Monday, 2 February 2009

මගේ කුඩා යහළුවන්...

මට ඉන්න පොඩිම යහළුවාගේ වසය අවුරුදු 5 . මගේ ඥාතී සොහොයුරා වන ඔහු අවට දෑ පිළිබඳ මනා දැනුමෙන් මුහුකුරා ගිය අයෙකි , මම එහෙම කියන්නේ අප ඒ වයසට නොදත් බොහෝමයක් දෑ ගැන ඔහු ඉතා හොඳින් දන්නා නිසා, දකින දෑ ගැන බොහෝ දුර හිතන නිසා බොහෝ කරුණු ගැන අපෙන් අසන නිසා. අපි නම් ඒ වයසට සෙල්ලම් කරනු හැර බෝනික්කන් කාර් චොකලට්, පැණිරස දෑ මිස වෙන කිසිවක් ගැන විමසිලිමත් වෙනු මට මතකයක් නොවේ.
"ඇයි අපේ ඇඟට ලේ ඕනා" විටෙක ඔහු විමසයි. කුඩා මනසට වැටහෙන අයුරෙන් කියා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න මට තවත් වෙලාවක් ගියා.
"දත් මැද්දෙ නැත්නම් මොකද වෙන්නෙ" දත් මදින අතර ඔහු මගෙන් අසයි.
"ඇයි අපි කන්න ඕනා" බත් කන අතරේ ඔහු අසයි.
පාපන්දු තරඟයක් නරඹන අතරේ ඔහුගේ අම්මා ඔහුව නළවා නිදිකරවන්න උත්සහ ගනිමින් සිටියදී. රූපවාහිනිය දෙස බැලූ ඔහු මෙසේ අසයි.

"ඇයි ඒ පිට්ටනියේ සුදු පාටින් ඉරි රවුම් ඇඳලා තියෙන්නේ"
"ඇයි ඒ සෙල්ලම් කරන අය පාට දෙකක ඇඳුම් ඇඳන් ඉන්නේ"

අත් දෙකෙන් අල්ලාගෙන කැරකීමට ඔහු බොහෝ කැමතියි. "ගගන ගාමීන් අහසට යද්දි මේ වගේ දැනෙන්නේ" ඔහු පවසයි. ගගන ගාමීන්, අහසට යන්න කලින් මෙහෙම වේගෙන් කැරකෙන පද්ධති තුල පුහුණුවීම් කරනවා නොවෙද , මට මතකයට නැඟේ. මම ඒ වයසෙදි ගගන ගාමීන් තියා අහස පොළව ගැනවත් විමසිලිමත් නොවූ බව මතකයට නැගේ. :


"අක්කා සීතලට මේස් දාගන්න", ඔහු තම අම්මාගේ මේස් තිබෙන ලාච්චුවෙන් මට මේස් කුට්ටමක් ගෙනැවිත් දෙයි. කථන්දර කියන්න බැරි තරමට කැස්ස ආ දිනක, මට කැස්ස මල්ලී කථා කරන්න බෑ යැයි කීවෙමි, මා අඬගසාගෙන ගොස් බෙහෙත් තබා තිබෙන උස් කබඩය පෙන්වයි. ඉන් බෙහෙත් රැගෙන බොන ලෙස පවසයි. ඒ වයසේදී මා මේ තරම් දැනුමැති කෙනෙක් නොවූ බව මට මතක් වෙයි.

දවසක් උදෑසන කෑම කන ගමන් ඔහු තම අම්මාට කියනවා. "දන්නවද අපේ ලෝකෙ වගේ තව ලෝක බොහෝමයක් තියෙනවා, ඒවායෙත් මිනිස්සු ඉන්නවා. හැබැයි එයාලා හිතන්නේ අපි තමයි විශ්වයේ ජීවත් වන මිනිස්සු කියලා, අපිත් හිතන්නේ අපි තමයි විශ්වයේ ජීවත්වෙන මිනිස්සු කියලා" , අභ්‍යාවකාශය , පිටසක්වල ජීවීන් ගැන තිබෙන රූපවාහිනී ළමා වැඩසටහන් සහ කාටුන් නිසා මගේ මේ පුංචි යහළුවා මෙවැනි කතා අහනවා වෙන්න පුළුවන්.

දවසක් ඈත පෙනෙන දුම් කුළුණු දෙකක් පෙන්වා ඔහු මගෙන් අහනවා, "අක්කා දන්නවද ඒ මොනවද කියලා, මිනිස්සු මැරුණහම පුච්චනවා එතකොට දුම් වෙලා උඩට යනවා" කනත්තක තිබෙන දුම් බටයක් ඔහු දැක තිබේ යැයි මට සිතේ.
"නෑ ඒ බඩු හදන කර්මාන්ත ශාලා ඒ වායෙන් පිටවන අහිතකර වායු ඉහල වායුගෝලයට මුදා හරිනවා"
" ආ ..." දැන් ඔහුට කල්පනා කිරීමට තවත් දෙයක් සම්බවූ සෙයකි. ඉන්පසු බොහෝ වෙලා ඔහු කල්පනා කරයි.

වැරැද්දකදී දරුවන්ට කෑ කෝ ගසා බැන අඬ ගැසීම ගැන අපි වැඩිහිටි පිරිස කථා බස් කරමින් සිටියෙමු. හැම දේටම දඬුවම් කළ යුතු නැති බවයි මගේ අදහස.
අසල අනෙක් දරුවන් හා සෙල්ලමෙන් සිටි අපෙ මේ චූටි මල්ලී, අප කථාබහ අසා එතැනට පැමිණ පැවසුවේ "ළමයින්ට ගහන එක වැරදියි" කියලා ඉතින් ඔහුගේ අම්මා ඇසුවා "ඉතින් පුතා මොකද කරන්නේ පොඩි ළමයි දඟ වැඩ කරොත් " කියලා
" ඉස්සෙල්ලා වැරැද්ද තේරුම් කරන්න ඕනා" අවුරුදු 5 වියැති චූටි මල්ලී එහෙම කිව්වම අපි ඔක්ක්කොටම පුදුමයක් දැනුනේ,
" එහෙම කරලත් ඇහුවේ නැත්නම් දඬුවම් කරන්න ඕනා " මල්ලියා පවසයි.

මගේ අනිත් පොඩි යහළුවා අපේ අල්ලපු ගෙදර පොඩි නංගී, වයස අවුරුදු 7. නමුත් දන්නා කියනා දේ එමටයි. ඇය රවටලා කවන්න පොවන්න නාවන්න ගිහින් අන්තිමට බයිට් වෙන්නේ අපියි. එක් සිද්ධියක් මෙහි ලියන්නම්, ඇය අවුරුදු 4 දී පමණ ඇගේ පියා, යෝගට් එකක් කවනු පිණිස, "පුතාට හඳ මාමා යෝගට් එවලා " යැයි කියා එක් දිනක් යෝගට් එකක් යන්තමින් කවා ගති. දෙවැනි දින, තවත් මොනවදෝ හඳ මාමා එවලා තියෙනවා කියලා කැව්වේය. තෙවැනි දින ඇගේ පියා තවත් යමක් හඳ මාමා එවූ බව කියා කවන්නට ගිය විට "තාත්තෙ හඳ මාමට කඩයක් තියෙනවද? " කියා ඇය විමසුවාය.
රූපවාහිනිය, පුවත්පත්, වැඩිහිටි කථා බස් තුලින් අද දරුවන් බොහෝ දෑ ඉගෙන ගනිති. එනිසා ඔවුන් සමාජය ගැන බොහෝ සෙයින් දැනුවත්ව සිටිති.
එක අතකට එය හොඳයි. මොකද එතකොට සමාජයේ තිබෙන අහිතකර දෑ, වැරදීම් වලින් ඔවුන්ට හරි දේ තෝරා ගන්න පුළුවන් වෙනු ඇත. නමුත් නිසි මග පෙන්වීමක් සහ ඉගැන්වීමක් නොතිබුනොත් වරදට පෙළඹිය හැකි අවස්ථාද එමටය.

4 comments:

කැඩපත said...

කුතුහලය කියන්නේ අපිට අලුත් යමක් ඉගෙනගන්න හේතුවන හැගිමක්.ඒ හැගිමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ අපි වටා හොද බුද්දිමතුන් හිටියොත් විතරයි.එකනේ බුදුරජානණ් වහන්සේ දේශනා කරලා තියෙන්නේ" අසේවනාච බාලානං පණ්ඩිතානන්ච සේවනා" කියලා.
ඔය හද මාමා වගේ ලමයින් ලවා තමන්ට අවශයදේ කරගන්න දෙමවුපියන් යොදා ගන්න තවත් එක් සංකල්පයක් තමයි "ගෝනි බිල්ලා".
සමහර වෙලාවට අහල පහල අයව පෙන්නලා කියනව "පුතා කැම කැවේ නැතිනම් අර මාමා ඔයාව ගිලි නැතිනම් ඔයාව අරන් යාවි කියලා ". ඉතින් ඉට පස්සේ අර ලමයා ඒ මනුස්සයව දැක්ක තැන බය වෙනවා.
හදමාමා වගේ සංකල්ප හොද වුනාට ඔය ගෝනි බිල්ලා හරි වෙනත් ක්‍රම වලින් ලමයින්ව බය කරන එක එච්චර හොද දෙයක් නොවෙයි කියලයි මම හිතන්නේ.

සු෴ said...

නියම සටහන.මට අෙප් මල්ලාවත් මතක්වුණා. ඒයා බුඩී ෙම් අවුරුද්දේ ඉදන් ළදරු පාසල් යනවා.ඒයාට අම්මා කියලා ෙගදර ෙගදරදී දඟ ක ෙළාත් ටීවී ඒෙකන් ෙප්නවා කියලා. ඉතින් ඒයා කියලා ඒයාෙග අක්කට ෙබාරුෙන අක්ෙක ෙකා් ඒෙහනම්
ෙක්බල් ඒකක් නැහැෙන කියලා.. අම්මා ඒ්ක ටීචර්ට කියලා. ඉතින් ටීචර් වයර් ඒකක් ෙපන්නලා කියලා ෙම් තිෙයන්ෙන්
අෙප් ෙක්බල් ඒක ඔයා නරක වැඩ ක ෙළාත් ෙම්ෙකන් ෙපෙන්වි අපිට කියලා..ෙමයා ෙ ගදර අැව්ත් නංගට කියනවාලු
"මාර වැෙඩ්ෙන අක්ෙක අපි කරන ඒ්වා ටීචර්ට ෙප්නවලු. ඉන්න මං ෙහාද වැඩක් කරන්නම්.. මං ඒ් ෙක්බල් හයි කළ
මාමලා ෙහායාෙගන කියනවා අෙප් ගෙ දරත් ඒකක් හයි කරන්න කියලා..ඒතෙකාට ටීචර් කරන ඒ්වත් ඔක්ෙකාම මට ෙප්නව ෙන"..කියලා..
ඒයාෙගත් රස කතා ෙගාඩයි දැන්.. ඔයා ඉතින් දන්න ව ෙන් ...
සටහන රසවත්.. ස්තූතියි නංගී

malee_msg said...

හපොයි පොඩි අයගේ වැඩ ගැන රස කථා නම් කොයි තරම් තියනවාද?
හැබැයි දැන් කාලේ මුණගැහෙන පොඩි ළමයිව දැක්කම දුකත් හිතෙනවා වෙලාවකට මොකද එයාලට ළමා කාලය කියලා තියෙන්නේ වැඩිහිටි අයගෙම කුණු ලෝකය කියලයි මට හිතෙන්නේ මොකද ගොඩක් වෙලාවට දෙමාපියෝ දරුවෝ ලග තියාගෙන 7 ඉදන් රූපවාහිනියේ යන කථා බලනවා දරුවෝ දකින්නේ බාල සරුව පිත්තල කතන්දර ඒක නිසා එයාලගේ ළමා ලෝකත් පිරෙන්නේ ඒ අදහස් වලින්.. මට මුණගැහුනු පොඩි අය කිහිප දෙනෙක්ගෙන්ම මම ඒක දැක්කා.. දරුවෙක් හැදෙන්න වටපිටාව ගොඩක් වැදගත් අක්කාගේ පුංචි පුතා වගේ නෙවෙයි ගොඩක් අය බහුතරයක් ඊට ගොඩක් වෙනස් ළමා කමට එහා ගිය මොකක්දෝ දෙයක් බොහෝ පුංචි අය තුල මම දකිනවා

Bo said...

kadapatha, su akka, malee - thanks for taking time to comment,life's a bit hectic these days.