හිත පිරෙන සනහන සිනහවන්
හද නිවන පහදන කතාවන්
පිරුණු සුභ අලුත් අවුරුද්දකට ආසිරි
ආයු බෝ වේ වා
මේ මගේ අවුරුදු පැතුමයි
සිනා දුක් කඳුළු මැද, දළුලමින් ලියලමින්
දිනෙන් දින ගෙවෙන්නේ කාලයයි
විටෙක හරි දුක්බරයි විටෙක හරි සුන්දරයි
ජීවිතය කියන්නේ එයටමයි
වසරකින් තවත් නව වසරකට පියමනිමු
හිත පුරා දැනෙන්නේ හිස් කමක්
අපේ මඩි තර කරන් අනුන් හිත් තෙරපමින්
කුමක් කෙරුනෙද ලොවට අපි තුලින්
නුඹත් කෙරුවෙද සෙතක් නගන්නට මේ දෙරණ
පසු තැවිලි නොවන්නට කල්පයක්
තිරිසනුන් අමනයන්, කුහකයන් පිරුණු ලොව
මිනිසෙක් වෙයන් සොඳුරු නුඹ උතුම්
ඔබ හැම වෙත ආදරයෙන් නව වසරට ආසිරි...
බෝ
2 comments:
ඔබටත් සුභම සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවන්නාවූ ශ්‍රී සුභ නව වසරක් වේවා!
Post a Comment