Sunday, 16 March 2008

හිත මිතුරු සුවඳ.. Friends forever



හුදෙකලා වෙනවාය කියන්නේ අමුත්තක් නොවේ මගේ දිවියට, කුඩා කල පටන් සෙනග ගැවසිච්ච ජනාකීර්ණ පරිසරයක හැදුනු මට එකපාරම ඈතකට ගිහින් තනි වෙන්න උනහම දැනුනු සාංකාව මෙතැකැයි කියන්න බැහැ. මං හිතන්නේ මට මේ තරම් කවි ලියන්නට පෙළබුවේද ඒ හුදෙකලාවයි.නමුත් , ඒ එක්කම මා වටේ නේවාසිකාගාරයේ සහ විශ්ව විද්‍යාලයේ ඇතිවුන හිතමිතුරු සබඳතා හිතට ගෙන ආවේ විශාල ශක්තියක්.

විටෙක මා වටා සිටි සියල්ලන්ගෙන් ඈත් වන්නට සිදු වුවද, විටෙක නොයෙක් මත ගැටුම් නිසා හිතවත්කම් බිඳ වැටුනද , ආයෙත් සැරයක් හමු වුනහම පසුගිය නොහොඳ නෝක්කාඩුකම් අතහැර පෙරමෙන් සුහදව කතාකරන්නට තරම් අපේ හිත් මිතුරු බැම්මෙන් බැඳී තිබුනා.
විවිද හැල හැප්පීම් නිසාවෙන් නිරතුරු වෙනස්කම් වලට ලක් වෙමින් ඒ දළුදාපු සබඳතා තවත් සවි ශක්තිමත් වෙනකොට හිතට දැනෙන්නේ සහනයක්

4 comments:

ජය said...

හුදකල වීම තුලින්,
ඔබට ඔබ වෙනුවෙන්ම වෙන් කිරීමට ලැබෙන කාලය කොතරම් වටිනවද?

Piyasatahan said...

තමා වටා ගොඩනැඟුණු මිතුරු දම්වැලේ වාරුවෙන් හුදකලාව බිඳ දැමූ මොහොතක්. රසවත් සිතුවිල්ලක්. ඔබට ජය!
සමබර

Anonymous said...

තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ

Purnima said...

Quite true Bo :) The best time that brings sparkling thoughts is when we are on our own.