ලියන දෙයින් ලොව සනහා මෙත් මල් දම් පතුරවන්න
අසන දෙයින් මට වගේම ඔබටත් සතුටක් දැනෙන්න
රුදුරු වදන් පිට ලියලා හඬන සිතක් නොම තලන්න
මිතුරු වෙසින් එන සතුරන් හැමටම එක සේ සිටින්න
කියන කියුම් ගැන හිතලා පලක් නොවේ මැයි සිතන්න
ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න
රිදෙන නිසා කෑ ගසනා අමිනිස් හිත් නොම තියෙන්න
ලියන සියල් මිනිසුන්ගේ හිත් නොතලා නුඹ ලියන්න
මහගම සේකර කවියාගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය අපි නැවත මතක් කරගත යුතුයි...
අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.
කවිය නොකියවා කවියා කියැවීම බෙහෙවින් දක්නට ලැබෙන දෙයකි. කෙනෙකුගේ අනන්‍යතාවයට ගරු කරන මිනිසුන් බ්ලොග් අවකාශයේ නොසිටීම මේ සියල්ලටම හේතුවයි.
සියල්ලන්ගේම වෛර සිතුවිලි නැතිවී, ද්වේශයෙන් පසුවන සියල්ලන්ගේම ද්වේශ සිතුවිලි නැතිවී ඔවුන් ගේ කිළිටි වූ සිත් සතන් නිවී සැනහේවා යන්න මගේ ඒකායන පැතුමයි.