ඇමති තාත්තාගේ බලයෙන් නිලයෙන් ගොඩක්ම බැබලෙන්න හදන්නේ ඉතින් පුත්තුනේ. සමාජයේ ගොඩක් හයිරම් පාන්ට යන්නේද. අහිංසකයන් තලා පෙලා දමන්ට පෙළඹෙන මොවුන්, වාසි තැනට එකතු වෙති. නිතර තරු පහේ හෝටල් වල ගැවසෙන මොවුන් අර මන්දිර වැනි වාහන වලින් නගරය පුරා සැරිසරති, රාත්‍රී සමාජ ශාලා වල රැය පහන් කරති, දබර කරගනිති. අන්තිමේදී මොවුන් නඩත්තුවට වැය වෙන්නේද අප රටේ විනිමය නොවේද?
ඒත් මම අහලා තිබෙන රජ්‍ය නායකයෙක්ගේ , මහා අමාත්‍ය කෙනෙකුගේ පුතෙක් ගැන කතාවක් මේත් එක්කම ලියන්ට හිතුනා, තාත්තා රටේ අග්‍ර පුරවැසියෙක් උනත් මේ දරුවන් සියලු දෙනා හැදුනේ බෞද්ද වටපිටාවක. එනිසා ඔවුන් සියල්ලෝම සාමන්‍ය ජනයා යන එන බස් වල යන්නත් මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නත් දැන සිටියා. මොහු ඉගෙනුම ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ උනත්, ඔහු ගේ පියා ගැන කිසිම දිනක සඳහනක්වත් කරේ නෑත. පුස් බයිසිකලයකින් කැම්පස් එකට එන මොහු, කිසිම දවසක තම ඇමති පියාගේ වාහනයක එන්නේ නැත. ඔහුගේ උපන් දිනය දවසට ඔහු කරන්නේ වට පිටාවේ සීටින දුප්පත් හිඟන මිනිස්සුන්ට රෙදි පිලි අරන් දී ඔවුනට ආහාර පාන ලබා දීමයි, මට මේ බව පැවසුවේ ඔහු සමග ඉගෙනුම ලැබූවෙක්. එමෙන්ම පසු කාලීන පුවත් පතක ඔහු ගැන ලියවී තිබුනු ලිපියකත් මේ ගැන ලියා තිබුනා.
6 comments:
කලාතුරකින් අහන්නට ලැබෙන දෙයක්
කලාතුරකින් උනත් එවැනි අයත් ඉන්නවා... අදහස් දැක්වූ ඔබට ස්තූතියි,ඔබේ අඩවිය මම බැලුවා, කියවන්න බොහෝ දේ එහි පල වෙනු ඇතැයි සිතමි.
ඒක ඇත්ත. මටත් හිටියා යාලුවෙක් (දැන්නම් ඔහුත් නියෝජ්‍ය ඇමති වරයෙක්). අපත් සමඟ එක පන්තියේ හිටිය ඔහු කවදාකවත් ඔහුගේ තාත්තගේ රැස් භාවිතා කලේ නැහැ. :)
පුදුම හිතෙනව
අපෙ ගමෙ නාගරික සභා අැමතිගෙ බල්ලටත් අපි මිස්ටර් කිව්වා
Akki, why don't you add a tag board or a shout box to your blog?
දුර්ලභයි, නමුත් ඉඳල හිටල එහෙම පුත්තු ඉන්නවා. කලුනික වගේ.
Post a Comment