අද !
බොහෝ කාලෙකින් ඉර නැඟෙනු දුටුවා !
අලුත් දවසක්
අලුත් එළියක්
අලුත් අරමුණු බොහෝමැයි
ඉර එළිය නුදුටු දෙනෙතක් ඒ ඉර එළිය දිහා බලාගෙන මද සිනහ නගනු දුටුවා...
සහන් එළියක්
සිහිල් සෙවනක්
හිතේ සැනසුම මෙතැනමයි !
ඇස් දෙකම පෙනෙන්නේ නැති අත්තම්මා කෙනෙක් මූණ අතගාලා හැඩරුව "බලාගත්තා" !
දුටිම් ලොව නෙත් දෙකින්
අඳව ගිය මුත් ඉතින්
පාට හැඩරුව නිතින්
දැනේ 'ඟිලි තුඩු අගින්
ඒ අතර,
මං මාත් එක්ක යුද්ධෙක
මගෙ හිතත් එක්ක යුද්ධෙක
සිත නිවා ගන්න යුද්ධෙක
ඉන් දිනාවිද මමත් දවසක..
බෝ
9 comments:
දකින ලොව නෙත් දෙකින්
කළුද සුදුදැයි බෙදන්
නටන හැටි හැම බලන්
ඉඳිමු සුසුමන් හෙලන්
දකින තම නෙත් දෙකින්
විවර කැර සිත් පියන්
එතුළටම කිඳීයන්
සිත නිවා දිනාපන්
අක්කේ, සමාවෙන්න අක්කේ. මට පොඩ්ඩක් මිටර් මදි වගේ...? පොඩ්ඩක් පහදලා දුන්නා නම් අක්කේ?
අක්කව මතක තියාගන්න ඕන කෙනෙක් කියලා ඒ අත්තම්මට හිතෙන්න ඇති.
අලුත් අරමුණු :
අපිට තිබෙන අරමුණු වලින් සැම එකකටම සාර්ථකව ලබා වෙන්න හැකි වෙන්නේ නැ.හුගක් වෙලාවට එහෙම වෙන්නේ අපි පිහිටුවාගන්න ඒ අරමුණු වලට ලගාවෙන්න අපි ප්රමානවත් තරම් උත්සාහ නොගන්න නිසයි.
අපිට අරමුණුවලට ලගා වෙන්න බැරි වුනාම හිතට දැනෙන්නේ වේදනාවක්.ඒ නිසා පිහිටුවාගත් අරමුනු වලට ලගා වෙන්න හරි මාර්ගය තෝරාගෙන උත්සාහ ගන්නවානම් අර වේදනාවන් අත් නොවේවි.
සමහරක් අය ප්රයෝගියව ලගා වෙන්න බැරි අරමුනුත් පිහිටුවාගන්නවා.එක නම් හොද දෙයක් නෙමේ.
පැහැදිලි අරමුණක් වෙත
නිවැරදි මාර්ගයක
නොපසුබටව
ඉදිරියටම....
අක්කාගේ මේ කවි සංකල්පනාවට මට පහල වූ අදහස ගැලපේ දැයි නොදනිමි. කෙසේ නමුත් යම් තාක් දුරට ගැලපේ යයි සිතමි කැමති නම් පල කරන්න.
සැබෑවක් වේද මේ
දකින දසුනේ අරුම
සිරකලා නෙත් ඉමේ
මා සිතුම් දිය ගගුල
හැඩයක්ව ජීවිතේ
මා දෙනෙත් අතර හිද
මතුකලා නුඹ සෙනේ
සතර කොන් අතර මැද
දැවීමද නිවීමද
ඒ තුළය මා මැවුව
නිමාවක් සොයමි මා
මුලාවක මා මැවුව
අපූරුයි කවිය නම්..
හිතත් එක්ක යුද්ධ කරලා දිනන්න නම් බොහෝ දේවල් තව කරන්න තියෙයි නේද?
අනිවාර්යයෙන්ම ඔබ ඒකෙන් ජයග්රහනය කරාවි නංගි....
අපුරු නිර්මාණයක්!!!!!!!!!
අතීතය ආවර්ජනය කරනකොට මටත් සමහර වෙලාවට හිතෙනව මමත් අන්ධ වෙලා හිටියද කියල. ඇස් දෙකම හොඳට පෙනුනත් ලෝකයේ ස්වභාවය හරිහැටි නොදැන අමාරුවේ වැටුණු වාර අනන්තයි.
ඒත් අතීතය ආවර්ජනය කිරීම අපි අපිත් එක්ක ඒ කියන්නෙ අපේ සිහිනත් එක්ක කරන සටනට වැඩි රුකුලක් වෙන එකක් නෑ.
Post a Comment