Wednesday, 21 January 2009

slumdog millionaire චිත්‍රපටය ඔස්සේ මතකයන් ඇවිස්සීම


මේ යුරෝපකරයේ , නැහැ නොවැ මුඩුක්කු, කුණු කඳු වලින් වටවුන. හය හත් දෙනෙක් වර්ග මීටර 5 ක ජීවත් වෙන. එනිසා කොහොම විස්තර කරම්ද, ඒවායේ අරුමය. slum dog millionaire චිත්‍රපටය නැරඹූ මාගේ විදේශීය මිතුරන් බොහෝම දෙනෙක් පුදුම උනා, ඒ පුදුම වීම ගැන මට පුදුමයක් නෑ. අපේ රට වල උන්ත ඉහළ පැලැන්තියෙ බොහොම දෙනෙක් ඉතින් ජීවත් වෙන්නේ පොළවට අඩි කිහිපයක් උඩින්නේ, මෙතරම් ආර්ථික ප්‍රශ්න පවතින රටක තවමත් අඩුවක් නැතිව 31 night සැමරුම් දුටුවම සිය දාස් ගණනක් මිනිසුන් දුක් විඳිද්දී පැය දෙක තුනක සතුට වෙනුවෙන් කොහොම ඔය තරම් නාස්තියක් කරනවද කියලා හිතුනත්, ඒක මහා ආත්මාර්ථකාමී හැඟීමක් බව ඔබ තර්ක කරනවාට පුදුමයක් නැත. ඔබ මම ඉතා ආරක්ශිතව නින්දක් ලැබුවත්, දෙමාපිය රැකවරණය සහිතව සුරක්ෂිත අනාගතයකට උරුමකම් කියූවත් මෙලොව වැඩි හරියක් පිරිස බොහෝ සෙයින් දුක් විඳිති. මෙම චිත්‍රපටය ඔස්සේ මතකයන් රාශියක් ඇවිස්සේ, හිතට එන හැම පදයක්ම ලියන එක වටිනවා යැයි සිතෙන හෙයින් මෙසේ සටහන් කර තබමි.
චිත්‍රපටය ඇරඹෙන්නේ, එහි කතා නායක ජමාල් ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ජය ගැනීම පාදක කොට ගනිමිනි, මුඩුක්කු පරිසරය ඉපිද හරි හමන් ඉගෙනීමක් නැතිව දෙමාපියන් නැතිව හැදී වැඩුනු ඔහු එම වැඩසටහනේ සියලුම ප්‍රශ්න වලට හරි පිළිතුරු දීම, එය පවත්වන්නන්ගේ සැකයට හේතු වේ. ඒ නිසා කරන පොලිස් විමර්ශන අවසානයේ ඔහුගේ ජීවිතයේ සැබෑ තතු හෙළිවේ. මුඩුක්කු පරිසරයේදී අත හැරෙන ළමා ජීවිත සමග සෙල්ලමේ යෙදෙන පාතාල ලෝකයේ පිරිස් , එම දරුවන් නොයෙක් සමාජ දූෂණ ක්‍රියාවන්හි යොදවන සැටි මේ චිත්‍රපටයේ පෙන්වයි. ඉන් අපේ හිතට සමීප කරවන දෑ මේ මහ පොළෝ මත අදද සිදුවෙමින් පවතින ඒවාය. ඒ උනත් එහි පෙන්වන දෑ මේ මහ පොළව මත සිදුවන සත්‍ය සිදුවීම් බව තේරුම් නොගන්නා පිරිස්ද සිටිති. චිත්‍රපට වල පෙන්වන බොහෝ දෑ සත්‍ය නොවන බවද, අතිශ්‍යෝක්තියෙන් වර්ණනා කිරීම්, මවා පෙන්වීම් බහුල බව ඔබ කියූවද, ඇස් දෙකෙන් දුටු දෑ කන් වලින් ඇසූ දෑ අසත්‍ය වන්නේ කොහොමද.
ජීවක, අපි ඇවිද ගියෙමු , එක පසෙකින් කුණු ඇල ගලා බසින, අනෙක් පසින් කුණු කන්දක් ගොඩ ගැසෙන මායිම ළඟ මුඩුක්කු වල අස්සක් මුල්ලක් නෑර කරක් ගැසුවෙමු. නිස්කාරනේ විනාස වෙන්නට යන දැයේ දරුවන්ට අකුරු කරන්නට එන්නට පාර කියන්න , ගෙවල් වලින් නැගෙන දෝස්මුර පසෙකලා, මහා මාර්ග දිගේ ගොස් අතුරු පාරවල් ඔස්සේ ලෑලි ගෙවල් පුරවර වලට බැස, බොහෝ මිනිසුන් හා කතා බස් කෙරුවෙමු, තර්ක කෙරුවෙමු, දරුවන්ට අකුරක් ඉගැන්වීමේ වටිනාකම කියා දුන්නෙමු. ඒ දරුවන් එකතු කරගෙන නාට්‍ය කෙරුවෙමු, ගෙදර ඉදෙන හොද්දක් බතක් ඔවුන් වෙනුවෙන් එකතු කරගෙන ආවෙමු.බැංකු පොත්වල මුදල් බොහෝමයක් උන්ගේ පොත් පෑන් සඳහා එළියට ගතිමු. දරුවන් ඉස්කෝලෙ යවන්න යැයි, හිඟාකන මව් පියන්ට ආයාචනා කළෙමු, අම්බානෙක බැනුම්ද ඇසුවෙමු. නමුත් ඒ හැම අවසන කිසිඳු පසුතැවීමක් නොවීය. මහපාරේ හමුවන දුවා දරුවෙක්, කොහොමද අක්කා, මම දැන් උසස් පෙළ කරනවා කියනකොට දැනුන සතුට මේ එක අකුරකට ලියා පෙන්වන්න බැරි බව මම දනිමි.
”ආකල්ප, ජීවන රටාව සහ විඳීම් අතින් පරස්පර විරෝධී උනත් මේවයෙ ඉන්නෙත් මිනිස්සුමයි. නමුත් ඒ මිනිස්සුන්ට සමාජය විසින් හිමි කරල දෙන තැන, ඔවුන්ව රාමු කරල කොටු කරල තියන තැන නිසා ඔවුන් තවමත් මේ මඩ ගොහොරු වල ජීවත් වෙනවා. අම්ම කරපු රස්සාවටම දුවත් හුරු වෙනවා අප්ප කරන දේවල ඉදිරියට ගෙනියන්න පුතාට සිද්දවෙනව. තාත්ත කෙනෙක් නැතිව අවජාතක ලේබලය වැදුනු දරුවො, අම්මා අප්පා දෙන්නම නැතුව අනාථ උන දරුවො, මේ ඔක්කොමලා හරි හමන් ඉගෙනීමක් නැතුව වල්මත් වෙනවා. මොකද උන් වටේම තියෙන්නේ වැරැද්ද විතරක්ම නිසා. උන් කවදාවත් මේ මට්ටමෙන් උඩට එන්නෙ නැහැ අබා, ඇඟ විකුනලා හරි කුඩු විකුනලා හරි එදා වේල හම්බ කරගෙන කනව ඇරෙන්න මේ මිනිස්සුන්ට මහා ලොකු බලාපොරොත්තු නැහැ. උන්ට ඒව කවුරුත් කියන්නෙත් නැහැ මොකද මේ තැන් මේ විදිහට තිබීම ඉහළ ඉන්න උන්ට වාසිදායක නිසා, අපිට තිබුනා වගේ සුන්දර ලමා කාලයක් උන්ට නැහැ අබා - කනට ඇහෙන්නෙ කුනු හරුප, ඇහැට පෙන්නෙන්නෙ කා කොටා ගැනීම් රණ්ඩු සරුවල්. අම්මලා අප්පලා උනත් ආදරයෙන් කතා කරන්නෙ නැහැ එයාලට. සමහර විට මේ දරුවො, දෙමාපියන්ටත් බරක්.”~ මගෙ පස්සෙන් එන්න
උන්ගේ ජීවිත ගැන නුඹ , අපි කතා බස් කළ දෑ මම එසේ ලියා තැබුවෙමු. කිසිම දෙයක් සදාකාලික නොවන ලෝකෙක , ඒ සනාතන ධර්මය තේරුම් අරගෙන ජීවත් වෙන කිහිප දෙනා සමග උරෙනුර ගැටී වැඩකරන්න ලැබීම සතුටක්. අපි මහ දෙයක් කළේ නෑ. නමුත් ඒවා මතක් කරලා සැනසෙන්න පුළුවන් දේවල් !

"අනුන් හදන්ට කලින් තමන් මනුස්සයෙක් වෙලා හිටපන් " යැයි නැගෙන අදහස් උදහස් අවසානයේ, නුඹ මම සහ අපි බොහෝමයක්, නැව් නැග්ගෙමු. ඒ අපේ විමුක්ති ගමන අවසානයේ අනෙක් අයගේ විමුක්තිය සටහන් වී ඇති බව නුඹ අපට තේරුම් කරදුන් අයුරු යළිඳු මතකයට නැගේ. නමුත්
ඒ අතීතය යලිත් සිහිපත් කරවන යමක් නෙත ගැටුනු නිසාවෙන් ලියන්නෙමි.
දුන් දෙය සුවඳයි හැමදාම, සූ අක්කා , අපේ ඒ එක් ව්‍යායාමයක සටහන් සහ ජායාරූප අන්තර්ජාලයේ පල කරා. යමක් කරලා කියවන්න නෙමෙයි. මෙහෙම දේවල් ඔබටත් කළ හැකි බවට ඔබේ හිතට ඒත්තු ගන්වන්න.
"අපි හමෝම හිතන්නෙ අපි විඳින දුක් ගැන. අපිට තරම් දුකක් වෙන කාටවත් නැහැයි කියල. ඒක සාපේක්ෂ දැනීමක් නිසා එහෙම හිතුවත් වැරැද්දක් නැහැ, ඒත් මම පුරුදුවෙලා ඉන්නෙ ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්න.. ” ඒ වචන ටිකත් අන්තිමේදී සටහන් කරන්න හිතුනා.

ඉර බැහැගෙන යන ගොම්මන හෙමින් විසිරුවන
අර නැගෙනා දුම් කඳු කුණු කන්ද අවුළුවන
නර වෙස් ගති අමිනිස්කම මෙදෙසින් දළුලන
මර බිය වෙති පුරවර රෑ පුරා අවදියෙන

බෝ

8 comments:

සු෴ said...

මමත් මේක බැලුවා. අපේ අය බලන් ඉන්නවා මේකට ඇකඩමි හම්බ වෙයි කියලා
විවේකයෙන් ලියන්නම් මේ ගැන තව ටිකක්.
සටහන අගෙයි .. හැමදාමත් වගේ :)

තිලිණ said...

මම ලගදි බලපු හොදම චිත්‍රපටිය තමා මේක !

Constantin Demiris said...

Great post!!

MIA ge soundtracks tika nathnam I would give this 5/5

Probably this is a British film so the director chose MIA who is also British ahead of any other foreigner. Still its MIA.

Great film though. The original Who wants to be a millionaire is run on UK TV hosted by Chris Tarrant. In it you get only £1 million unlike the 20 million in the movie. Same with pop idol/X factor that got copied to India as the Indian idol this programme also got copied.

Lets wait and see when Sirasa copies it like SSS and call it ORIGINAL TV. haha

Priyankara Perera said...

සහතික ඈත්ත කතාවක්. ඈයී අපේ වගේ රටවල මේ විදිහට සම්පත් විශමාකාරව බෙදිලා ගිහින් තියෙන්නේ ? , තියන එකාට ඕනාවටත් වඩා සෑප සම්පත් තියනවා, නෑති එකාට මොකක්වත් සෑපක් නෑහෑ. මේ සමාජ ක්‍රමයෙ කොහෙහරි වෑරෑද්දක් තියනවා. අපි ප්‍රාර්ථනා කරමු මේ විශමතාව ඉක්මනින්ම ඉවරවෙන්නට කියලා.

කොහොම උනත් සෑම පුද්ගලයෙක් ලගම මේ වගේ වටිනාකියන අදහස් තිබුනානම් හරිවටිනවා

නලින් ද මැල් (Boman) said...

මගේ ප්‍රියතම ච්ත්‍රපට 10 අතුරෙන් එකක් තමයි Slumdog Millionaire ච්ත්‍රපටය. මෙහි අධ්‍යක්ෂක Danny Boyle හොද අධ්‍යක්ෂකවරයෙක්.ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද Trainspotting කියන චිත්‍රපටය මට ඊයේ අහම්බෙන් බලන්න ලැබුණ. ඒකත් ඉතාම හොද සිනමාපටයක්.Slumdog Millionaire ච්ත්‍රපටය මෙවර Oscar සම්මාන 10කට නිර්දේෂිත වෙලා තිබෙනවා මම හිතන්නෙ.

Agra said...

Aite, Awesome movie. Won 4 globes, and headed for few many oscars
Many strives throughout their lives to achieve a place for them selves only some find the courage to go that extra mile. have been there. done that ! Your work is a great virtue for all of us. Even though there are millions who hate to see the world as you do,People like you guys are an inspiration to everyone.

Bo said...

ස්තූතියි කියවපු, අදහස් එකතු කරපු හැමෝටම. ටික කලකින් ආයෙත් ලියන්නම්. හිතුනොත් මොනවහරි

Supun Sudaraka said...

මාත් බැලුවා! ඉතාමත් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්! කියලා වැඩක් නෑ!!!