Saturday, 25 April 2009

කවිය නොකියවා කවියා කියැවීම.

ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න...

ලියන දෙයින් ලොව සනහා මෙත් මල් දම් පතුරවන්න
අසන දෙයින් මට වගේම ඔබටත් සතුටක් දැනෙන්න
රුදුරු වදන් පිට ලියලා හඬන සිතක් නොම තලන්න
මිතුරු වෙසින් එන සතුරන් හැමටම එක සේ සිටින්න

කියන කියුම් ගැන හිතලා පලක් නොවේ මැයි සිතන්න
ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න
රිදෙන නිසා කෑ ගසනා අමිනිස් හිත් නොම තියෙන්න
ලියන සියල් මිනිසුන්ගේ හිත් නොතලා නුඹ ලියන්න



මහගම සේකර කවියාගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය අපි නැවත මතක් කරගත යුතුයි...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.

කවිය නොකියවා කවියා කියැවීම බෙහෙවින් දක්නට ලැබෙන දෙයකි. කෙනෙකුගේ අනන්‍යතාවයට ගරු කරන මිනිසුන් බ්ලොග් අවකාශයේ නොසිටීම මේ සියල්ලටම හේතුවයි.
 සියල්ලන්ගේම වෛර සිතුවිලි නැතිවී, ද්වේශයෙන් පසුවන සියල්ලන්ගේම ද්වේශ සිතුවිලි නැතිවී ඔවුන් ගේ කිළිටි වූ සිත් සතන් නිවී සැනහේවා යන්න මගේ ඒකායන පැතුමයි.

14 comments:

-බිன்ku- said...

අකෙකාචිජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනයහනති
වෙරං තෙසු'පසමමති

මේ ධම්ම පදයත් අක්කාටත් ඔවුන්ටත් පොදුයි. අක්කාගේ මේ නැවත පැමිණිම, සැනසීමත් දැකීම සතුටක්. ඒ කෙනෙකු අක්කාට නිසි ගෞවරකින් හෝ කතා කිරිම ගැන පැසසිය යුතුයි. එහු ඇතුලු අයත් ඔවුන්ගේ බිලෝග් වල ඇති වමවැනි දෑ අයින් කිරිම වඩා යෙහෙයකි.

කෙසේ වුවත්,
උන්ගේ මුන්ගේ අරවාට මේවාට නෙවැටි ඉදිරියට යෑමයි වටින්නේ. එයයි අපේ නියම ලාකේය බව, බෞද්ධ බව. ඉවසා දරමු, යමු ඉස්සරහට, ඒ අයගේ මුඩකම් මග හැර යන්න දිගටම.

Anagi said...

you are a well known poet. nosali idiriyata yanna. sadly anyone can post anything against anyone they hate. thats the stupidity of internet but people can take legal action against them. So they gotta b careful.

Supun Sudaraka said...

අනිවාර්යයෙන්ම... මෙවැනි අමන පුද්ගලයින් නිසා තමන්ගේ ඉදිරිගමනට බාධා පමුණුවාගන්න එපා. එයින් සැලුනෝතින් තමයි ඔවුන් දිනුවා වෙන්නේ... ඉදිරියටත් නොසෑලී සිටීමයි වැදගත්...

Gaveen said...

ආවඩා ආයුබෝ! :)

කුමාර සෙනෙවිරත්න said...

සබද අපි කදු ෙනාෙවමු උනුන් පරයා නැෙගන
සුනිල දිය දහර ෙවමු ඒකම ගගකට අැෙදන...

චණ්ඩ මාරුතයෙන් කැඩී බිදී සුනු විසුනු වී යන්ෙන් දුර්වල ගස්ය.නමුත් තම ශක්තිය ෙෙධර්යය ෙකාෙතක් දැයි තමාට උරගා බැලීමට නම් බාධක අවශ්‍යය.ඒවිට තමා ජීවත් වනවා යන්න දැෙන්වි.

වැෙටන්නට බිය ෙනාවන්න. මන්ද යත් නැගී සිටින්ෙන් වැටුනු මිනිසකු පමණි. උදාරත්වය නම් ෙනාවැටී සිටීම ෙනාව වැෙටන හැම විටම නැගී සිටීමයි.

කුමාර සෙනෙවිරත්න said...

සබද අපි කදු ෙනාෙවමු උනුන් පරයා නැෙගන
සුනිල දිය දහර ෙවමු ඒකම ගගකට අැෙදන...

චණ්ඩ මාරුතයෙන් කැඩී බිදී සුනු විසුනු වී යන්ෙන් දුර්වල ගස්ය.නමුත් තම ශක්තිය ෙෙධර්යය ෙකාෙතක් දැයි තමාට උරගා බැලීමට නම් බාධක අවශ්‍යය.ඒවිට තමා ජීවත් වනවා යන්න දැෙන්වි.

වැෙටන්නට බිය ෙනාවන්න. මන්ද යත් නැගී සිටින්ෙන් වැටුනු මිනිසකු පමණි. උදාරත්වය නම් ෙනාවැටී සිටීම ෙනාව වැෙටන හැම විටම නැගී සිටීමයි.

kasun said...

ඒ comment එකක් වත් අක්ක ලියපු ඒවා නොවන බව ඕනම කෙනෙකු පේනවා. ඒ නිසා කණගාටු වෙන්න එපා.
මෙවැනි දේවල් වලින් කලකිරීම් ඇතිවෙන එක ඇත්ත. ඒත් මේ යුගයේ අපිට දකින්නට ලැබෙන්නේ ඔය වගේ අමන ප්‍රතිචාරයන් තමයි.

http://bodhini.blogspot.com/2008/03/blog-post.html

දිලාන් said...

ඔබ මෙතුවක් කල් ලිවේ කිසිදු කණ්ඩායමකට අයිති නැති නිදහස් චින්තකයෙකු ලෙසිනි.මේ අපහාස එල්ලකරන නිවටයින්ට හා එයට අනූබල දෙන්නන්ට දිය හැකි හොදම පිලිතුර නම් පෙරටත් වඩා හොදින් නිර්මාණ බිහි කිරිමයි.මෙතුවක් කල් ඔබ වටා සිටි රසිකයන් ඉදිරියටත් ඔබ සමගම සිටිනු ඇත.

උන්මත්තක said...

අපහාස කරුවන් සිදුකරන තවත් දෙයක් තියෙනවා. කෙනෙක්ගේ අදහස්වලට අකමැති නං ‍මොකක් හරි කඳවුරකට අයිතියි කියල(ඔබගේ අදහස් ස්වාධීන වූවද) මඩ එල්ල කරනවා. ඇයි එතකොට කඳවුරේ අය කරන වැරදිවලටත් ඒ කෙනාටම මඩ ගහන්න පුළුවන්නේ. අනුන්ට කඳවුරු කාරයෝ කියන අයම තමා එක කඳවුරකට වෙලා ප්‍රතිවිරුද්ධ මත දරන අය මර්ධනය කරන්නේ. මේ කියන දේ දෙපැත්තටම අඩු වැඩි වශයෙන් හෝ අදාලයි.

Beyond Frame ගේ නමින් වෙනත් බ්ලොග් වල යොදන ප්‍රතිචාර "මඩ" ලෙස සැල‍කීමත් වෙනත් කෙනෙකුගේ නමින් Beyond Frame අඩවියේ ප්‍රතිචාරයක් යෙදීම "මඩක්" නොවේ යනුවෙන් අපූරු අර්ථකතනයන්ද ලබාදී ඇත.
beyond frame අපේ මළකඩ කාපු ඔළු පිරිසිදු කරන එක ඇත්තය. එය වෙනම කතාවකි.
බ්ලොග් අවකාශයේ අදහස් පාලනය කිරීමට "දේශප්‍රේමීන්වත්" ලෙස කියාගන්නා අයවත් "දේශ‍ද්‍රෝහීන්" යැයි හංවඩු ගැසූ අයවත් අවශ්‍ය නැත.

අභියෝග, නින්දා, අපහාස හමුවේ නොසැලී කට යුතු කරන්න. ඔබට ජයෙන් ජය.
ඇතැම්විට මේ ප්‍රතිචාරයෙන් පසු මාද දඩයම් කලයුතු ලැයිස්තුවට වැටෙනු ඇත.

NuwanC said...

සයිබර් අවකාශයේ නොයෙකුත් විරයන් ඇත. එයට හේතුව නම් එ අයව අපට සජිවී ලොකයේ දැක ගැනිමට ටිකක් අපහසු වීමයි, බැරෑරුම්ම කාර්ය්‍ය වන්නේ ඔවුන නමක් ගමක් වතගොතක් නැතිව පැමිණිමයි.

ඒ කොන්ද පණ නැති කාඩ්බෝඩ් විරයින්ට බිය නොවි නොසැලි ඉදිරියට යන්න හිතට ගන්න.

ඒ ශක්තිය සැබැ මිනිසුන්ට ඇත. එම නිසා සැබැ මිනිසේකු සේ උත්සහයෙන් ඉදිරියට යන්න, මියෙන තුරු නොනවතින්න.

gangster said...

ඕවා වැඩිය ගණන් ගන්න එපා...! දිගටම ලියන්න...
මමත් කියෙව්වා ඔයාගේ බ්ලොග් සටහන් සහ නවකතාව..මමත් අදින් පසු මේ බ්ලොග් එකේ රසිකයෙක්..

Life said...

ඔබ සඳහන් කරනා දෙය මට එතරම් පැහැදිළි නොවුවත් මට එක් දෙයක් පමණක් කිව හැකියි. සමාජයත් සමග ගනුදෙනු කරන විට උපේක්ඛාව ඉතාමත් ප්‍රයෝජනවත් ක්‍රමවේදයක්. ඒත් ඔබ කවියේ සඳහන් කරන පරිදි මිතුරු වෙසින් එන සතුරන්ටත් එක ලෙස සැලකීමේ හැකියාව මට නම් නෑ.

අන් මත නොඉවසන්නන්ට අවසානයේ අත්වන ඉරණම පසක් කර ගැනීමට කොටි සංවිධානයේ අවසානය සිහිතබා ගැනීමම ප්‍රමාණවත්.

මොන බාධාවන් ආවත් ඔබේ කවි සිත එයින් අධෛර්යමත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා!

Itinerant Islander said...

was refreshingly rare to have read some touching poetry in my mother tongue, in internet, though probably due to my limited exposure to sinhala blogsphere, never though I'd miss much; yet, realised I was wrong after reading yours...
i'm deeply indebted to one of the poets close friends for showing the light this way here.
realised its been a long time since the blog has seen the flow of your fountain, please don't let it dry and put and end to your way of life, world would no doubt miss it!

තිස්ස දොඩන්ගොඩ said...

මේක ලියන්නෙම නැද්ද දැන් ?

කරුණාකර ලියන්න අප කියවනවා මෙය