Friday, 29 February 2008

Malith's Sihil Maruthe..සිහිල් මාරුතේ

අහම්බෙන් අහන්නට ලැබුනු සිංදුවක් හොයාගන්න ටිකක් විතර වෙහෙස මහන්සි වෙන්න සිදුවුනා, අහපු ගමන් හිතට වදින සිංදු ඇත්තේ අතලොස්සක් පමණය. මට ඉතින් හිතට වදින යමක් හම්බුන ගමන් මම කරන්නේ වට පිටේ ඉන්න මගේ හිතවතුන් යහළුවන්ටත් එය පෙන්වන එකයි. අන්තර්ජාලය තුල ඉතින් ඕනෑම දෙයක් හොයා ගන්න අමාරු නෑනේ, සමහර විට ගුවන් විදුලියෙන් ඇහෙන්නත් කලින් අන්තර්ජාලය තුලින් ලබාගන්න හැකි වන අවස්තාද එමටය. ඒක එක අතකට ලාංකේය කලාකරුවන්ට සිදුකරන අවැඩක්. අමාරුවෙන් සල්ලි වියදම් කරලා පිට කරන කැසට් හෝ සංයුක්ත තැටි ඒ සැනින් අන්තර්ජාලය තුලින් බෙදා හැරෙන්නේ ඉතා ඉක්මනින්, ඒත් .... මොනවා කරන්නද, අපිත් ඉතින් තැන්ක්‍යූ කිය කිය ඒවා බා ගත (download) කර ගන්නවා.
හෑබැයි "copy right" නීති ආපු දවසට ඒ අදාල හොරකම් කල අයව අල්ල ග්න්න නම් අමාරු වෙන්නේ නෑ, මොකද එක්කො ඒ වීඩීයෝ එක මැද්දෙ තම වෙබ් පිටුවෙ නම ලියලා තියනවා නැත්නම් සින්දුව අතරමැද අමුතු හඩකින් කෑගහනවා ....ඩොට්කොම් කියලා . ඉතින් බඩු එක්ක හොරු මාට්ටු වෙනවා ලේසියෙන්, නමුත් ගොඩක් වෙබ් අඩවි කරන අය මා සමග පැවසුවේ ඔවුනට මෙසේ ගීත ලබා දෙන්නේ එම ගායකයන් විසින්මය කියලා

Malith Perera ගායනා කරන සිහිල් මාරුතේ ගීතය අහන්න ලැබුනෙත් අහම්බෙන්, රූපවාහිනී නාලිකාවක යන ගීත දර්ශකයක තිබූ මේ ගීය අහපු වෙලාවේ ඉඳන් නෑවත අහන්න තිබුනේ ලොකු ආසාවක්, මෙ සිංඳුවේ තාලෙත්, පද රචනාවත් දෙකම ලස්සනයි, අරුත් බරයි , ලබැඳියි. හරි ආදරණීයයි.

මේ එම ගීයයි....

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ
ගැලූ මා ඔයේ පෙණ හිනා මල් පිපේ
ඔබේආදරෙන් සිත ප්‍රමෝදෙන් පිරේ

මිණි මිණි පොද ඉහිලා මී අඹ මල් සැලූනා
ඔබ එන වග දැනිලා හිත ඉවසුම් නැතිවා

යොවුන් ආදර වසන්තේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්දේ දසන්තේ සරන්නේ
හද කලඹා යන ඇසිල්ලෙන් ඔබ කුමක්‍දෝ මේ කියන්නේ
සිත සොරකම් කරන් නෙතු කැන් සැලුවේ

ලතෙත් ආදර සමීරේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ
උදාවූ වසන්තේ කොවූල් ගී ගැයෙන්නේ
සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ
ඔබ විතරයි හදේ ඇඳි රූ වරුණේ

මේ ගීයේ පද රචනය කර තිබෙන්නේ කවුද යන වගනම් හරියටම නොදනිමි. මම මේ ගීය කීප වතාවක්ම අහද්දී "දැන් ඕක අහල අහලම මලිත්ව එපා වේවි" කියලා මගේ යාළුවෙක් කීව්වා. මෑත යුගයේ පහළවුනු ගායකයන් අතුරෙන් මලිත් පෙරේරා සහ කසුන් කල්හාර මම කැමතිම ගායකයන් දෙදෙනෙකි.
මේ ගීතය අහද්දී දැනෙන්නේ මගේ ආදරණීය "හිරු එළිය" මට මෙය කියනවා වාගේයි. ඔහු කවි ගී නොලිව්වත් , මා අසල මට දිරි දෙමින් සිටින එකම, අප්‍රමාණ වූ ආදරයක් සෙනෙහසක් මට දෙන එකම මහ මෙරක් තරම් මට නම්....
මේ කවිය නම් ලීවේ මීට අවුරුදු දෙකකට කලින් එනිසා බොහෝමයක් දෙනා වෙනත් වෙබ් පිටු තුලීන් මේ කවිය කියවා ඇති. ඒත් මේ බ්ලොග් පිටුවට මෙයත් එකතු කරන්න හිතුනා. මේ මගේ හිරු එළිය වෙත ලියූවක්...

Thursday, 28 February 2008

All that excercise

I try my best to write a blog post everyday since many people tend to visit my blog, Pardon me for writing in both Sinhala and English, I prefer to write in sinhala mostly cause thats my mother tongue (my language of thoughts), I have been brought up in an area which valued (past tense coz things have changed rapidly!) literature traditions, rituals and norms and I studied Sinhala literature as a subject at school.From the amount of comments and feed back I receive I know there are people who read in both linguistic.
වෙලාවකට හිතෙනවා අපි මේ කරන හැම දෙයක්ම නිස්සාරී දේවල් කියලා. නමුත් මෙලොව පැවැත්ම ඇත්තේද එහිම නොවේද ? "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා" කියලත් කියනවනේ. මෙහෙම හිතෙන්නේ පසුගිය සතිය පුරාම මරණය දකිමින්, ගත කල නිසාවෙන්ද කියලත් හිතෙනවා. ඒක නම් හරිම බයංකර දෙයක් උනා සමහරුන්ට.

Excercise

I confess, that I do not exercise on a regular basis due to limited time and my laziness. I just comfort my self thinking all that walking back and forth to hospitals and hostel is just the amount of exercise I need daily.
Yesterday I played badminton after a long time. I remember playing at school but never learnt the rules properly, While passing the halls down stairs bumped into some seniors with rackets and shuttle cogs. First I felt a bit awkward to go there cause I knew I would do some silly untrained moves and embarrass myself in front of them. (some of them were really good, they've played in tournaments !) but "b" insisted that I should come. He was like "You should start some day, so make it today, just come"

Well, I felt so good after moving around a bit stretching those lazy muscles , I could feel the blood pumping through my veins. As it says "exercise makes ur heart happy and ur muscles strong" I suggested that we should do this every day for an hour or so, and some friends actually liked that idea. In a way it helps us to be in balance, to burn those few extra calories.

Exercise will help you to Sleep better, maintain weight, depending on your needs, Improve your resistance to fight infections, Lower your risk of cancer,Osteoporosis, arthritis, heart disease and diabetes, And eventually it help your brain work better, making you smarter.
Prevention is always better than cure.

Tuesday, 26 February 2008

මට බෙහෙත් දෙන්න...student life and when it comes to real stuff !

හුදෙකලා වන්නට ඉඩ නොදී නිරතුරුව අප අසල රැඳී සිටින හිතවතුන් ලබැඳියන් නොමැති කල අපට මහා පාළුවක් තනිකමක් දැනෙන්නේ නිතැතින්මය. ප්‍රිය විප්‍රයෝග දුක්කෝ , අප්‍රිය සම්පයෝග දුක්කෝ කියා බුදු දහමෙත් සඳහන් වේ.
ආදරය කරුණාව මෛත්‍රීය යන මේ සියල්ල කැටිවුනු දයාබරත්වයෙන් ගෙවන නිමේෂය වුවත් මොන තරම් සහනයක් හිතට ගෙන දෙන්නේද ?
"Isn't it so nice to have people whom you can count on when ever you are having a hard time ?
to have loved ones who always care about us no matter, what kind clothes we wear, how rich we are or where we live !"
ඔන්න ඔය වගේ නොයෙක් සිතුවිලි අතරේ සැරිසරමින් මමත් මගේ හොඳම මිතුරියත් ඒ ගැන දොඩමළු වුනා. ඒ අතර මගේ මිතුරියගේ දුරකතනයට ඈ දන්නා හඳුනන කෙනෙක් කතා කලා, නමුත් ඒ කතා බහ අවසානයේ ඇය නැවත මා අසලට පැමිණියේ දැඩි දුකකින්, ඒ කතා කර තිබෙන්නේ, ඇය යන ක්‍රිස්තියානි පල්ලියට පැමිණෙන අඩු ආදායම් ලාහී කාන්තාවක්, ඇයට හිසරදය , උණ ගතිය සහ ඇස් උඩ ප්‍රදේශයේ කැක්කුමක් යැයි කියමින් ඇය මා මිතුරියගෙන් බෙහෙත් ඉල්ලා සිටියා, නමුත් එසේ ආවාට ගියාට බෙහෙත් දෙන්නට, විශේෂයෙන් දුරකතනයෙන් කතාකර ඉල්ලූ පමණින් බෙහෙත් කියන්නට තරම් හැකියාවක් තිබේ නම් රෝහල් කුමකටද ? හැම රෝග තත්වයක් ගැනම ඉගෙන ගත්තත් ඒ රෝග විනිශ්චය කර නිෂ්චිතවම කියන්න අපට බැහැ මන්ද ප්‍රායෝගිකව මේ ඉගෙන ගත් සියල්ල පුහුණු වන්නේ නැතුව කවදාවත් හරියට වෙදකමක් කල නොහැකිය යන්න පිළිගත් මතයක්, ඒකයි එයට "practicing medicine" කියන්නේ.

එහෙම ආවාට ගියාට රෝග විනිෂ්චය කල නොහැකිය, එය වැරදිය, නමුත් අර ගැහැණුකෙනා නිතරම මා මිතුරියට කරදර කරමින් බෙහෙත් අහන්නේ මේ කිසිවක් නොදැනද ? එක්කෝ රජයේ රෝහල් වල පෝලිම්‍ ය, නොයෙකුත් අක්‍රමිකතාවන්‍ය, පුද්ගලික රෝහල් හෝ ක්ලිනික් වලට යෑමට තරම් ඔවුනට මුදල්ද නොමැත, ඉතින් කුමක් හෝ Antibiotic එකක් ගිල දමා, හෝ පැනඩෝල් පෙත්තක් බී එවෙලෙට පවතින රෝග ලක්ෂන මග හරවා ගනු ඇරෙන්න ඔවුන්ට ඇත්තටම තම ශරීරය තුල සිදුවන විපර්‍යාස වලට හේතුව සෙවීමට අවශ්‍යතාවයක් නැති තරම්‍. හරියට දොස්තර කෙනෙකු නිර්දේශ නොකර හිතු මනාපෙට බෙහෙත් ගැනීම කොයි තරම් වැරදිද කියලා තේරෙන්නේ, ඒ බෙහෙත් ගැන හරියටම ඉගෙන ගත්තම, ඉස්සර ( උසස් පෙළ කරන කාලෙ දක්වා) ඔළුවේ කැක්කුමටත් බඩේ රිදිල්ලටත් පෙති ගත්තු අපි බොහෝ දෙනෙක් දැන්නම් ඒවයේ ආනිසංස දන්න නිසාම හැකි තරම් ඒවා ගැනීමෙන් වැලකී සිටිනවා, ඇත්තම කිව්වොත් ගන්නේම නැති තරම්. නමුත් මෙය හරියටම පැහැදිලි කර දෙන්නට ගියොත් ඉතින් තවත් ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිදුවෙන බව නිසැකය.

සැරයක්, අපට නියමිතව තිබුනා, එක් රෝගී කාන්තාවකගෙන් ඇගේ රෝග ඉතිහාසය සහ දත්ත එක් රැස් කිරීමට, අපි ගොසින් අප ශිෂ්‍යයන් බවත් ඇගේ තොරතුරු ගැනීමට ඈ සමග කතාබස් කර ඈ පරීක්ශා කිරීමට අවැසි බවත් පැවසූ විට ඒ වයසක කාන්තාවට හරියට කේන්තිගියා, "ශිෂ්‍යයින්නම් ඉස්කෝල වලට යන්න, මෙහෙ මොකටද එන්නේ, අපිට කරදර කරන්නේ, මම ඉස්පිරිතාලෙ ආවේ දොස්තර බෙහෙත් ගන්න නෑතුව සිසුන් එක්ක කතාකරන්න නෙමේ" යැයි කියමීන් අපව එලවා ගත්තා. නමුත් ඒ අතර සමහර රෝගීන්, අපට ඔවුන්ගේ සියළු විස්තර සහ දත්ත සපයමින්, අපේ පරීක්ශා කිරීම් ඉවසමින් බොහෝ සෙයින් අපට සහය දෙනවා.

දවසක් හදිසි අනතුරු ඒකකයේ ඩියුටි තිබුන දවසක සිදුවූ යමක් ලියා මේ සටහන අවසන් කරන්නම් එදා එම ඒකකයේ වැඩ කලේ තරුණ දොස්තර මහත්මයෙකි. රාත්‍රී වන තුරු එහි ගැවසුනු අපි, අසන සෑම පැණයකටම පිළිතුරු දෙමින්, අපට සියල්ල මැනැවින් කීයා දෙමින් සිටි ඔහු එහි පැමිණි එක් රෝගී වයස් ගත පුද්ගලයෙක් පරීක්ශාකොට කීවේ, ඔහුට හන්දි ආශ්‍රිත රෝගී තත්වයක් තිබෙන නිසා දීර්ඝ කාලීන් ප්‍රතිකාර අවැසි බවය, එනිසා බාහිර රෝගී අංශය වෙත පැමිණ නිසි ලෙස පරීක්ශණ සහ අවැසි වෙද උපකාර ලබාගන්නා ලෙසද ඔහුට පැවසීය. එහෙත් එම පුද්ගලයා, ඔහුගේ නියම වලට නොසෑහී කලේ ඔහු දොස්තර කෙනෙක් වෙන්න බැහැ, කොහොමද මේ තරම් තරුණ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නේ, බොරු දොස්තර කෙනෙක් ‍යැයි කියමින් වෛද්‍යවරයාට බැණ වැදීමය. නැවත වරක් ඔහු අමතා කාරුණිකව මෙතැන හදිසි අනතුරු වාට්ටුව නිසාවෙන් ඔහුව නවතාගැනීමට නොහැකි බව තේරුම් කලද ඒ පුද්ගලයා නැවත නැවතත් අසැබි වචන වලින් බැන වදින්නට පටන් ගති. සුළු සේවකයන් පැමිණ ඔහුව ඉවතට ගෙන ගියද අපගේ විස්මයට පත් මුහුණු දුටු වෛද්‍යවරයා අපට, තත්‍ය ලෝකයේ හැටි මේ වගෙයි කියා දූන්නේය. සිසු අවදියේ මෙන් අපව රුස්සන්නේ නැති පුද්ගලයින් මග හැර යෑමට වෙදැදුරෙකු වූ පසු නොහැකිය. කවුරු ආවත් කොහොම පුද්ගලයෙක් උනත් ඒ සියලු දෙනාට තම සේවය උපරිමයෙන් ලබාදිය යුතුය. සමහර විට ජීවිතය එපා කරවන සිදුවීම්, සමහර විට අපට ජීවත් වෙන්න ආසා හිතෙන සිදුවීම්, ඒත් මේ හැම දෙයක්ම අපි මැදහත් සිතින් ඉවසිය යුතුය.
ජීවිතේ වෙලාවකට මහා ප්‍රෙහෙලිකාවක්.

Sunday, 24 February 2008

Taare Zameen Par බලමින් හොඳටෝම ඇඩුවෙමු

Stars on Earth
"putting the weight of your ambitions on your child is worse than child labor, what if he cant carry the weight ? when will they understand that every child has his own capacity to lift weight and that he learns eventually.Every child has his own pace"
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන්නට කාලයක් නොලැබෙන අපට සිනමාව ගැන ඇත්තේ අල්ප දැනුමක්. එනමුත් මේ චිත්‍රපටයනම් ඔබ බැලිය යුතුමයි කියා මට කිව්වෙ අමා. චිත්‍රපටය අවසානයේදී අපටත් නොදැනීම අප නෙත් කඳුලෙන් පිරී ගියා. ඒ සතුටු කඳුළුය.

සුප්‍රසිද්ධ ඉන්දියානු සිනමා නළු , නිෂ්පාදක, අමීර් ඛාන් විසින් අධයක්ෂනය කර ඇති මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අවුරුදු නමයක් වයසැති දර්ෂීල් සෆාරි ය.
කතන්දරය ගොඩ නැගෙන්නේ ඉෂාන් අවස්ති නම් අට අවුරුදු වියැති කුඩා දරුවා මූලික කොටගෙනය. ඔහු ඩිස්ලෙක්සියා නමින් හැඳින්වෙන ස්නායු ආබාධ තත්වයකින් පෙලෙන්නෙකි.
මෙය අක්ෂර හඳුනාගැනීමට සහ ලිවීමට කියවීමට බාදාගෙන දෙන දෘෂ්ඨිය , මතකය සහ ග්‍රහණය කරගැනීම වැනි සන්වේදනයන්හි ඇතිවන දුර්වලතාවයකි.
"අකුරු නටනවා" කියා දරුවා කීවද එය තේරුම් ගැනීමට තරම් ගුරුවරුන්ට හැකි නොවේ, ලියන අකුරු නොපිටට ලියුවත් එයට හේතුව සොයා බලන්නට ගුරුවරුන් හෝ දෙමාපිය වැඩිහිටියන් උත්සුක වන්නේ නැත ඒ වෙනුවට ඔවුන් ඔහු කම්මැලිය, මුරණ්ඩුය , උදාසීනය කියමින් දරුවාට තරවටු කරයි,දඩුවම් කරයි.
අවටින් ඇතිවන පීඩනය හමුවේ දරුවා කරන්නේ තව තවත් මුරණ්ඩු වීමය. පාසැලේ හැමදෙයින්ම දක්ෂතාවය පෙන්වන තම සොහොයුරා සමග ඔහුව සසඳන අවස්තාද ඇතිවේ. එකම ශ්‍රේණිය කීප වරක් අසමත් වීම නිසා ඔහුව පාසැලෙන්ද අස්කරයි. අන්තිමේදී ඔහුගේ පියා , ඔහු ඉතා "මුරණ්ඩු උදාසීන" දරුවෙකැයි සිතා ඔහුව නේවාසික පාසැලක නතර කරයි.
රාම් ශන්කර් නිකුම්බ් නම් අපූර්ව ගුරුවරයාට මේ දරුවා මුණගැහෙන්නේ එහිදීය.
ළමා මනස තේරුම් ගැනීමට එයට සරිලන ලෙස ඉගැන්වීමේ යෙදීමට ගුරුවරයෙක් සමත් විය යුතුය. ළමා මනසට සරිලන ලෙස ඉගැන්වීම් රටා ගොඩනගන නිකුම්බ් නමැති මේ ගුරුවරයා, සියල්ල එපාවී, මානසිකව ඇද වැටී සිටි මේ දරුවාගේ තත්වය මැනවින් වටහා ගනී. එතැන් පටන් ඔහු ආශ්චර්‍යයක් මවා පායි...
ඩිස්ලෙක්සියා නම් තත්වය ලොව අද හදුන්වන්නේ ආශිර්වාදයක් ලෙසය
ලොව සුවිසුරු විද්වත් ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්,ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ඇතුලු බොහෝ දෙනෙක්ද
ඕර්ලැන්ඩෝ බ්ලූම්, කීරා නයිට්ලී, කියානු රීව්ස්, අභිෂේක් බච්චන්, රොබින් විලියම්ස් නමැති සුප්‍රසිද්ධ නළු නිළියන්ද ලියනාඩෝ ඩා වින්චි , පබ්ලෝ පිකාසෝ ඇතුලු බොහෝ සිත්තරුන්ද සංගීතඥයන්ද ඒ අතර වේ
මේ එම නාම ලේඛණයයි "dyslexia the gift"
මා සියල්ල මෙහි සටහන් කරන්නේ නැත . මන්ද එය මෙතෙක් චිත්‍රපටය නොබැලූ අයට කරන අසාධාණයක් වන හෙයිනි.
හැම දෙයින්ම පළමු තැන ගන්නට, විශිෂ්ඨතමයා වන්නට දරුවන් නොනවතින තරඟයකට ඇද දමන දෙමාපියන් මා කොතෙකුත් දැක ඇත. එමෙන්ම, පාසැලේදී අදක්ෂ වන දරුවන් පන්ති කාමරය තුල කොන් වෙනු මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි. පොඩි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නේ වැඩිහිටියන්මය.
චිත්‍රපටයේ එන දෙබසකින් මා මේ සටහන අවසන් කරමි
(Ishan's teacher Nikumb to Ishan's parents : this is a translation of the hindi dialogs)
"there is a cold war out there , every one wants to grow toppers and rankers in their homes
every one wants number 1
Doctor engineer management, less than that is unacceptable
95.5% 95.6% , 95.7% less than that is uncountable
Isnt it ?
think about this,
every child has his own quality own expertise own desire
but no , every one is busy stretching the finger to make it long
keep doing that ! no matter u break the very own finger"

Official web site - Taare Zameen par .. Every child is special

From Wikipedia
"Ishaan Awasthi, an eight-year old dyslexic child has difficulties in reading, and spelling. His world is filled with wonders that no one else seems to appreciate; colours, fish, dogs and kites are just not important in the world of adults, who are much more interested in things like homework, marks and neatness. And Ishaan just cannot seem to get anything right in class. For this, he gets punished time and again.

In contrast to this, Ishaan's elder brother, Yohaan is always at the top, be it in sports or studies. However, Yohaan is supportive of his brother.
When Ishaan's academic report sinks to a level too low for his parents (specifically his father) to bear, he is packed off to a boarding school to be 'disciplined'. Things start turning out no different at his new school though, and Ishaan has to contend with the added trauma of separation from his family.

One day a new temporary art teacher Ram Shankar Nikumbh(Aamir Khan) joins Ishan's boarding school. Nikumbh, with his characteristic teaching style that is markedly different that his strict predecessor, soon becomes popular among the students. Nikumbh soon notices that Ishaan is unhappy, and a non-contributor to activities in the class despite the atmosphere in the class that actively seeks contribution from the students.

He sets out to discover why......
read the rest from Taare zameen par - සෑම වැඩිහිටියෙක්ම, ගුරුවරයෙක්ම නැරඹිය යුතුමය

Thursday, 21 February 2008

ජාත්‍යන්තර මව් භාශා දිනය..කඩුක්කන්

අද ජාත්‍යන්තර මව් භාශා දිනය බව සිංහලයා පුවත් තුලින් දුටුවා. read the news article
මව් භාශාව යනු අප උපන්දා සිට අප කතා කරන භාශාවයි. අපි මුලින්ම කථාකරන්න ඉගෙන ගන්නේ අපේ දෙමාපියන් ගෙන් හරියටම කිව්වොත් අපෙ අම්මගෙන් , අම්මා කතා කරන එක තමයි දරුවෙක්ට හුරුවෙන්නේ මොකද ගෙදර නිතරම ඉන්නේ අම්මානේ, ඒකයි එයට මව් භාශාව කියන්නේ කියලයි මා අසා ඇත්තේ, ඒත් ලෝකයෙන් භාශා තුරන් වී යැමේ අවදානමක් තිබෙන බව මා අසා කියවූයේ මීට බොහෝ කලකට පෙර,අද ලංකාවේ සිටින කලු සුද්දන් සිංහල අමතක කරන්නට වෙර දරද්දී, ඇතැම් පිටරටම උගත් අපේ එවුන් හොදින් සිංහල කතා කරති. සමහරු ෆැශන් එකට ඉංග්‍රීසි කතා කරති,ඒත් ඉංග්‍රීසය දැනගත් පමනින් තමන් ගේ මව් බාශාව අමතක කළ යුතු නොවේ. මට ජපුර රෝහලේදී මුණ ගැසුනු, රුසියානු වෛද්‍ය ශිෂ්‍ය "සිරි සිරිමල්" ඉගෙනුම ලැබුවේ ජාත්‍යන්තර පාසැලකය (International school). නමුත් හේ හොදින් සිංහල ලියයි කියවයි කතා කරයී. මොන්ටිසෝරියේ සිට ජාත්යාන්තර පාසැලකට ගියද තම දෙමාපියන් ගෙදරට ගුරුවරුන් ගෙනවා තමන්ට සහ තම සහෝදරයාට සිංහල ඉගැන්වූ බව ඔහු කීවේය.තමන් ගේ මව් භශාව හොදින් දැන උගත යුතුය. එමෙන්ම ඉංගිරීසියද, අනෙකුත් ඕනෑම බාසාවක්ද දැන උගත යුතුයි. එහෙත් එපමනින් ඔළුව උදුම්මා ගත යුතු නොවේ.

කඩුක්කන් කවිය ලියෑවුනේ, මගේ යහළුවෙක් මට පැවසූ කථාවක් ඔස්සේ, අගනුවරින් බොහෝ දුශ්කර ප්‍රදේශයක සිට අකුරු කරන්නට එන ඇගේ කඩුක්කන් ( කරාබු) දෙකට අත්වූ ඉරණම අසා මගේ පපුව පිච්චී ගියා, නමුත් ඇගේ කන පාලු වෙන්ට අපි යාළුවෝ පිරිස ඉඩ දුන්නේ නැහැ. මේ කවිය කියවූ සමහරෙක් පැවසුවේ කඩුක්කන් කියන වචනය දැනගත්තෙත් මේක කියෙව්වට පසුව කියලයි . මම නම් බොහෝ කුඩා කළ සිට ආභරණ අජීර්ණයකින් පෙලෙන්නෙක්මි

Wednesday, 20 February 2008

නැවතිලා අතරමග ජීවිතය නොකියාම ..Life goes on

ගව් ගණන් දුව ඇවිද හෙලූ දහදිය බෝම
නැවතිලා අතරමග ජීවිතය නොකියාම
ඉනූ කඳුලැලි දකින්නට නිමක් නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම

මියැදෙන්න අඬ ගසයි සෙවනැලිත් එක්වරම
නොයදින්න නැත සමා වරද මා අත තවම
ගොඩගන්න දිවි දෙන්න හැදූ මුත් හැමදාම
කරුමයද උරුමයද හඳුනගන්නේ කොහොම

අප්රමාණ වූ දුක්ක දෝමනස්ස වලින්ම හෙම්බත් වෙච්චි මනුස්ස ආත්ම පමණක්ම දකිමින් ගත වෙන ජීවිතේ විටෙක වෙහෙසකරයි. හැමදේම අවසානයේ ඔවුන්ගේ ජීවිත දිහා බලා අපි කොතරම් වාසනාවන්තද කියා සිතන අයත් නැත්තේම නැහැ.
පිළිකාව, ඔබ අප හැම දෙනාම මේ වචනය ගැන දක්වන්නේ බියක්, සමහර විට රෝගීන් අසලදී වැරදිලාවත් මේ වචනය ඉංග්රීසියෙන්වත් නොකියා ඉන්න කියා තමයි අපට උගන්වන, ගුරුවරු පවසන්නේ, එමෙන්ම එවැනි රෝගී තත්වයක් තිබුනත් සමහර රෝගීන්ට ඒ බව නොකියා සිටින අවස්ථාත් නැත්තෙම නෑ.
ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු, සිතුවිලි නතර කර දමන්නට යෙදෙන බාධක හමුවේ නොපසුබට වීර්යයෙන්, තම ශරීරයේ සාරය උකහා ගනිමින් සිටින මාරකය හා සටන් වදින අපේම උන්ගේ දුක දකින විට ජීවිතය මොනතරම් අසාධාරණද කියා හිතෙනවා.
ඒ අයගේ බලාපොරොත්තු සහගත දෑස් අභියස විටෙක අපිද අසරණයි. මෙලොව ධර්මතාවයක් ඇත්නම් එය සාධාරණ විය යුතුයි, හැමදාම සිතෙන සිතුවිල්ල දැනුත් ඇවිදින් මසිතට වද දෙනවා, ”තියෙන අයට ඔක්කොම තියෙනවා, නැති අයට මොකුත් නෑ”
හැමදාම වෙනසක් නැතිව මරණය අභියස අපේ හිත් සසල වෙනවා, වැලපෙනවා, සමහරු කියනවා දවසක මරණය කියන දේ්ට අපි පුරුදු වේවි කියලා. එහෙම උනොත් එදාට මේ තරම් මරණය අපේ හිත් සසල නොකරාවිද? , දුක් විඳින මිනිස්සුන්ගේ දුක හිතට නොදැනේවිද ? මෙතරම් දුකක් එතකොට හිතට නොදැනේවිද ?
ජීවිතේ එක්වරම නවත්තන්න බලාපොරොත්තු අපේක්ශා සියල්ල නැති කරලා දමන්න මේ අකුරු හතරේ වචනෙට මහා බලයක් තියෙනවා.

සිංහල ආයුර්වේද ක්රම මගින් පිළිකා ඇතුලූ බොහෝ රෝගාබාද නිට්ටාවටම හොඳ කරන බව අසා ඇත්තෙමි දැක ඇත්තෙමි. අපේ රටේ රජයේ රෝහල් වල බටහිර වෛද්ය ක්රමයට අමතරව ආයුර්වේද ක්රමද අනුගමනය කලහොත්, එහෙම නැත්නම්, චීනය, ජපානය සහ නැගෙනහිර යුරෝපීය සමහර රටවල් මෙන්, homeopathy, Naturopathy, ආයුර්වේද යන මේ සියල් දැනුම් කැටි වුන වෙද මැදුරු නිර්මාණය උනා නම්, අපේ රටේ වෛද්ය ශේස්ත්රය මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුනා, එහෙනම් ගුණාත්මක දියුණුවක් ලබන්නටද ඉඩ තිබුනා යැයි බොහෝ දොස්තරවරු පවසනවා.
තවමත් නේවාසිකාගාරයේ අපි සමහරු කොත්තමල්ලි තම්බන විට ඇතැමුන් ”At least trust what you are studying” යැයි පවසනවා. නමුත් හැම කිඹුහුමකටම, ඔළුවේ කැක්කුමකටම පැනඩෝල් පෙති ගිලින්න පුරුදු කරන වෙළඳ දැන්වීම් අතරේ එහෙම නොකියන අය නොසිටියොත් පුදුමයක් !

Saturday, 16 February 2008

මගෙ ගම මහනුවර ... My home town Kandy


අපේ ගමේ අවුරුදු ... මා ලියූ අවුරුදු මතක ලිපි එකතුවක්‌.
"සිංහලයා අපේ අවුරුදු" කලාපයේ මෙය පසුගිය අවුරුද්දේ පළ වුනා, මගේ ගම ගැන විස්‌තරය මා ලියූ එයින් උපුටා ගත්තා

අවුරුද්දට ගමට යනවා...

ඉස්කෝලෙන් නිවාඩු ලැබුන ගමන් ඉතින් නුවර යන්න තමයි අපේ දැඟලිල්ල. දරුවෝ හැමෝම මහ ගෙදරට ඇවිත් අම්මා අප්පච්චී එක්ක අවුරුදු කාලෙ ගත කරන සිරිත පුරාණයේ සිට පැවත එන්නක්. අත්තම්මා ලොකු අත්තා ඇතුලූ සෙසු නෑදෑයෝ සමග අවුරුදු සමරන්න හැම අවුරුද්දකටම අපි ගමේ යනවාමයි.
යන පාරෙ අතරමග පහුවෙන ගැටඹේ පන්සල ලඟදී පඩුරු දමන්න කවුරුත් අමතක කරන්නෙ නැහැ. කාර් බස් කෝක උනත් එතනදී නතර කරල වැඳලා පඩුරු දමනවා.

එක කාලෙක මහා ගං වතුරක් ඇතිවෙලා ගම් නියම් ගම් ඔක්කොම යටවෙලා, මේ බෝධිමළුව සහ පන්සල විතරක් යට නොවී බේරිල තියෙන්නෙ, ඉතින් මිනිස්සු අදත් එතනින් යද්දි වාහන නතර කරල පඩුරු දමලා අවසර ආරක්ෂාව පතන්න අමතක කරන්නේ නැහැ.

නුවර දළදා මාලිගාව ලඟින් යද්දී දොහොත් මුදුන් දීලා ඒ දිහාට වැඳලා තමයි යන්නේ, ඒ වගේම දිවුරුම් බෝධිය පන්සලත් පහු කරගෙන තමයි අපි ගමට යන්නේ, ඒ නම හැදුනේ, දුටු ගැමුණු රජතුමා යුද්ධෙට යද්දී රට බේරා ගන්ට දිවුරුම් දීලා තියෙන්නේ එතන නිසා,අත්තම්මාගෙන් නිතර අහන පුරාණ කතන්දර වල කියෑවුනේ, මෙහෙම කථාවක්, සුද්දා අපේ රට පාලනය කරද්දී, දළදා මාලිගාව සහ ඒ ආස්රිත සිරිත් ක්රියා හෙළා දැකපු නිළදාරීන් දන්ත ධාතූන් වහන් සේ තලා විනාශ කිරීමට නියෝග කලාලු, එතකොට ඒ අවස්ථාවේ ධාතූන් වහන් සේ අහසට නැගී අතුරුදහන් උනාලු, පසුව දන්ත ධාතූන් වහන් සේ දිවුරුම් බෝධියේ අතු අතර වැඩ සිටිනු සැදැහැවතියන් දුටුවාලු, අත්තම්මා කිව්වෙ එහෙමයි ඒකත් ජනප්රවාදයක්ද ඇත්තම ඇත්ත කථාවක්ද කියා හා ගිස්සන්න නම් ගියේ නෑ

රුප්පේ පහු වෙනකොටම අප්පච්චී හෝන් එක ගහනවා තුන් හතර සැරයක්, මොකද හෝන් එකේ සද්දේ මහ ගෙදරට රුප්පේ ලඟදී ඇහෙන නිසා. එතකොටලූ ලොකු අත්තාගේ මූණේ හිනාවක් මතුවෙන්නේ, අත්තම්මා ලොකු අත්තා ඇතුලූ හැමෝම ඉතින් පුතාල එනවා කියලා දැන ගන්නවා.මොකද ඒ කාලෙ අපේ ගමට විදුලිය, දුරකථන පහසුකම් තිබුනේ නැහැ. මේක හැමදාම නොවරදවා කෙරුනු දෙයක්. රුප්පේ කියන ස්ථානය හා සම්බන්දව ඉතිහාස කථාවකුත් තියෙනවා.
රාජසිංහ රජතුමා(එහෙම තමයි මට දැන ගන්ට ලැබුනේ) ඔන්න ගම් නියම් ගම් වල සැරිසරන අතරේ ලොකු වැස්සක් ඇවිදින් ගං පිටාර ගලලා. රාසීහ රජතුමා, රුප්පේ වංගුවේ තියෙන ගහට නැගලා, උදව් ඉල්ලලා තියෙනවා. රුප්පෙ වංගුවෙන් පහල කඳු අතරේ නිම්නයේ පිහිටි ”වලක වගේ” ගම තමයි ලඟම තිබුනේ නමුත් කාටවත් ඇහිලා නැහැ. වැස්ස නිසා වෙන්ට ඇති, ඒත් ඊට එහායින් කන්දේ පිහිටි ගමේ මිනිස්සුන්ට ඇහිලා එයලා ඇවිත් රජ්ජුරුවන් බේරගෙන. රජතුමාට ඉතින් කේන්තියි අච්චර ලඟ තිබුනු ගමේ මිනිස්සු ආවෙ නැති එකට, ඉතිං රජ්ජුරුවෝ ඒ ගමට නෑහුණු වල කියල නම් තිබ්බලූ, අර ඇහිලා බේරගන්ට ආපු මිනිස්සුන්ගේ ගමට ඇහුණුගම කියලා නම් තිබ්බලූ
අන්තිමට ජන ව්යාවහාරය නිසා. නෑහුණුවල , නැහිනිවල උනා, අද වෙනකොට ඇහුණු ගම , අළුත් ගම කියලා හඳුන්වනවා. මේ මම අප්පච්චී, ලොකු අප්පච්චීගෙන් එහෙම අහගත්තු කථාන්දරය.. රුප්පේ වංගුවේ අර රජතුමා ගොඩවුනු ගහ තවම තියෙනවා.

එක පැත්තකින් හන්තාන කඳු වලල්ල පෙනෙනවා, තව පැත්තකින් ඌරාගල කන්ද පේනවා. ගම මැද්දෙන් ගලන තලාතු ඔය මහවැලි ගඟ බලා ඇදෙනවා. වැහි කාලෙට තලාතු ඔය පිටාර ගලනවා, එතකොට පාළමටත් උඩින් වතුර දමනවා.
ගමේ යද්දී, අප්පච්චී මග දකින හැම කෙනෙක්ටම වාහනේ නතර කරලා කථා කරන්න අමතක කරන්නේ නැහැ. මේක අපේ සිංහලයෝ තුල තියෙන හොඳ ගුණාංගයක්, කා එක්ක උනත, කට පුරා හිනාවෙලා, බෑරක්ද ආයිබෝං කියල අහන්නේ , හිතේ තියෙන ළෙංගතු කමටයි.
එ්ත් නගරේදී ඔන්න දන්න කාගෙන් හරි අහුවනම් කොහෙද යන්නේ කියල, ඇයි මොකටද අහන්නේ වගේ තරහින් තමයි ගොඩක් අය උත්තර දෙන්නේ.
තලාතු ඔය පාළම පහුකරගෙන යද්දී, ඔය ලඟම දෙපැත්තේ වෙල් යාය, මේ දැනුත් මගේ මනසේ ඇඳෙනවා...

මගෙ ගම මහනුවර

සෙංකඩගල පුරය බල මැන සිරින් පිරී
බෝගම්බර වැව මැද ඇත දියෙන් පිරී
වටකොට කඳු මුදුන් සිරියෙන් බලෙන් පිරී
මගෙ ගම මහනුවර සීතල බවින් පිරී

අප ලක උතුම් දළදා හිමි වැඩ හිඳින
ඝණ රන් කිරණ සැම දස අත පතුරවන
උස් කඳු මුදුන් මහ දිය ඇලි ඇද හැලෙන
සිරිමත් මහනුවර අසිරිය බලනු මැන

මද්දුම බණ්ඩාර කුමරුන් නිර්භීත
ලෙයින් තෙත්වුනිද බෝගම්බර සීත
උඩරට මැණිකෙලා සුන්දර සුලලීත
පවසයි සෙංකඩගලපුර ආසිරි ගීත

බෝ ©

Friday, 15 February 2008

හිතට බරයි විභාග.. exams , the degree and then what

මෙය හුදෙක් ලියවුනේ, සිසු සිසුවියන් වන අප නිතර කථා කරන මාතෘකාවක් ඔස්සේ
"අවුරුදු දෙකකක තුනක කෝස් එකක් කලානම් මෙලහකට රස්සාවක් කරනවා එක්කො, රස්සාවක් කෙරුවනම් මෙලහකට හම්බ කරනව, ඔවැනි නොයෙක් කතාබස් නොමැති දවසක් නැති තරම්." ඒත් ඉතින් තව අවුරුදු කීපෙකින් රස්සාවක් කරන්න ලැබුනත් මේ ඉගෙනුමේ අවසානයක් නැහැනේ, අපි හිතන් හිටියට උපාධිය ගත්තම ඔක්කොම හරි කියලා, හොන්දටම කරදට විය යුතු කාලෙ එන්නේ, එයින් පස්සේ. අද ලාංකික තරුණ තරුණියන් මුහුණ දෙන ප්රදානම ගැටලුවද තමන්ගේ ඉගෙනුමට සරිලන රැකියාවක් නැතිකමය, විශ්ව විද්යාල වලින් උපාදිය අරගෙන පිටවෙද්දී, උසස් පෙළ සමතුන් බොහෝ දෙනෙක්, රැකියා වල නියෑලෙන ගමන් බාහිර උපාදි මගින් එම කඩ ඉම් ජය ගෙන, රැකියා විරහිත උපාදි දාරීන් පිරිස වැඩි වෙද්දී ඒකට පිළියමක් යොදන්න කාටවත් තවම බැරි උනේ ඇයි ?

පොදු සිතුවිලි

කරදර එකින් එක ගොඩවෙයි නොදැනීම
සවියක් නැතිව තවමත් හිත වැලපීම
අතපා හැමට ජීවත් වෙනු හැමදාම
රස්සාවක් කලා නම් නැහැ නොවැ මෙහෙම


උපාදියට ගතවෙන අවුරුදු බෝම
වයසයි ඒත් තවමත් අපෙ ඉගෙනීම
අවසන් වෙන කලක් නොදනෙමු හරියටම
කොයිදේටත් යැපෙන්නෙමු හැමගෙන් තවම

බෝ ©

Zoomed in..my pissu photography


A very rare photograph, taken by Me the worst photographer ever (oh yes i have a low self esteem) actually I had the camera when SNR was trying to feed the elephant, with all the yelling from the crowd asking me to take a photo I just clicked without even looking through the lense, cause at that time I knew I was in a good length to capture the whole area, but didnt know that the camera was zoomed in.
another - this time appachchi and nangi , feeding the elephant



and another... :D (thats a human hand ! not an elephants trunk lols)

Thursday, 14 February 2008

ආතුරයන් මැද අනාතුරව.. Intellectually numb


බොහෝ දෙනෙකුට අන් අයගේ ජීවිත ප්රශ්නයක් වී ඇත.
ඔවුන් ඒ ගැන නොයෙක් විට නොයෙක් දේ අසති, කොහොමද කන්නෙ, කොහොමද බොන්නෙ , කොහොමද මේවා ලියන්න වෙලාව හොයාගන්නෙ.
සමහරුන්ට මුදල් යන වචනය ඇසුනොත් ඒ ඇති, ඉතින් ඒ ගැනමලු අහන්නේ, සමහරු නිතරම බලන්නෙ අනිත් කෙනා ලග තියෙන්නෙ මොනවද ඒ දේ තමන්ට හිමි කරගන්න, මට තේරෙන්නෙ නැත්තේ ඇයි මේ තරමට මිනිස්සු අනිත් අය ගැන උනන්දු වෙන්නේ, අන් අය ගැන තිබෙන උනන්දුව තමා කෙරෙහි තියා ගත්තනම්, අද අන් අයට වඩා යමක් ඔබ හිමි කරගෙන

ඉස්සර අර කථාවට කියන්නෙ, "අල්ලපු ගෙදරට කළු සුදු ටී වී එකක් ගෙනාවොත්, අපේ ගෙදරට වර්ණ ටීවී එකක් ගන්න ඕනේ " කියලා අන්න ඒ වගේ,
ඇයි මිනිස්සු මේ තරම් භෞතික දේ පසු පසම දුවන්නේ? ජීවිතයේ සැබෑ අරුත කුමක්දැයි වටහා ගන්න බැරි තරමට ඔවුන් ආසාවන් ගෙන් පිරී ගිහින්,
පිච්චමල නවකථා මාලාවේ එක තැනක රාහුල හාමුදුරුවෝ, නිර්වානය ගැන මෙහෙම කියනවා මතකයි "ආසාවන්ට ආසා නොකරන්න "
සුසුකං වත ජීවාම
ආතුරේසු අනාතුරා
ආතුරේසූ මනුස්සාස
විහරාම අනාතුරා
(ධම්ම පදය)

(කෙළෙසුන් ගෙන ආතුර වූ මිනිසුන් මැද අපි අනාතුරව ජීවත් වෙමු
ආතුරයන් මැද අපි අනාතුරව වෙසෙමු .. යන්න එහි සරලම තේරුමයි )

I'm so glad to receive so many comments and views to the anti valentine post I wrote yesterday. A friend who read my blog last night said he didnt buy any flowers cause he took my idea serious and thought of boycotting the valentines day along with me but the truth was his girl friend was away for this week.
Even though I dont care about this commercialized valentine day, some one thought of me today and gave me a toy flower, and said I should think of it as a best friends day or something.

I respect all ideas and views and would not barge in to conclusions based on my own principles in life
As "Ci" asked me in his reply, many of my friends and people I meet online, often have asked me "when do I find time to write and paint", To tell you the truth, I couldn't do a single proper painting in 5 years, all I did was sketching and splashing paint on A 4 sheets. I like painting but have never learned it, so there 0% chance of me becoming a painter in this life time. But I do write a lot. thats what I do to relax my self. Its a habit I cannot get rid of.
You know if u really want, its not hard to find time. If you have the will there is always a away !

But what Ci wrote is also pretty much true, some people who cant even find a minute to spend on their loved ones can actually force themselves to show their love towards them, but yet again, "Is that really love ?"
...and cheers to all who understood the reality
මටනම් මේ දවස වාණිජකරණය කල තවත් එක් දවසක් විතරයි. ආදරේ කියන දේ හැමදාටම තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ

Wednesday, 13 February 2008

Anti valentine's day !

Hospital corridors shops and streets,where ever I go, red hearts, roses and I luv you..s, Valentine's day decorations. Some of my fellow medda's are getting ready for parties and valentine's day balls etc. Most of them asked me to join.
but how can I enjoy while half of the nation is suffering.
How can I spend some few thousands just to buy a dress or to buy a present, or to have a dinner out ? while there are many kids working on fridays just to earn some cash for their school supplies. I've experienced such my self. There were times when I couldn't even enjoy a proper meal in a hotel or outside restaurant cause of the poor street children i used to see on my way in,so I prefer to be an anti valentine person than to explain the reality to them, came across some anti valentine's day cards, and sent them to some of my friends , hahaa just for the fun of it.
While reading Purnima's blog, a blog I visit everyday, I came across some love quotes. with all my hectic daily routine, I never had time to stop and think on this matter before.
Love , Is it just a feeling ? or a self satisfaction. May be its all about loving your self. Does any one( other than our parents), love a person or a thing , regardless of what he or she gets in return. I think at last it all ends with "loving your self" theory.
Some says its hard to explain, since it has different meanings, In an email I read the following explanations.
When a group of professionals posed the question, "What does love mean?" to a group of children between the ages of 4 and 8, they got answers that were broader and deeper than anyone could have imagined.

"Love is when you go out to eat and give somebody most of your French fries without making them give you any of theirs."

"Love is when someone hurts you. And you get so mad but you don't yell at them because you know it would hurt their feelings."

"Love is what makes you smile when you're tired."

"Love is when my mommy makes coffee for my daddy and she takes a sip before giving it to him to make sure the taste is OK."

"When my grandmother got arthritis, she couldn't bend over and paint her toenails anymore. So my grandfather does it for her all the time, even when his hands got arthritis too. That's love."

For me everyday is a day filled with love. but some times its blended with tears, cheers , sorrows and happiness. Life is simple over here.

My photographic memories...


I know I am a terrible photographer, but I never stop clicking my camera when I travel.
Kaluthara Wiharaya on Poson Full moon Poya day..

පොසොන් දා කළුතර වෙහෙර පසුගිය පොසොන් පෝ දින, මතුගම දළුග්ගල ආරාමයට ගියෙමි,ඒ ගියේ ඒ ආරාමය තැනීමට මුලිකත්වය ගෙන කටයුතු කළ චාමික මුණසිංහ අයියා අපේ හිතවතකු වන නිසාත්, අරම ගැන තොරතුරු නිතර කියන නිසාත්ය එහි ගොසින් එන අතරතුර, වැද පුදාගත් කළුතර වෙහෙරෙහි පින්තූරයක් ගන්නට උත්සහ කලද , ඉතා ලග සිට ඒ පින්තූරෙ ගන්න එක ටිකක් අමාරු උනා,ඒ නිසාම පාළම දිගේ ඉදිරියට යන අතරෙ මම කැමරා කාචය එල්ල කර වඩා හොදින්ම පෙනෙන කෝණය ලබා ගන්න උත්සහ ගත්තා, ආරක්ෂක හේතූන් මත පාලම උඩ වැඩි වේලා රැදී ඉන්න බැරි බව පොලිස් මහත්මයෙකු මට දැනුම් දුන් හෙයින් ඉක්මනින් මෙය මගේ කැමරාවේ සටහන් කරගෙන එතනින් ඉවත් වුනෙමි. පොලිස් මහත්මයා එලෙස ආරක්ෂක තත්වය ගැන සලකා මා හට බාදා පැමිණවීම ගැන මට කොහෙත්ම අමනාපයක් නැත මන්ද අප අද මේ තරමින් හෝ ආරක්ෂා වී ඇත්තේ අප ත්රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණ විරුවන් නිසාය යන්න මා උදක්ම දනිමි රට වැසියන් හැටියට ඔවුනගේ රාජකාරියට සහය දැක්වීම අප යුතුකම වේ මා ඉහත සිදුවීම දැක්වූවේ මේ පින්තූරයේ ගුණාත්මක බවෙහි යම් කිසි අඩුවක් දක්නට ලැබුනොත් එයට හේතුව සදහන් කිරීමටයි

Tuesday, 12 February 2008

මගේ සෙත් සිරිත...neither too much nor too little


ලියපු යමක් පළ කරන්නම් කියලා හිතාගෙන හිටියට හොස්ටල් එකට ඇවිත් බලද්දි, මුලු හොස්ටෙල් දෙක තුනේම අන්තර්ජාලය අඩපන වෙලා, ඉතින් ආයෙත් කට්ටිය ඇවිත් හදනකම්ම බලන් ඉන්න උනා, වස් කවි නොවී සෙත් කවියක් වෙනු දැයට කියලා මා ලිව්ව ඒ කවි සංකල්පනාවට ප්රතිචාර ලැබී තිබ්බ, ලියන ඒවා තවත් හොදින් ලියන්න මේ ලැබෙන දිරි ගැන්වීම් මහෝපකාරී වෙනු ඇත,

මට කේන්තියක් ආවම කළේ කවි ලියන එක, දුකක් හිතුනමත් කළේ ඒ ගැන කවි ලියන එක, කවුරු හරි බැන්නමත් කලේ ඒගැන කවියක් ලියල තරහ පිට කරන එක, තනිකමක් දැනුනත් කලේ කවි ලියන එක, හිතේ තියෙන දේ කට වචනයෙන් පිට කරන්න බැරි උනහමත් කලේ කවි ලියන එක,
කවි කියන්නෙ මොනවද කවි ලියන්නෙ කොහොමද ඔහොම ප්රශ්න බොහෝමයක් මට නොයෙක් වෙලාවට ඇති උනා, එනිසාම පත පොත කියවන්න නැඹුරු උනේ

For me a Poem means, some thing extraordinary, If I can visualize a normal situation in a more rhythmic yet realistic and meaningful way I can definitely call it a poem. I define Poetry as Rhythmic thoughts, If those thoughts can create a photograph in the readers mind I think thats the best a poem can do,
If the verse is rhythmic it sort of captures our mind in a more nourishing way.

I read the following statement in an article written by Marilyn Singer
WHAT MAKES A GOOD POEM? In 2002, Marilyn asked a group of authors, editors, and other book people this question. among all written answers I liked this the most,

"There are at least a hundred different ways to respond to that question. Like a good poem, it says more in a few words than some novels do in three hundred pages.

But, here's a thought I had recently about poetry:

A good poem is like medicine. It can be made up of almost anything, but only when its ingredients are put together in the right proportions--neither too much nor too little—can it affect your life.

Taking that medicine analogy even further, just a little dose of good poetry is sometimes all you need to be helped and even healed.

This, of course, ties into some very old ideas. My Abenaki ancestors said that words have power, that a song can be medicine, can restore balance, can bring back joy after sorrow. Words of power make things happen. Good poems touch that sort of power. " ~ Joseph Bruchac ~


පහත කවිය ලියෑවුනේ පසුගිය ජූලි මාසයේ, හිතේ තිබෙන සියලු දෑ සටහන් කෙරුම මගේ පුරුද්දක් වෙලා තිබුනා, ඒවා තාලෙකට රිද්මෙකට ලියන එකත් ඒ එක්කම පුරුදු උන දෙයක්, ඉතින් එනිසාමයි
කවියත් ජීවිතයේ එක විදිහක් ...
කියලා කියන්ට හිතුනේ.

මගේ සෙත් සිරිත

කරන කාරිය පළමු හිතේ පිරිසිඳු කමම
බුදුන් දම් සඟුන් වැඳ වඩා අවසර ගැනුම
කරන දේ දැන උගෙන කරනු මිස හරියටම
නොදැන කිසි දෙයක් කෑ ගසනු වේ මෝඩකම

දුටිමි නම් අවැඩ දේ දෙන්නෙ පෙන්වලා හෙම
අපේ කම නිසාවෙනි නැතුව කහටක් එහෙම
මගේ දෙය නොවේ අපි අපේ දෙය ගොඩ නැගුම
තමයි මා වැඩූ දේශයෙන් මා ලද දැනුම

මේ බිමේ මා උපන්නේ මගේ පිනටමය
මට උතුම් මට උතුම් මගේ ලක්මෑණිමය
සත් සිරිත් සිහළ ගති අපේකම අපේ දෙය
රැකගැන්ම වගකීම වේ අපිට උරුම දෙය

දනින් පහළට අඳින ඇඳුම දික්වී තැබුම
වටී සද් සපිරි බව එයයී ඔබ ලද දිනුම
ගුණින් නුවණැසින් මෝරා ඉගෙන ගත් දැනුම
මනින මිම්මත් එයයි ඒ ඔබේ හැදුනු කම

කුඩා කල සිටන් අප දැන උගත්තේ අපෙම
රජුන් කුමරුවන් වීරියෙන් රට දැය රැකුම
හිතේ ඇති මහා ශක්තියක් වෙයි නම් තවම
අමා බුදු ගුණින් වැඩු මහා සතියයි පරම

බෝ ©

Saturday, 9 February 2008

We can change ! අපිට වෙනස් විය හැක


මම
සර්ව සම්පූර්න කෙනෙක් නොවෙමි.. එහෙත් පංචේන්ද්රියයන්ට අවනත නොවී ඉස කද කෙලින් තබා ගැනුමට උත්සහ ගන්නෙමි
අන් අය වෙනුවෙන් හිතන්නට වැය කරන්නට කාලයක් නොමැත කියන කියුම කෙතරම් ආත්මාර්ථකාමීද? මා උගතෙක්ය බුද්ධිමතෙක්ය කියා තමා ගැන වඩා උසස් ලෙස හිතාගෙන අනුන්ව පහත හෙලා කතා කරනව මට පේන්න බැහැ.
අපි හැමෝම මිනිස්සු, ඇයි අපිට බැරි හැමෝටම එකම value එකක් දීල කතා කරන්න. එකම ගෞරවයක් දෙන්න.

අපිට වෙනස් විය හැක
ඒත් අන් අය වෙනස් කල නොහැක, ඒක මම හොදටම දන්න දෙයක් උනත්, කාට හරි කියන්න ඔනෙ දේ මම ඉක්මනින් කෙලින්ම කියලා දමන්න පසු බට වෙන්නෙ නැහැ ඒක මගේ මම දකින වැරද්දක්, මොකද අන් කෙනා ඒ ගැන මොනවා හිතයිද කියලා මට කල්පනා වෙන්නේ පස්සෙ
"You know being straight forward is not so bad, but you can always meet up with unnecessary situations" my friends used to tell me
I know its not my thing to make things right but yet again, I get this sudden urge to straighten things up, and never think of the consequences. I'm often understood judged and read wrong. But at the end when I look back I feel content thinking "well, at least I tried !"

හුගක් දක්ෂ දරුවන් නිසි මග පෙන්වීමක් නොමැති කමින් තම ජීවිත අවුල් කරගනු මා කොතෙකුත් දැක ඇත.
ඔවුන් ගැන කොතෙක් දෙනා කතා වුනත්,වැරද්දක් දුටුවත් එය නිවැරදි කරන්නට නොයැම අභාග්යක්,
"මේ ලෝකෙ හැමෝම ඔයාගෙ නංගිලා මල්ලිලා කියලා හිතාන එයාලට මග පෙන්වන්න හරි වැරැද්ද පෙන්වන්න යනන් එපා, අන්තිමට දුක් වෙන්න වෙන්නේ ඔබටමයි " එහෙමත් මට අවවාද ලැබුනා
ඒත් මට තවමත් ඒ ගතිය ඇර ගන්න බැහැ, මම මොකද කරන්නේ ?
ඒත් මම කියන පෙන්වන ඒ දෙයින් මොකක් හරි වෙනසක් සිදු උනා නම් එයම ඇති මට සැනසෙන්න

(this poem was also published in rivira some time back)

Friday, 8 February 2008

ඔක්කෝටම වඳින හැටි


දික් කල කෙනෙහි සතුරන් ගේ ගෙල නොසිඳ
වක්නූ පොරණ සිංහල අත් යුවල අද
ඔක්කෝටම වඳින හැටි බල බලා ඉඳ
ලක් මව අඩන හැටි උඹටත් පෙනෙනවද
එස් මහින්ද හිමි

ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටි යුගයක, කවි පබැදුමට තමන් තුල වූ විශිෂ්ඨ හැකියාව තුලින්, දේශයක් අවදි කරන්නට තම නිර්මාණ ශක්තිය යොදාගත් කවියා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ය.
උන්වහන් සේ ජාතික නිදහස පාදක කරගනිමින් ලියා ඇති කවි සිය ගණනක් මා හට කියවන්නට ලැබුනේ ඉතා කුඩා කල සිටයි. ඒ කවි කියවද්දී, නිරතුරුවම සිහිවුනේ මගේ රටට මා අතින් සිදුවිය යුතු සේවය, යුතුකම් මොනවාද යන්නයි. ඒවගේම ජාති මාමකත්වය, ජාති ආලය යනු කුමක්දැයි මැනැවින් වැටහිනි. පරාධීන නොවී සිටීමේ අගය සිත තුල කා වැදිනි. උන්වහන් සේගේ කවි වලින් ලද ආභාශයෙන් කවි ලිවිය යුතු අයුරු ඉගෙන ගතිමි.

මේ මා ලියූ එවැනි කවි පද එකතුවක්

මගෙ ලක් දෙරණ

නිවහල් කොට නගා රට දැය සමය සදා
ගාමිණි අභය පැරකුම් රජ පුතුන් එදා
මෙත් දම් මලින් හොබවා රට දියුණ සදා
නැගි ලක් දෙරණ කොහිදැයි අද අසමි හඩා

රොක් කොට සිව් හෙළය එක්සත් කළ දෑත
අස්වද්දා කුඹුරු වැව් හැදු සවි දෑත
දෙස බස නගා දාගැබ් හැදු පින් දෑත
වඳිනෙමි එහෙව් විරුවන් එක් කර දෑත

කාටත් අත නොපා අප මී මුතුන් එදා
වපුරා දිගත පතුරා ගොස තෙදින් බදා
"ඔක්කෝටම වඳින හැටි" සිංහලූන් මෙදා
දකිනා විටදි රත් වෙයි ලේ නහර විදා

ඇතිමුත් දෙරණ ණය කරුවෙකු වී ලොවට
පසුබා නොයව් කිසිදා නොම වී නිවට
රට දැය නගන්නට සැරසෙන හෙට දිනට
වස් කවි නොවී සෙත් කවියක් වෙනු දැයට

බෝ ©

"ඔක්කෝටම වඳින හැටි" - ටිබෙට් හිමියන් කලකට පෙර ලියූ ලෙස තවමත් සිංහළුන් ගේ මේ ගතිය ඇරී ගොස් නැත

Wednesday, 6 February 2008

Voice of the voiceless- වැලපීම් වල නිමක් නැත

මා මීට කලකට පෙර ඉන්ග්රීසි බසින් ලියූ කවි පන්තියක්, මෙහි පළ කරන්න සිතුනා , ලෝකයම පියවරුන් ගේ දිනය සමරද්දී, කැබිතිගොල්ලෑව ගම්වාසී පියවරුන් හට උරුම වුනේ තම මිය ගිය දරුවන් ගේ බිරින්දෑවරුන් ගේ මළ සිරුරු බදා වැලපීමටයි. මේ සිදුවීම ඔස්සේ මා සිත තුල පෙරලි කල සිතුවිලි, හැම ජාතියකම අයට කියවන්න පුළුවන් වෙන්න ඉංග්රීසි බසින් ලියුවෙමි.
කොටුව දුම් රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය ඩී එස් සේනානායක විදුහලේ දරුවන් ගේ දේහයන් එක පෙළට එම විදුහල් ශාලාවේ තබා තිබෙනු පුවත් පත් මගින් සහ අන්තර්ජාලයෙන් දුටු විට හිතට ඇතිවූ සන්වේගය මෙතැකැයි කියා නිම කළ නොහැකියි. අපි යුද්ධය සමග ජීවිත ගෙව්වෙමු, බෝම්බ, මරණ යුධ බිය යනු අප ජීවිත වල හැමදාම නිරතුරුව ඇහෙන දකින විදින පොදු සිදුවීම් ගොන්නට එකතු වෙලා,
හැමදාම වැලපීම් වල නිමක් නැත, මේ අවුරුද්දෙවත් යුද්දෙ ඉවර වෙනවානම් !

The Graves of the Living Dead


Let me be the voice of the voiceless
Will scream till the deaf world hears
The story of innocent and harmless
Slain and beaten in fears
Slaughtering shooting and killing
No morals no ethics no care
Brainless heartless yelling
For the peace they never care
The mighty and powerful leaders
I wonder why they never dare
To stop all brutal attacks
No matter which race they bear





Bodhini Samaratunga (this was published in the british council, writers clique.net)

මනුස්සකම ඒකයි

අද බොහොම වෙහෙසකර දවසක්.
රෝහලෙන් පිටවෙද්දිම දැඩි වෙහෙසකර බවක් සහ උණ ගතියක් දැනුන නිසා නේවාසිකාගාරයට පැමිනි විගස උණුවෙන් සමහන් එකක් වත් කරගත්තා. ඊට පස්සෙ ඉතින් දැන් තමයි අස්වැසිල්ලක් ලබුනේ,

බ්ලොග් පිටුවට ලොග් ඉන් උනහම තමයි දැක්කේ සමනලී නංගී හරි අපූරුවට ඇගේ බ්ලොග් සටහන් එකතුවක් එළි දක්වා තිබෙන බව, ඒවා කියවා එයට සටහනක් එකතු කරා, අලුතින් වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් එකතු වෙන එක හොන්දයි කියලා දසුන් මල්ලි සහ මලින්ත මල්ලී නිතරම කියනවා ඉතින් මං දන්න හමෝටම කිව්වා, ඒත් ඒ අයගෙන් සමනලී නංගි විතරයි බ්ලොග් එකක් පටන් ගත්තේ ඒ ගැන මට ගොඩක් සතුටුයි. මටත් බ්ලොග් කියන දේ අලුත්, මට ඉතින් අලුත් යමක් ගැන දැන ගන්න ලැබුනොත් දන්න අනික් හැමෝටමත් කියන එක සිරිත, හැබැයි එහෙම කියන්න ගිහින් අර ඒ දේ මට මුලින්ම පෙන්වා දුන් අයගෙන් නෝක්කාඩු අහුව අවස්තාත් නතුවමත් නොවෙයි

තනියම නිවන් දැකලා වැඩක් නැහැ , දන්න දේ අනිත් අයටත් කියා දෙන්න ඕනේ, අපි කරන දේ අනිත් අය කරනවනම් ඒ දේ දිහා බලලා සතුටු වෙන්න ඕනේ ඒකයි මනුස්සකම කියන්නේ, නැතුව තමන් විතරක් රජ වෙලා තමන් විතරක් හැමදේම දැනගෙන ඉදලා වැක් නෑ කියලයි මම හිතන්නේ, තමන්ට වඩා යමක් අනිත් අය කරයි,එයාල කරන දේ විශිෂ්ඨ වෙයි කියලා බොහොම හීන් සීරුවේ හැංගි හොරා වැඩ කරන අයත් නැතුවාම නොවේ

වරුන ලියන නිදහස් අදහස් මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් පිටුවක්, මට පෙනි පෙනී නොපෙනී ගිය පේරාදෙනිය සරසවිය ගැන වගේම, ජීවිතේ ගැන අපූරු සටහන් ඒකේ බොහෝ තිබෙනවා, දැනට මා දැනුවත්ව සිංහල බ්ලොග් 2ක් අලුතෙන් ආරම්භ කර තිබෙනවා, කොහොම හරි බූන්දි ඊ සගරාව කරන තරංග අයියාටත් ඒ සදහා වෙනම බ්ලොග් එකක් හදා දුන්නා. එයට රසවත් ලිපි එකතු කරන්න ඔහුට ඉක්මනින්ම කාලවේලාව ලැබේවා කියා මම ප්රාර්ථනා කරමි.
තියෙන දෙයක් බෙදාගෙන, දන්න දෙයක් කියලා දීලා අපි අපි නැගිටින්න ඕනා නැත්නම් ඉතින් අපේ රට තවත් අගාදයට ඇදෙනවා නොඅනුමානයි
මනුස්සකම් කවිය ගැන - මේ කවිය රිවිර පත්තරේ පළ වූවක් , මම ලිව්වට ඒක රිවිරට යෑව්වෙ ප්රශා අක්කා, ඇයව සිහිපත් කරන්නේ ආදරෙන් .

Tuesday, 5 February 2008

දැනේ සහනයක් තපෝ බිමක තරම්

ජීවිතය ඇත්තේ විඳවන්ට නොව විඳින්ටයි. හැමදාම දුකම දකින්න පුරුදු උනහම ජීවිතේ පෙනෙන්නේත්, දැනෙන්නේත්, ඇහෙන්නේත් දුකම විතරමද මන්දා.
ජීවිතයට අවශ්ය අනවශ්ය දෑ සියල්ල ලංකරගෙන, තවත් සැපම සොයමින්, භෘතික සැප සම්පත් කඳු ගොඩ ගසන පිරිස් දුටුවිට මට ඇති වන්නේ් කණගාටුවක්.
”මට මගේ් නංගී ගැන දුකයි, ඈ වෙහෙස වෙන්නේ සල්ලි හම්බ කරන්නමයි” මගේ යෙහෙළියක් දිනක් පැවසූවා.
”ඉතින් එකෙ වැරැද්දක් තියෙනවද? ” මා විමසුවා
”ඔව්, ඔවුන්ට අනෙක් අය වෙනුවෙන් කාලය වැය කරන්න බෑ. ඔවුන් හිතන්නේ් මුදල් ජීවිතය කියා. ඒත් මුදල් වලට මිනිස් ගුණ ධර්ම මිලදී ගන්න බෑ” ඇය පැවසුවා.
”ඒත් ඒ අයගෙන් අන් අයටවත් ලෝකයටවත්, කරදරයක් වෙන්නේ නෑනේ” මම පැහැදිලි කලා
”ලෝකේ ජීවත් වෙනවා කියන්නේ අන් අයට කරදර නොකර ඉන්න එක විතරක් නෙමේ, මිනිස්සු සල්ලි පසු පස දුවද්දී ඔවුන්ට ජීවත් වෙනවා කියන දේ අමතක වෙනවා”
බලාගෙන ගියහම ඈ කියන කථාවත් ඇත්ත
බොහෝ දෙනෙක් හිතන්නේ,”අරයට වැඩියෙන් යමක් මට ළං කරගන්නයි” ඉගෙන ගන්නත් ඕනෙ, මුදල් හරි හම්බ කරන්නත් ඕනෙ, විප්ලව කරන්නත් ඕනෙ, වෙනස් වෙන්නත් ඕනෙ ඒත් මේ සියල්ල අතර අපි ජීවත් වෙන්නත් ඕනෙ. අපට ජීවත් වෙනවා කියලා හැගෙද්දී තපෝ බිමක තරම් සහනයක් දැනෙනු ඇතැයි මට සිතේ
ජීවිතයේ සෘන්දර්යය සොයා යන්නන්ටනම් මේ ලියැවීම් සොඳුරු අඩහැරයක් වෙනවාට සැක නැත.

Monday, 4 February 2008

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ


සමරන්න තරම් නිදහසක් තියෙනවද?

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ මියුරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ
ලේ හැලූනෙත් නෑ සුද්දා තරහ උනෙත් නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති මේ අති උත්තම රට

නන්දා මාලිනිය විසින් ගයනු ලබන නිදහස් බයිලා නම් ගීය රේඩියෝවේ ප්රචාරය වෙනු මා සවනත වැකිනි. මේ ගීය එදා ඇසෙද්දි, මිනිස් සිත් තුල දේශාභිමානී ජයග්රාහී සිතුවිලි සමුදායක් නැගුනු බවනම් සැක නැත. ඒත් අද බොහෝ දෙනෙක් නිදහස් දින එළඹෙත්ම,
කොහේ තියෙන නිදහසක්ද මේ ?
සමරන්න තරම් නිදහසක් තියෙනවද? කියා ප්රශ්න නගති
මට හිතෙන්නේ අපේ නිදහස අහිමි කරගෙන තියෙන්නේ අපිමයි. පාලකයො පිස්සු නටල රට නන්නත්තාර කළ බවට චෝදනා කරන අතරම, සෑම දේකටම මුල දේසපාලූවන් බව කියති, එහෙත් මදකට සිතා බැලූවොත් රටේ පාලක පන්තිය ඒ තැනට පත් කරන්නේද මහජනයා වන අපිම නොවෙද?
එදා මුළු ලංකාවේම සාරය උකහ ගෙන තම දේශයට ඇදගත් ඉංග්රීසීන් හා යුධ වැදි අපේ මුතුන් මිත්තන්, තම ජීවිත පූජා කරමින් නොයෙක් විට නොයෙක් අයුරින් අරගල කරමින්, සටන් කරමින් පරගැති වී සිටිනු නොහැකියැයි, පර දේසක්කාරයින්ට ඔළුව නැමිය නොහැකියැයි කියමින් නිරන්තර කැපවීමෙන් , තම ජීවිත පරිත්යාගයෙන් ලබා ගත් නිදහසකි මේ.
1948 එකීවූ නිදහස ලබා ගන්නා තෙක්ම තම ජීවිත පරිත්යාගයෙන් සටන් වැදි විරුවන් අප අමතක නොකල යුතුය.
කැප්පෙටිපොල, වීර පුරන් අප්පු, ගොංගොල්ලේගොඩ බණ්ඩා වැනි උතුමන්ගේ සිට මේ දේශය නිවහල් කිරීමට තම ලේ බිඳක් හෝ හෙළපු සියළු එඩිතර සිංහලයන් මගේ සිහියට නැගේ
මේ එළබෙන නිදහස් දිනය ඔවුනට අපේ උත්තමාචාරය පුද කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. ඔවුනට පිං පෙත් පමුණා අප වෙනුවෙන් රට වෙනුවෙන් , තමන් ගැන නොහිතා ක්රියා කළ ඒ විරුවන් අප සිහිපත් කළ යුතුමය.

නිදහස කියා අපි සමරන්නේ අපේ නිදහස නොවේ, අප රට මීට අවුරුදු 60 කට පෙර ඒ ලබා ගත් නිදහස බව නැවත මතක් කර ගැනීම වටී

අද සියලූ සරින් සපිරි මහ පොළවක උරුමය ලබා, ලද උරුමය අමතක කර පිට දේ්ස දීපංකර වලින් ඇදෙන දේ කරුමයක් කරගත් පවින් , බත් ඇටේ, ලූණු ගෙඩිය පවා පිටරටින් ගෙන එන තුරු බලා ඉන්න සිදු වෙලා. එදා එක යායට අස් වැද්දූ කුඹුරු අද පුරන් වී, ගොනුන් උලා කන තණ පිටි බවට පත් වෙලා.
ජාතියක් ජන්මයක් සොය සොයා බේද බින්න වූ බැවින් දොර දොර මළ මිනී ඇද වැටෙනවා. අද නොවේ හෙට බාලගිරි දෝශය වැදුනු උතුර දකුණ බෙදාගන්ට වලිකන යුද්ධයේ් අප්පිරියාව ජීවිත හැම එකක්ම වෙලාගෙන අවසානයි

හැබැයි පොඞ්ඩක් එළියට බැහැල බැලූවොත් තේරෙයි මේ ලංකා පොළව උඩ තවමත් අපට රිසි දෙයක් කරනට නිදහසක් උරුම වී ඇති බව. වෙලා තියෙන්නෙ අපට තියෙන නිදහසේ තරම අපට නොතේරෙන එකයි. නොයෙක් සීමා මායිම් යොදාගෙන අප විවිධ අයුරෙන් අපේ නිදහස සීමා කරගෙන ඇති බව පොඞ්ඩක් සිතා බැලූවොත් ඔබට වැටහේ්වි

බිජුවට විසි කල පමණින් ඵල හටගත් මහා සරු පොළවක් මේ බිම
වැව් අමුණු පිරී ඉතිරී යන්ට නිසි කලට වැසි වැටුනු අහසක් මේ

ඒත්, පුරන්වෙන්නම ඇරලා පොළව වල් වැදිලා, ගහ කොළ විනාස කරලා අහස හිරි වැටිලා,
ඉතින් අපි කුමක් කරමුද මේවා බල බල, ඉන්නට වටීද ආතක් පාතක් නැති ඕපාපාතිකයෝ වගේ

”ඉපදුනු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුනු බරක් මෙන් ලංකා පොළව පිට
පසුවන එක හරිද සිංහල පුතෙකු හට”

අපේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ පන් හිඳෙන් ලියැවුනු ඒ කවියද නැවත මතක් කර ගැනීම වටී

තවමත් පර ගැති වී, අන් දෙසකට බසකට ඔළුව නමන් මේ බිමට වින කරන, ලෝකයට අප රට බාල්දු කරන එවුනට විරුද්ධව අප එක් රැස් විය යුතුය.
අප මෙලෙස සැප පහසුව නිදන්නේද රැකියා වල නියැලෙන්නේද අපේ උතුර දකුණ රකින මුර දේවතාවුන් වන ත්රිවිද හමුදාව සහ පොලිසියේ අප විරුවන් නිසා බව මතක් කර ගත යුතුය
ඔවුන් ටොරින්ටන් චතුරස්රයේ ආචාර පෙළ පාලි පවත්වන විට, එදා නිදහස යථාර්තයක් කරනට දිරි දුන් දිවි දුන් විරු දරුවන් සැම අපි හද බැතින් සිහිපත් කරමු

ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට අප රට අත් පත් කරගෙන මේ දේ්ශය ලේ විලක් කරන්නට ඉඩ නොදී ? දාවල් නිදි නොමැතිව අප දෙරණ රකින අපේ රණ විරුවන් සැම අපි ආදරයෙන් සහ භක්තියෙන් සිහිපත් කරමු

අද මේ නිදහස ඔවුන් නිසාය...

බෝ සමරතුංග (මෙහි ඇතැම් කොටස් මා ලියූ රියෑලිටි බුවා නම් ලිපියෙන් උපුටා ගතිමි)

Sunday, 3 February 2008

ආදරය සාපේක්ෂද


ආදරයට විවිද අර්ථකතනයන් ඇත....
සමාජයේ නොයෙක් මිණුම් දඩු වෙත්, ඒ සියල්ල සාපේ්ක්ෂයි. මට ලස්සන දේ ඔබට අවලස්සන වන්නේද, මට හොඳ දේ ඔබට නොහොඳ වන්නේද එහෙයිනි.
ඔබ උස වන්නේ මා මිටි හන්දයි
මා මිටි වන්නේ ඔබ උස හන්දයි,
ඔබ කළුද මා සුදුද, මා කළුද ඔබ සුදු ද?

යනුවෙන් කොළඹ විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක්, නිර්මාණය කළ ගීයක් වසර කීපයකට පෙර අහන්නට ලැබුනා. උස සමන්, අර කොට ගර්ල්, අර කළු ළමයා, මෙහෙම ඇතැම් විට එකිනෙකා පිළිබඳ විග්රහ කරගනු මා කොතෙකුත් අසා ඇත.

ඉස්සර මට මතකයි, පන්ති වල උනත්, හොඳම අත් අකුරු, හොඳම රචනය, හොඳම හොඳම කිය කියා තෝරනවා, නමුත් ඇයි තවම තේරුම් ගන්න බැරි මේ සියල්ල සාපේක්ෂයි කියලා, මම මේ බෙදා වෙන් කිරිල්ලට කැමති නැහැ.
හැම කෙනාම ඔවුනටම ආවේණික වූ ගති ලක්ශන සහ හැකියාවන්ගෙන් සමන්විතයි එසේ්නම් ඇයි මෙවැනි සමාජ සම්මත මිණුම් දඩු වලින් කිරා මැන මිනිස්සුන්ව වර්ග කරන්නේ

සාපේක්ෂ මිනුම් වලින් තොරව අපට එකිනෙකා විග්රහ කරගන්න ක්රමයක් ඇත්තෙම නැද්ද?
මිනිස් සම්බන්දතා වලින් වටවෙච්චි පොළවක, හැම දේම වාණිජ කරනය වී ඇති සමයක, එකම නිරපේක්ශ හැඟුම ආදරය විතරද ?

ජීවිතේ අතර මග ගෙවා බෝ දුර ඇවිද
මහංසියි ඉතින් බෑ ඇවිද යන්නට කියා
නැවතුනු තැනින් නැගිට අරඹන්න ජීවිතය
ඇද වැටුනු මගේ අත අත් නොහැරියේ නුඹයි

වදන් වැල් සිදී ගොස් අතරමං වෙලා හිත
ඒ වදන් ගලපලා කියා දුන්නේ නුඹයි
මා ළගින් ඉගිල ගිය සිනා කැන් සොයන් විත්
කදුලු කැට වියලලා සිනා පෙව්වෙත් නුඹයි

කිසිදාක කිසි විටක මගේ හිත නොතැලුවෙත්
මට සතුට ආදරය කියා දුන්නෙත් නුඹයි
දරන්නට බැරි තරම් ආදරේන් සෙනෙහසින්
මසිත නිති සුව සදන සොදුරු පැතුමද නුඹයි

බෝ සමරතුංග

Saturday, 2 February 2008

සදාකාලික වැස්ස

අපි වෙනස් , ඒ වෙනස ඇයි ප්රශ්ණයක් කරගන්නේ ?

මිනිසුන් එකිනෙකාට තමන්ගේම කියලා අනන්යතාවයක් තියෙනවා අපි එකිනෙකා අනෙකාගෙන් වෙනස් වෙන්නේ ඒ නිසා. නමුත් ඇතැමුන් තිස්සෙම තනන්නේ අනෙකාව තමන්ට ඕනෑ ලෙසට වෙනස් කරන්නයි. ඇයි අපිට අනෙකාගේ ඒ වෙනස ඒ විදිහට පිළිගන්න බැරි? කෙනෙක් දිහා අපි වපරැසින් බලද්දී අපට පෙනෙන්නෙම ඒ අයගේ වැරැද්දක් මිස හොඳක් නොවේ.

එකිනෙකාගේ විවිධත්වයට ගරු කරන තමන්ගේ දේ හැම විටම උසස් විය යුතුයැයි සිතන කුහක සිතිවිලි වලින් මිනිසාට මිදිය හැකිනම් එදාට මේ ලොව පවතින අනන්ත වූ දුක් පීඩා නැති වනබව නිසැකයි.
එදාට අපිට පුළුවන් වේවි හැමෝම දිහා එකම ලෙංගතු කමින් බලන්න හැමෝම අපේ එකෙක් කියලා හිතන්න, හැම දෙනා ගැනම එකම සහෝදරත්වයකින් කටයුතු කරන්න. මමය මගේය කියන බැඳීම් වලින් නිදහස්වෙලා නිදහසේ් හිතන්න එදාට අපිට හැකිවේවි.

සෝ තාප මැඩ පියන හිතක් බිහිවනදාට
ලෝ පුරා මෙත් දහම් මල් පිපෙයි නෙක පාට
එහෙව් දුක් නැති කරන මග සොයන හැමෙකාට
රුදුරු නෙක අවමන්ම උරුම වෙන්නේ කුමට

බෝ

Friday, 1 February 2008

ආං

පාන්දර හිනා මල් ගෙන හීන් සීරුවේ දොර ළඟ
කාන්සිය මකන් යන්නට ඕං බලනවා
කීද්දුව දෙතොල් හරියට පුරුද්දට වගේ බුදු ගුණ
පාන් පැළ ලඟින් වැඳගෙන ආං කියනවා

දාස් සිය වරක් කීවද කටින් සෙත් පිරිත් කුමටද
කාන්දම වගේ පවටම ආං ඇදෙනවා
කේන්තිය තියන් හිත යට, මුසාවට උනත් හිනහව
පේන්නට කියා දෙලොවට වාන් දමනවා

ඕං නැහැ ඉතින් තනියට කාත් කවුරුවත් නැතිවට
මාන්සිය බලෙන් ඇවිදින් පාළු කපනවා
දෝං තානමත් තරිකිට, බෙරපදත් කවිත් හරියට
දෝංකාර දී හිත යට තාල බඳිනවා

ගොඩවෙලාවට අපිට හමුවන චරිතයක් අල්ලා තමයි මේ පද තාල බැන්ඳේ
උදේ් හවස පන්සිල් ගන්න, වෙලාවට බුදු පහන පත්තුකරන අපේ උදවිය, දවස තිස්සෙම ඉතින් කරන්නේ් හැබැයි අර පන්සිල් පද කඩන එකමනේ.
අනුන්ගේ බත් පිඟානෙ තියෙන කෙස් ගහ දකින අපේ උදවිය, තමන්ගේ පිඟානේ තියෙන කොස් ගහ ගැන වගක්වත් නෑ. මට පෙනෙන්නම බැරි වැඬේ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින එක. එ කිව්වෙ මිනී මැරුමක් සම්බන්දයෙන්නම් නොව උඩින් මිතුරුව ඉඳන් යටින් හතුරුකම් කරන අයවලූන් ගැනයි.
මූනිච්චාවට හිනාවුනාට හිත යට කුහකකම් පිරිලා, උඩින් මිතුරු යටින් හතුරුකම් කරමින් ඉතින් වටේටම වින කරන මෙන්න මෙවැනි අයවලූන් ගැන මේ කවිය ලිව්වේ
පොඞ්ඩක් හිතල බලමු අපිත් ඔය රාමුවේද ඉන්නේ කියලා ?
බෝ

පිපාසෙන් සිටිය මට

මම ලියන දේ සියල්ල මේ බ්ලොග් පිටුව මගින් පල කරන්න හැකිකම නිසා ඇත්තටම සිතට දැනෙන්නෙ ලොකු සහනයක්, නිදහසක්. මම ලියන අයුරු දුටු සු අක්කා පැවසුවේ, හරියට පිපාසයෙන් ඉන්න කෙනෙක්ට දිය පාරක් හම්බුවෙලා වගේය කියලා මගේ බ්ලොග් පිටුවත්, ඒ කථාව නම් සහතික ඇත්ත, ඔලුව ඇතුලෙ තිබෙන සියලු දේ නිදහසේ ලියන්න තැනක් නැතුව සිටි මට මේ බ්ලොග් පිටුව ක්ෂේම භූමියක් වගේ හිතට දනෙන්නේ

මගෙ පස්සෙන් එන්න බ්ලොග් සටහන් අතරට දැමිය යුතුද
අද කෙනෙක් මා ලියූ නවකතාව කියවමින් සිටින බව සදහන් කරමින් මා වෙත ඊ මේලයක් එවා තිබුනා , එය බ්ලොග් සටහනක් ලෙස එක් කල යුතුයෑයි ඔහු විසින් මා හට පෙන්වා දුන්නා
එම කථාව මෙම බ්ලොග් පිටුවේම පල කල යුතුද ? නැත්නම් වෙනත් පිටුවක් ඇරඹිය යුතුද ? යන්න ගැටලුවක් !
මගෙ පස්සෙන් එන්න නවකතාවක් වුනාට එය සත්ය ජීවිත අත්දැකීම් අතරින් මා ලියූ සටහන් ගොන්නක එකතුවක් කිව්වත් නිවැරදියි. එහි පළමු කොටස මෙලෙස බ්ලොග් සටහන් අතරට එකතු කරමි

මගෙ පස්සෙන් එන්න..

වෙනදා වගේ්ම කොළඹ අහස හැන්දෑවට රතු පාට උනා, වෙනදා වගේම ඉර, දුක් දෝමනස්ස පිරුනු, මතුපිටින් හිනාවෙන අපේ ජීවිත දිහා බලමින් කළුවර වැටෙද්දී නොපෙනී ගියා. වෙනදා වගේම අපි තුම්මුල්ල හංදියෙන් ගෙදර දුවන්න බස් අල්ල ගන්න ඒ පැත්තට දිව්වා.

යාන්ත්රික මිනිස් සමාජය තුල අපිට අපි ජීවත් වෙනවා කියල දැනෙන්නෙම නැති තරම්. උදේ හවස හිතන්නෙ අනාගතේ ගැන, විභාග, උපාධිය, රස්සා, සමාජ තරාතිරම් මේ සියල්ල අතර අපේ හිත අතරමං වෙලා.

හුස්ම ගන්නවත් වේලාවක් නැති තරමට අද අපේ ජීවිත වෙනස් වෙලා. අහස උසට කරදර බාධක දුක් පීඩා තිබුනත්, අනුන් වෙනුවෙන් තමන්ගේ ජීව්තෙන් පොඩි කාලයක් හරි මිඩංගු කරන්න පුරුදු පුහුණු වෙච්චී මානව මානවිකාවන් මේ මහ පොළව මත්තේ් සිටිනවග ඔබ දන්නවාද? ජීවිතේ ජීවත් වෙන්න වෙර දරන මිනිසුන්, හුස්ම වැටෙන හඩ ඇහෙන මිනිසුන් විරලයි ... එහෙව් මිනිසුන් හොයාන අපි යන ගමනකි මේ..

-බෝදිනී රන්මැණික්-