
මුහාමලේ, සටන් බිමේ, බංකර් තුල කොටන් වල සටහන් වුනු , රණවිරු කුරුටු ගී සමූහයක් ඉරුදින පුවත් පතක අහම්බෙන් දකින්න ලැබුනේ, විශේෂ යාළුවෙක් නිසා.
ලියුම් කරු මුහාමලේ සටන්බිමේ කල සංචාරයකදී මේ බංකර් කුරුටු ගී සමූහය දකින්නට ලැබුනු බව ලියා තිබුනා මෙන්න මෙහි
තල් කොට වලින් සැදුම් ලත් බංකර් තුල රැය පහන් කරන, දින ගනන් කෑමක් හරි හමන් බීමක්, නෑමක් නැතිව, රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව යුද බිමේ,සටන් වදින අපේ වීරෝදාර රණ විරුවන්ගේ, සිත් සතන් වලින් එළිබහින හැඟුම් මෙලෙස කවි පද තුලට ගොනු වී, ඒ තල් කොට මත සනිටුහන් වී තිබෙනු මෙසේ දක්නට ලැබිනි.
"පෙරට තබන පය පස්සට ගන්නෙ නැහැ
උතුරේ සටන ජය ගෙන මිස එන්නෙ නැහැ"
"නිල් වන් අහස් කුස තරු කැට බබලනවා,
බංකර් තුලට ඒ සැමදේ දිස් වෙනවා
වෙසක් සඳින් මුළු පෙදෙසම නැහැවෙනවා
සිතින් මාත් පන්සල වෙත ඉගිලෙනවා "
"තරු පෙරුනු සඳ පිපුනු අහස යට, අමාවක දා වගේ මගේ සිත"
මරණය පෙනි පෙනී, සටන් බිම වැද සතුරු එඩි බල බිඳිමින් පෙරට ඇදෙන අපේ විරුවන් හට අප සදා ණය ගැති වෙමු, අප රැකෙන්නෙත් මව් බිම රැකෙන්නෙත් ඔවුන් නිසාවෙනි
අපේ රණ විරුවන්ටයි අද මගේ බ්ලොග් සටහන






