Tuesday, 29 January 2008

දැන් සිංහලෙන් ලියමි

සිංහලෙන් ලියූ බ්ලොග් සටහන් කියවද්දී මටද මේ අයුරින් ලියන්න පුළුවන් නම් කියා සිතුන වාර අනන්තයි. කීප දෙනෙකුගෙන් ඇසුවත් එයට හරියටම උපදෙසක් නොලැබුනු නිසාම වෙබාලෝචන නැමැති බ්ලොග් සටහන් ලියන ආනන්දවර්ධන මහතා වෙත ඊමේලයක් මගින් මට මේ සඳහා කළ යුත්තේ කුමක්දැයි අසා විමසුවා. ඉතා කෙටි කාලයක් තුල හැරෙන තැපෑලෙන් මට සියලූ උපදෙස් සහ ඊට අවැසි මදුකාංග ලබාගත යුතු වෙබ් අඩවි සහ නිසි පියවර සඳහන් කර අවැසි උපදෙස් ලබා දුනි.
සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහය වෙත මේ සඳහා උපදෙස් විමසා මා යොමු කළ විද්යුත් පණිවිඩය ඔස්සේ මට එ සඳහා අවශ්ය සියලූ උපදෙස් හා පියවර සටහන් කොට එවු මලින්ත මහතාට ස‍‍‍හ
වෙබාලෝචන හි ආනන්දවර්ධන මහතාට ‍‍මාගේ ස්තූතිය පුද කරමි
ආයුබෝ වේවා !

3 comments:

Dasun Sameera - දසුන් සමීර said...

මම දන්නා පරිදි ඔබ තමයි පළමු සිංහල ‍බ්ලොග් රචිකාව.
දිගු ගමනකට ආසිරි෴

Malinthe Samarakoon said...

මගෙනුත් සුභපැතුම්! :)

Anandawardhana said...

අනර්ඝයි! ජය වේවා!!