
මේ ගීතය ඔය කවුරුවත් අසා නැතිවාට සැක නෑ, මොකද මේ ගීයට පෙම්බැඳ මේ ගීතය ගයන්නේ කවුරුන්ද කියා සොයමින් සිටි අපේ "හිත හොඳ අක්කා" අපෙන් මේ ගීය ගැන ඇහුවම (වසර 4 කට කලින්) අපිත් තක් බීර් උනෙමු. කවදාවත් අහන්න නොලැබුන ඒ ගීයඅපි හිතපු ගායකයන් කිසි කෙනෙකුන්ගේ ලයිස්තු වල නොතිබිනි..
"අක්කට ෂුවර්ද ඕක සිංදුවක් කියලා, එහෙම සිංදුවක් තියෙනවද ? " මේ මීට වසර කීපෙකට කලින් අපි කියු දේවල් සමහරක්.
" එක්කො ඕක හීනෙන් ඇහෙන්න ඇති" අදත් එහෙම කිව්වා, අපි බයිට් කරාට අක්කා කිව්වෙ නම් එහෙම සිංදුවක් තියෙනවාමයි කියලා, පස්සෙ මම ගූගල් එකේ සොයා බැලීමක් කරා ,අද. මෙන්න සිංදුව වාදනය වන ලින්ක් එකත් එක්කම හම්බුනා හරි අපූරුවට . හිත හොඳ අක්කා අවුරුදු 4 තිස්සේ හොයපු සිංදුව අද හම්බුනා. අක්කාටනම් අද හොඳටම සතුටු ඇති. අම්මෝ අපිටත් පුදුම සතුටක් තමයි දැනුනේ. අදට වඩා ඒ කාලෙ අපෙ තාක්ෂනික දැනුම ඉතින් බොහොම පහත් අඩියකනෙ තිබ්බෙ.
සිංදුව ගැන යමක් කිව්වොතින් , ඇත්තටම දරුවෙක්ගේ හිතේ තම මව කෙරෙහි ඇති වෙන අසීමිත ආදරය මේ වදන් පෙළෙන් අපූරුවට කැටි කර තියෙනවා. බුදු සිරිතේ අපි දකින් ශ්‍රේෂ්ඨතම කාන්තා චරිත වලට තම මව උපමා කරන්නේ, දරුවකුගේ සිතින් දෝරේ ගලන අපීරිමිත සෙනෙහසමය. මවු කුස පීළිසිඳගත් දා පටන් ඒ දරුවාගේ හදගැස්ම දස මාසයක් තිස්සේ දැනෙන්නේ අම්මාටයි. ඉතින් මේලොවට බිහිවූදා පටන් අපේ සෑම චිත්ත සංතාපයක්ම , අර අපි කාතාවට කියන්නේ, අපි හැරුනත් අම්මාට දැනෙනවා කියලා, ඒ වගේ අපේ සිතුම් පැතුම් වෙනස්වීම්, දුක් වේදනා සොම්නස් හැඟීම් අම්මාට විගසින් දැනෙන්නේ ඒ නිසාමයි මට සිතේ.
විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ...
ගායනය : විජේසිරිවර්දන පොලොන්නෝවිට මහතා ( Mr. Wijesiriwardena Polonowita)
විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ
යසෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ
මහ මායා ඔබ මා දුටු බුදු සිරිතේ
මා දුටු බුදු සිරිතේ
දෙදෙනෙකුගේ කුස ගින්දර එක කුසකට දැනුනානම්
දෙහදක ඇති දුක් ගින්දර එක හදකට දැනුනානම්
විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ
කිරි බිඳ බිඳ දෙතොලග තවරාලා
ඉර හඳ තරු පෙන්වා දීලා
මිනිසෙකු වන සැටි පහදා දී ලෝකය හැදූ වැඩූ අම්මා
අම්මා....
සිංදුව අහන්න කැමතිනම් මෙන්න අහන්න
2 comments:
ස්තූති මේක පල කිරීම ගැන
අතීතයේ සිට කාන්තාවට, මවට, සහෝදරියට, දියණියට, බිරිඳට ගරු කිරීමට හැකියාවක් ඇති සමාජයක් අප රටෙහි පැවතුන බව අන්ධයෙකුට පවා පෙනෙන විට, ඊනියා ස්ත්‍රි වාදින් ලිප්ටන් වට රවුමෙ සොකරි නටන්නේ ඇයි දැයි සාධාරණ සැකයක් ඇතිවේ.
Post a Comment