Sunday, 22 March 2009

කවි නෙමෙයි....

යුද ජයග්‍රහණ ගැන ඇසෙන අතරම අපේ ත්‍රිවිද හමුදාවන් වල සොයුරු සොයුරියන්, ත්‍රස්තවාදයට එරෙහි මේ යුද්ධයේ අවසනක් දකින්නට වෙහෙසෙන අයුරු දකින්නට ලැබේ. ඒ එක්කම තම දිවි පුදා බොහෝ ත්‍රස්ත ක්‍රියා වැලැක්වූ අප හමුදාවල සොහොයුරන් ගැන නිරන්තරයෙන් පුවත් පත් වලින් කියවන්න ලැබේ.
මරණයට බොහෝ අය බිය වෙති. මැරෙන්න බය නිසාවෙන් ජීවත් වෙන්න ඇති කැමැත්ත නිසාවෙන්, බොහෝ දෑ කරති. නමුත් තමන් ඊළඟ මිනිත්තුවේ මැරෙන බව දැන දැනම මව් බිම රැකීමට පෙරට යන ඔවුන්ගේ ඒ එඩිතර කම, සහ සවිය මොන තරම්ද ? සැබෑ වීරයන් ඔවුන් ය. මා ලියන්නේ යුද්ධය ගැනවත් මිනිස් ඝාතන ගැනවත් නොවේ. එහි සිට අප ආරක්ෂා කරන අපේ සොහොයුරු සොහොයුරියන් වෙනුවෙනි.

කවි නෙමෙයි කඳුළුයි දකින්නේ....

දොරින් දොර පැතුමන් නැගෙන්නේ
නුඹ ජයයි උන් හැම පතන්නේ
පුවත් ඒ දෙස සිට ඇසෙන්නේ
සෙමින් විත් හදවත සලන්නේ

මායිමෙන් පිට ගිනි බිඳින්නේ
ඒ දෙසින් වෙඩි හඬ ඇසෙන්නේ
වීරයන් ජීවිත පුදන්නේ
ඒ දුකයි කවිකර ලියන්නේ

පුතුන් තම දිවි පුද රකින්නේ
මවුන් ළය සුසුමන් නැගෙන්නේ
ඒ සුසුම් හදවත සලන්නේ
කවි නෙමෙයි කඳුළුයි ලියන්නේ

බිඳෙන් බිඳ කරුවල නැසෙන්නේ
අළුත් ඉර කවදද නැගෙන්නේ
රුපුන් ඔද විරුවන් බිඳින්නේ
හෙටක් ඒ දෙනෙතින් දකින්නේ

නසා රුදු කොටි බලය
දිනා උරුමය සවිය

දිනා උතුරද නිබඳ
නැවත එනු මැන සබඳ...

මේ කව අපේ හමුදා සොහොයුරන් , සොහොයුරියන් වෙනුවෙනි.
තම දිවි දෙවෙනි කොට මව් බිම රකින ඔවුන් හට තෙරුවන් සරණයි !

6 comments:

Constantin Demiris said...

A timely article and poem. Thank you! :o)

කැඩපත said...

අප ජිවිත සුරැකි ඇත්තේ ඔවුන් හෙලු රුධිරයේ ශක්තියෙනි. ඒ වෙනුවෙන් ඔවුන්ට යුධබිමේදි එකතුවි සවියක් වන්නට නොහැකි වුවද ඔවුන්ට අත්වැලක් වන්නට හැකි අයුරකින් දායක විය යුතුය. අපි වෙනුවෙන් අපි.

malee_msg said...

අනේ ඔව්.. සටන් බිමේ යුධ වදින් හැ‍මකෙනෙකුගෙම ජිවිත වලට සියලුම ආරාකෂාව ලැබේවා!

SRIshanu said...

අළුත් හිරු මොහොතින් නැගෙන්නේ
අළුත් ලොව අප හැම පතන්නේ
නෑ සැකක් ඒ ලොව නගන්නේ
ලේ බිඳයි රණ විරු පුතුන්නේ

ආගන්තුකයා said...

මම දකින පැත්ත මම ටිකක් කියන්නම්... මේ ඇත්තටම මම කියන්නේ දේශද්‍රෝහියෙක් හින්දවත් හමුදාවේ කකුලෙන් අදින හින්දාවත් නෙමෙයි... ඇත්තටම කී දෙනෙක් ඇත්තටම රටට ආදරේ නිසා හමුදාවට යනවද... ඇත්තම කියනවානම් බහුතරයක් අහිංසක තරුණයෝ නැතිබැරිකම හින්දා හමුදාවට බැඳෙනවා... මට මගේ යාලුවෙක් එක දවසක් කිව්වෙ "මම මලත් මගේ ගෙදරට සල්ලි හම්බවෙනවනෙ බං" මම ඇත්තටම සතුටු වෙන්නෙ එහෙම යන අය මෙහෙමෙ වීරෝදාර ලෙස සටන් කරන එක ගැන ... රනවිරුවොන්ගෙ ණය අපි කවදා ගෙවලා ඉවරකරන්නද මන්දා...

Constantin Demiris said...

[ඇත්තම කියනවානම් බහුතරයක් අහිංසක තරුණයෝ නැතිබැරිකම හින්දා හමුදාවට බැඳෙනවා...]

Then how do you explain the poor recruitment our army had for example say...2000??? salaries were pretty similar.

Getting paid for being a soldier is not wrong. Or else who is going to lok after their families? There's got to be some sort of an incentive for them to leave their family behind.