Wednesday, 19 March 2014

Sensless thoughts..හිමි අහිමි

තමන් හිසට තම අතමය සෙවනැල්ල, අනුන් බලා සිටියොත් වෙයි වැලපිල්ල
කවදාකවත් අනුන් මත්තේ යැපෙන්න යන්න එපා, කියන දේ පොඩි කාලෙ ඉඳන් අපෙ දෙමාපියන් අපට හුරු පුරුදු කල දෙයක්.
එහෙම නොවුනානම් අනුන්ගෙන් කඩාවඩාගෙන ජීවත් වෙන පරපෝෂිත ලජ්ජාසහගත ජීවිත ගත කරන අමනුස්ස ගොන්නට අයත් වෙනවා නො අනුමානය.
අද වෙද්දි හිමි කරගත් දේ අතර හොඳම දේ දකිද්දී, මට ඇතිවෙන්නේ සතුටක්
කාගෙන්වත් කිසි දෙයක් කඩා වඩාගෙනවත්, කාටවත් අනතුරක් කරලා, හානියක් කරලවත් කිසි දෙයක් හිමි කරගෙන වැඩක් නෑ කියන දේ අපි දැන උගත යුතුයි.
නැති බැරි කමට අතපා යමක් සොයාගන්න එක වෙනම දෙයක් නමුත් ඕනෑ තරම් තියෙද්දී තව තවත් වස්තු සම්බාරයන්, බව භෝග එක් රැස් කරන එක ගැනයි මම මේ කියන්නේ ඒ වගේ හොයාගන්නා හිමි කරගන්නා දේ තුලින්, පොඩි කාලයකට සතුටක් ලැබුනත්, ලජ්ජාසහගතව ජීවිත ගෙවීම තුලින් කවරදාක හෝ හිතට පසු තැවීමක් ඇති වනු ඇත.
අද මගේ පොඩි නංගී සමග කතාබස් කරනකොට ඔන්න ඔවැනි දේ ගැන අද අපි දෙන්නා වැඩි වශයෙන් කතා වුනා. ජනතාවගේ මුදල් වලින් , රටේ සල්ලි වලින් තම බැංකු ගිණුම් පුරවාගන්න දේසපාලුවාගේ ඉඳන්, අත යටින් අල්ලස් ගන්න නිළදාරියා දක්වා හැම තලයකම දකින්න ලැබෙන්නේ මේ දූෂිත ක්‍රියා දාමයයි.
"හිමි නම් හිමි, අහිමි නම් අහිමි.. ඕකයි ජීවිතේ හැටි" අපි කුඩා කාලේ එතරම් දැඩි දුකක් නොවින්දද සැප සම්පත් වලින් අනූන ජීවීතයක් ගත කලේද නෑ. නමුත් කවදාවත් අපට අහිමි දේවල් ගැන හිත හිතා දුක්වෙන්නවත්, හිමි නැති දේ හිමි කරගන්නවත් උත්සහ කලේ නෑ.
ජීවිතයේ දුක් දොම්නස් සියල්ල එක වගේ විඳින්න අපි හුරු විය යුතුයි කීයා අම්මා නිතර කිව්ව දෙයක්, මොකද අපෙ අනාගතේ කොහොම වේවිද කියලා අපිට කියන්න බෑනේ.

1 comment:

nidhahasa said...

බෝ
නමුත් අපිට පොඩි කාලෙ ඉඳන්ම මාධ්‍ය විසින් පෙන්නන්නෙ අහිමි දේවල් ගැන හිතල පසු තැවෙන එකනෙ. යථාර්තයෙදි අපි ගොඩක් අසරණයි.