Wednesday, 28 January 2009

Dreams on fire - සිහින ගිනි අරන්.

අනුන් වෙනුවෙන් ජීවත් වෙන අපගේ ජීවිත කී සැරයක් අපි ඔවුන් වෙනුවෙන් වෙනස් කෙරුවෙමුද ? ජීවිතේ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් දරාගත නොහැකි වුන කල්හී මනස අවුල් වියවුල්ව රෝහල්ගතව දුක් විඳින තරුණ ජීවිත වලට එබී බැලීමට සිදුවීම මට බෝහෝ දුකක් ගෙන ආවා. බොහෝමයක් පෙම් සබඳතා අවුල් වුනු පසු සිහි විකල් වූ පිරිස, නමුත් ඒ අතර හමුවන කෙනෙක්, සිටියා, උසස් පෙළ අසමත් වීම නිසා මනස වියවුල් වෙච්චි, කිසි හැල හොල්මනක් නැතුව ඔහේ බලා ගත් අත බලාගෙන සිටින ඇයට අපි කොතෙක් කතා කරත් ඇගෙන ප්‍රතිචාරයක් ගන්නට බැරි වුනා. දරුවෙක් අතේ නොමැති වුනත් දරුවෙක් නළවන්නාක් ලෙස සිටි අම්මා කෙනෙක් මා ඇය අසලට ගිය විට ඇගේ දරුවා මට බලාගත හැකිදැයි ඇසුවා. ඇය post partum depression, නැමැති දරුවෙක් ලැබුනු පසු මවකට ඇතිවන මානසික ආතතිය නම් තත්වයෙන් පෙලෙන්නියක්. ඇගේ අතේ දරුවෙක් නොමැති බව ඇයට වටහා දෙන්නට උත්සහ කරද්දී ඇය හඬා වැටුනා. මේ ජීවිත දිහා බලන කොට මට මහා විශාල කලකිරීමක් ඇතිවුනේ.ඔවුන්ගේ සිත් වල මොන තරම් ලොකු බලාපොරොත්තු තිබෙන්නට ඇද්ද? අද ඒ සියල්ල බිඳ වැටී , මනස අඩපනව සිහින සාප්පුව ගිනි බත්වී ගොසිනි.
අපේ හිත මහා පුදුමයි. ඒත් පොඩි කාලෙ ඉඳන් බුදු දහම ආශ්‍රිත ඉගැන්වීම් වල යෙදෙනකොට අපට වටහා දුන්නේ, මනස සියල්ලට පෙරටුවේ කියලා. බෞද්ධ අය හැටියට අපි , හරියට බුදු දහම තේරුම් ගත්තානම්, මනස නිවැරදි ලෙස සකස් කර ගැනීම අපහසු නොවන බවයි බොහෝ දෙනාගේ මතයත්. බෙහෙත් පෙත්තක් දෙනවට වඩා ඒ රෝගීන් සමග කතාබස් කිරීමෙන් ඔවුන්ගේ මානසික ව්‍යාකූලතාවය 80% මග හැරෙන බවයි අපේ ගුරුවර මනෝවෛද්‍යතුමන්ගේ අදහස. මමත් එයට එකඟයි.

අපි සිහින වලට ගිනි තැබුවෙමු.
දෙපැත්තක ඉකිබිඳලා වැලපෙන්න නොහැකි වූ දින අවසන
අපේ අර මහා බර හීන ගොඩ එකතු කරලා ගිනි තැබුවෙමු.
මහ රැය මුළුල්ලේ බුර බුරා ඇවිලුනු ඒ ගින්නේ රශ්මියෙන් අවට ඒකාලෝක විනි.
ඒ ගිනි රස්නෙන් සීතල මකාගත් පිරිස සතුටු විනි.
ඒ රස්නයෙන් අපේ කඳුළු වියැලී හඬන්නට නොහැකි වූ කල සතුටක් දැනිනි
ඉඳින් ඉන්පසු මම, මම නොවීමි,
නුඹ නුඹද නොවීය.

4 comments:

malee_msg said...

හීන ඇතුවත් බෑ.. නැතුවත් බෑ.. තියෙද්දි ඉටු කරගන්න බැරුව දුක් වෙනවා.. බිදිලා ගියාම හීනේ නැති වුනා කියලා දුක් වෙනවා.. ඉටු වුනාම තවත් එකක් හදාගන්න දුක් වෙනවා අන්තිමට බැලුවම දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක දුක තමයි හැම තැනම...
මමත් එකවතාවක් මහනුවර මානසික රෝගී අංශයට ගියා.. අනේ පව් ඒ අය ඉන්නේ එයාලගෙම ලෝක වල..

එදිරි said...

FIRE ON DREAMS

සම්පත් බංඩාර said...

බෝගේ ‍බ්ලොග් කියවන්න කොච්චර කල් ඉදල හිතන් හිටියත් බැරි වෙනව...නමුත් මේක කියවල නම් මට ලියන්න ඕනෙ කියල හිතුන...මම ඔයා කියල තිබුබ අවස්ථා කීපයක්ම මගේ ජීවතේ විවධ තුනවල අත් දැකල තියෙනව...නමුත් මට හිතාගන්න බැරි බෝ..අපි කියනව බොදු පසුබිමක් එක්ක එන අපිට මනස මෙහෙයවන්න පහසුයි කියල නමුත් ලොකෙ බොදු පසුබිමක් තියෙන්නෙ බොහොම අල්පයකට...එහෙම වසනාවක් වෙලත් ඇයි ලංකාවෙ වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම්..බෝ පොඩ්ඩක් බලන්න ලොකෙ තෘප්තිමත් ජනතාවගෙ වයාපත්තිය..ඉන්දියාව ලංකාව වගේ රටවල් ඒ අතින් ගොඩක් පහලයි...අපි අයුදේ(ධර්මය) තියාගෙන පාවිච්චි කරන් නැද්ද ???

෴ බින්කු | ßÎŋЌυ ෴ said...

සිහින මත දුකද නොහොත් දුක මත සිහිනද ඇත්තේ?