බලන හැටි ඇහුවා, ඒ අයටත් දැනගන්න එක්කම බ්ලොග් සටහන් තුලින් ඒ ගැන යමක් එකතු කරන්න හිතුවා.
කොහොම කොහොම හරි අඩු නැතුව සියලු දෙනා එකතු වෙලා වෙබ් පිටු සැකසීමේ පටන් එක දිගට රැයක් දවාලක් නොබලා වැඩකරපු අයුරු දෑක්කම හිතට දැනුනේ ලොකු ශක්තියක් සහ සතුටක්.
විටෙන් විට, සැලෙන තැලෙන, අපි එකිනෙකාගෙ හිත් සනසමින්, ඔක්කොම එක අරමුණකට එකතුවී,තමන්ගේ අත්තනෝමතික මතයන් බැහැර කර, අනුන්ගේ හඩටත් කන් දෙමින් මේ කරපු වැඩ කන්ද හරී උසයි.
බ්ලොග් මැරතන් බලන්නේ මෙහෙමයි..
සිංහල බ්ලොග් මැරතන් එක ගෑන සියලු විස්තර මෙතන තියෙනවා.. එකතු උනේ නැත්නම් දැන්ම ගිහින් ඔයාලගේ බ්ලොග් අඩවියත් යොමු කර එකතු වෙන්න. මෙන්න තැන www.sinalabloggers.com
දැන් 18/19 දින දෙකේම මේ බ්ලොග් සටහන් ලියවෙද්දී, ඒවා බලන්න අතන මෙතන දුවන්න ඕනා නෑ, එකම වහලක් යට සියලුම පල කෙරෙන ලිපි "සින්ඩිකේටරය" මගින් සටහන් වෙනවා.. ඒකත් මහ අපූරු වෑඩක්. අපි මෙතැන පල කරන සැනින් එතැන ඒක සටහන් වෙනවා.. මෙන්න ඒකට මග සින්ඩිකේටරය
ඕගොල්ලොන්ගේ ජී මේල්, හෙවත් ගූගල් ඊමේල් ලිපින මගින් ලොග් වෙන ගූගල් ටෝක් උපාංගයෙනුත් සටහන් පලවන සැනින් ඒ ගැන දැනුම්දීම් සිදු වෙනවා ඒකට මෙන්න මෙයාව ඔයාලගේ ගූගල් ටෝක් උපාංගයට add කර ගන්න marathon@sinhalabloggers.com
තව twitter මගිනුත් දැනුම් දීම් සිදුවෙනවා, එහි ගිණුමක් තිබේනම් හෝ එයට එකතුවන්නේනම් ඒමගිනුත් බ්ලොග් මැරතන් සටහන් දමන පරක්කුවෙන් ඒවා ගැන දැනුම් දෙනු ඇත.
තව බොහෝ විස්තර සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියේ මෙන්න මෙතැන තිබෙනවා ඒකත් බලන්න.
http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch
දැන්මම එකතු වෙන්න, එහෙම නැතත් ඇවිත් බලන්න.
ඔන්න බලන්න බැරි වෙලා පසු තැවිලි වෙන්න එපා
4 comments:
නියමයි :-)
ඔහ්, අර දුවන කෙනා නම් ටිකක් අපේ කාලිංග වගේ :D
:D ඒක නම් හැබෑව
lolz එතකොට ඉබ්බා කවුද ? ආ.ව. ද ? මලින්තද? මම මේ දවස් වල කාටුන් පෙනි පෙනී තමයි ඉන්නේ ඔන්න
ඉබ්බ නං මම වෙන්නත් බැරි නෑ :D
මොකද මට මේ දවස්වල බ්ලොග් අඩස්සිය, ඒ තරං වේගෙන් ලියවෙන්නෙ ම නෑ :-(
Post a Comment