නිතර නොලියන හේතුව විමසා සැරෙන් සැරේ සිත කොනිති ගහන යහළුවන්ට ස්තූතියි. ඒවගේම ලියන්නම එපා කියන අයටත් ස්තූතියි.
පසුගිය සති කිහිපය ගත කලේ ජර්මනියේ මියුනික් නගරයේ. නත්තල් දින කිහිපය තුල නගරයේ සංචාරය කලෙමි. ජර්මනිය කියූ සැනින් මතක් වෙන තව දෙයක් තමයි හිට්ලර් සහ ඔහුගේ යුදෙව් සංහාරය. ජර්මනියේ, ඩකාවු නගරයේ පිහිටි එවැනි යුදෙව් වධකාගාරයක් නැරඹීමට 1999 දී ඉඩ කඩ ලැබිනි. කුඩා අප සිනා මුහුණින් සිටියදී, ජර්මන් ජාතික මිතුරියක් පැවසුවේ. මෙතැනට පැමිණෙන කිසිවෙක් සිනාසෙන්නේ නෑ. මෙය දුක් විය යුතු ස්ථානයක් බවයි. එහිදී නැරඹූ වීඩියෝ දර්ශනයෙන් පසු, අපි සියල්ලෝම ඉකි ගසා හැඬුවෙමු. මිනිසුන්ට කෙතරම් කෲර විය හැකිද ? මට එසේ සිතුනා.
ජනවාරි දෙවෙනිදා කිලිනොච්චි නගරය වීරෝදාර රණවිරුවන් මුදාගත් පුවත ඇසූ එහි සිටි ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිස් ප්‍රීතියෙන් පසුවිය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම කළ යුතුම වේ. ලොව පුරා කී දාහක් දෙනා අන්ත අසරණ අනාථයන් වී සිටීදැයි කල්පනා කළ විට... වැඩි දුර නොගොස් අපේ රටේ අපේම උන් කොයිතරම් නම් දුක් විඳිනවාද කියා කල්පනා කර බැලූ විට ඔබට මදකට හෝ එහෙම හිතෙයි. දෙපැත්තෙම ඉන්නේ මිනිස්සු. යුද්ධය නැවැත්විය යුතුයැයි බොහෝ පිරිස් කියති.එහෙත් අවි දරා ගත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ ඉන් පමණක් බව විශ්ව විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලැබූ, දමිළ ජාතික මිතුරා ගේ අදහසයි. ඔහු පිළිබඳව මීට පෙර මා සඳහන් කළෙමි.
මේ ළඟදී දවසක ඔහු යළිත් මුණ ගැසුනි. යුද්ධය මා කතා කරන්නට අකමැතිම මාතෘකාවක් බව මම ඔහුට සඳහන් කළෙමි. මන්ද, ඒ සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ මතය විවිදාකාර වන හෙයිනි. බොහෝ දෙනෙකුගේ හිත් රිදෙන නිසා, තරහව වෛරය ක්‍රෝදය ඉන් හිත් තුලට ඇතුලු වන නිසා. අවිහිංසාව ඇති කළ හැක්කේ ත්‍රස්තවාදය තුරන් කරලා බව කතාබහේදී හේ මා සමග පවසයි, යාපනය නුවර මාර්ගය නැවත ජනතාවගේ පරිහරනයට ලැබීම ගැන බොහෝ උද්දාමයෙන් පසුවේ. "මට ගමේ යන්න පුළුවන් නිතර". මේ සිදුවන දේ ගැන යාපනේ වැසියෙක් වන මගේ මිතුරා කතා කලේ පහන් සිතිනි. එනමුත් ලංකාවට පය ගසා නොමැති ඇතැම් පිටරට වල වෙසෙන පිරිස් තවමත් ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙති. රට දැය රකිමින් යුද බිමේ සේවය කරන මගේ ඥාතීවරු සහ සොහොයුරන් මතකයට නැගේ. රණබිමේ සිටින සියලුම වීර සොයුරු සොයුරියන් මතකයට නැගේ. අපට අහිමි වූ පිරිස් මතකයට නැගේ .
මරණය පෙනි පෙනී රට දැය රකිනු සිතා
දෑ බැති පෙමින් අවි ගත් මගෙ වීර පුතා
යනු ඉදිරියට නුඹලා වෙත ජයම පතා
වඳිනෙමි දෙව් බුදුන් නිති රැකවරණ පතා
බෝ...
4 comments:
ත්‍රස්තවාදය තුරන්වි අපි සියලු දෙනාට සාමකාමි රටක ජිවත්විමට ලැබෙන දිනය තව වැඩි ඇතක නොවනු ඇත.එක අවහින්සාවාදි සමාජයක් බලාපොරොත්තුවන අපේ එකම පැතුමයි.
මමත් ආසාවෙන් බලන් ඉන්නවා යාපනේ තල් ගස් බලන්න යන්න.. හැකි ඉක්මනින් ඒ පැතුම ඉටු වේවා කියලා පතනවා හැර මට කරන්න දෙයක් නෑ..
බෝ අක්කාට දැන් තියෙන්නේ මෙන්න මේ ලෙඩේ.Writer's block
ඔය කියන දෙමළ මිත්‍රයා වගේ අය අපේ රටට වාසනාවක්. ත්‍රස්තවාදය මොකද්ද කියල තේරුම්ගන්න තරම් ඔහු සූරයෙක්. පිටරට ඉන්න අය විතරක් නෙමෙයි, දෙමළ සිංහල මුස්ලිම් හැම ජාතියෙන්ම කොළඹ ඉඳන් යුද්දෙ කරන කීදෙනෙක් අපිට එදිනෙදා මුනගැහෙනවද? මේ මානසිකත්වය ජය නොගන්නතාක් ගිනිපත්තුකරන අය මේ රටේ බිහිවේවි... එතකන් සාමයක් ඇතිවෙයිද?
Post a Comment