Monday, 1 December 2008

රණ විරු සතිය නිමිත්තෙනි.

මහවිල් ආරුව දෙසින් ඇරඹි මානුෂීය මෙහෙයුම එතනින් නොනැවතී, නැගෙනහිර ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කර, දහසක් බාධක හමුවේ සිංහ වෙසින් යුධ චැද නැගෙනහිර කොටි ත්‍රස්තයින්ගෙන් මුදාගත් හමුදාවෝ උතුරු ප්‍රදේශයද ත්‍රස්තයින්ගේ භීෂණයෙන් මුදාගැනීමේ අවසාන සටනට පිවිස සිටී. 2002 අක්කරෙයි පත්තුව ප්‍රදේශයට ගිය චාරිකාවේදී, ඊලම සඳහන් වූ සිතියම් රැගත් පුවරු මහ පාර අද්දරම දර්ශනය කරමින් තිබෙනු දුටු අපේ හිත් දැඩි කනස්සල්ලකින් පිරී ගියා. එකම දේශයක සහෝදර ජාතීන් එකිනෙකා කෙරෙහි වෛරයෙන් පසුවන අයුරු දුටු විට හිතට ඇතිවුනේ කලකිරීමක්. ඒ නිදහසේ හිතන්නට තරම් මොළයක් ඇතත්, ජාතිවාදී සිතුවිලි වලින් තම ඔළුගෙඩි පුරවාගෙන සිටින්නන් දුටු විටයි

අපේ වීරයන් නිසා අද අපට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටේ ජීවත් වෙන්නේ, නොනිවට ජාතියක් බව සිංහල , දෙමළ මුස්ලිම්, බර්ගර් ඇතුලු සුළු ජාතීන්ගේ එකමුතුවෙන් පෙන්වා දී තිබෙනවා අපේ රටේ ඇත්තේ ජාතිවාදී අරගලයක් නොව, ත්‍රස්තවාදයක් බව ලොවටම අද පෙන්වා දී තිබෙනවා.
කොයි වෙලාවේ ජීවිත නැතිවේද සැකයෙන් භීතියෙන්, සිටින අතර, ආර්ථික වශයෙන් වුවද රට ප්‍රපාතයකට ඇද දැමීමට ත්‍රස්තවාදී අරගල හේතු විය. ඉතින් ඒවා නොමැති හෙටක් ගැන සතුටින් කතාකරන්නට, එවැනි හෙටක් දකින්නට අද ඔවුන්ගේ ජීවිත කැපකළ අපේ දැයේ දරුවන් වෙත අපි බොහෝ ණය ගැති බව මට නිතර සිහිවේ.
අප සැපසේ නිදන අතර, අවදියෙන් අප රට හතර දිග රකින අපේ කාලයේ විරුවන් වන ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සොයුරු සොයුරියන් වෙත හද බැතින් ලීවෙමි මෙලෙස......(මීට පෙර වෙනත් අඩවි වල පල වී ඇත)








ගයනෙමු බැතින් සෙත් ගීතයක් විරුවන් නමින් දිවිදුන්බිමේ
යදිනෙමු හදින් දෙවියන් බුදුන් රැක දෙන ලෙසින් විරුවන්බිමේ
දොඩනෙමු නිතින් නන්දන අතින් උන් කල හපන්කම් යුදබිමේ
පතනෙමු සිතින් සිය දස දහස් ජය ඔබ නමින් සිරිලක්බිමේ




අවියක් දරන් සැරයක් නොසිත සිත දැඩිවෙලාවිරුදරුවනේ
දිනු මව් බීමේ තුන් සිංහලේ උරුමය රකිව්විරුදරුවනේ
රට රැකෙන්නෙත් අප රැකෙන්නෙත් ඔබ නිසයිවිරුදරුවනේ
දිරියක් ලබා සතොසින් අපිත් සැනසෙමු ඔබෙන්විරුදරුවනේ
බෝ©

11 comments:

ආගන්තුකයා said...

ත්‍රස්තවාදය... ජාතිවාදය.. රටේ වැඩිම කාලයක් පුරා කතා බහට ලක්වුන මාතෘකා 2ක්.. බෝ ගෙ කතාවෙ ඇත්තක් තියෙනවා... ඇත්තටම වැරදුනේ ත්‍රස්තවාදයයි ජාතිවාදයයි පටලව ගත්තු එක... හැම ද්‍රවිඩයම ත්‍රස්තවාදුයෙක්ද...? නෑනේ... ඉතිං ඇයි අපි තාම පටලවගෙන... මේ අවුල ලිහගන්නකම් මේ ප්‍රශ්ණය දිගටම ඇදි ඇදී යයි...

නාමල් උඩලමත්ත said...

රටේ නිදහස ඒකීයත්වය දැයේ අභිමාණය උදෙසා රණ බිම සටනට වන් අභීත රණවිරුවන් ගැන ලීවාට බොහොම පිං. සිය ජීවිත ගැන පවා නොතකා රට වෙනුවෙන් අප වෙනුවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන වීරයින් වෙනුවෙන් අපට කළ හැකි සෑම දේ ම කළ යුතු තීරණාත්මක අවස්ථාවක් මේක. ඔවුන් වෙනුවෙන් ලේ දන් දීම, රෝගී සහ ආබාධිත රණ විරුවන්ට උපකාර කිරීම, ඔවුන්ගේ පවුල්වලට උදව් කීරීම අපට කරන්න පුළුවන්. ඒ වගේ ම ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී එන ද්‍රවිඩ සහෝදරයින්ට අපේ ම සහෝදරයින්ට වගේ සලකන්න ඕන. රැක බලාගන්න ඕන. කොටින් ම මේ රටේ ඒකීයත්වය ගරු කරන සෑම මිනිසෙක් ම පටු වර්ගවාදය ජාතිවාදය අමතක කර සිංහලයෙක් ලෙස පිළිගත යුතු කාලය එළැඹ තිබෙන බව අවධාරණය කරමු.

කැඩපත said...

මිට ටික දවසකට උඩදි ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයින් උත්ගෝෂණයක් සංවිදානය කරලා තියෙනවා, මේක පැවැත්වෙන අතරතුරේදි එතනට ඊලාම් කොඩිය අරගෙන පැමිණි 25-30 කොටි ත්‍රස්තවාදින් පිරිසක් පැමිණිලා කලබලයක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. පස්සේ දවසකදි ප්‍රංශයේ තියෙන ලාංකිය වෙලද සැල් දෙකකට පහරදිලා අලාභානි කරලා තියෙනවා. උත්ගෝෂණයට සහභාහිවු ලාංකියයෙන් 2දෙනෙකුත් ඒ පහර දිමේදි තුවාල ලබලා රෝහල ගත කරලා තියෙනවා. අපේ රටේ ඇත්තේ ජාතිවාදී අරගලයක් නොව, ත්‍රස්තවාදයක් බව ලොවට කියැපැමට ගොස් පහර කැමට ලක්වු සොයුරන්ටත්, උත්ගෝෂණයට සහභාහිවු ලාංකියන්ටත් අපේ උපහාරය හිමිවෙන්න ඔනේ.

malee_msg said...

ඔන්න ඔතනනේ අපේ ගොඩක් අය පටලවාගෙන ඉන්නේ... ත්‍රස්තවාදය හා ජාතිවාදය... බලය හා තව තව වෙනත් පටු වාසි වෙනුවෙන් ත්‍රස්තවාදය ගැන කතා කරන්න ගියහම නතර වෙන්නේ ජාතිවාදයෙන් මේක සිංහලයාගේ රට අනිත් උන්‍ට අයිති නෑ කියලයි.. මේ රටේ උපන් හැම සිංහලයෙකුටම වාගේ මේ රටේ උපන් දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු සෙසුජාතීන්ටත් තියෙන්නේ එකම මව්රටයි කියලා බොහෝ දෙනෙක්ට අමතක වෙලා!

සු෴ said...

මලී නංගී....................
දෙමළ අයට ඉන්දියාවේ තමිල්නාඩුවත් තියෙනවා නේද ?/
ලංකාවට අමතරව ??

මුස්ලිම් අයටත් එහෙමයි..

සිංහල අයට ???

(මේ රටේ උපන් කෑල්ල අයින් කළොත්).. මොකද ඕනරටක ඕන කෙනෙක් උපදිනවානෙ අවස්ථා අනුව

Constantin Demiris said...

The key to the conflict is

All LTTE are Tamils, but not all Tamils are LTTE.

නාමල් උඩලමත්ත said...

මේ සියලු අදහස් බොහොම අගෙයි. මම අන්තිමට කී කාරණය නැවත සිහි කරන්නේ ඒ ගැන අප වඩාත් අවධානය යොමු කළ යුතු නිසා. අපි තවදුරටත් සිංහ වංසේ යන මානයෙන් සෙසු ජාතීන්ට වඩා අප උසස්ය යන ආස්ථානයේ නොසිටිය යුතුයි.

මේ රටේ පණ්ඩුකාභය රජ දවස සිංහල ජාතිය බිහිවූ බව ඇත්ත. ඊට පස්සේ මේ රටට ආපු අය පරම්පරා දෙකකින් සිංහලයින් බවට පත්වුණා. ඒ එක්සේසත් රටට සංස්කෘතියට අනුගතවීමෙන්. එහි පැවති හර පද්ධතිය ගරු කරමින්. පැරකුම් රජ දවස යාපනය ආර්ය චක්‍රවර්තිගෙන් මුදාගත් සපුමල් කුමාරයා, මහනුවර රජ කළ නායක්කාර් රජවරු, මෑත කාලීන ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එසේ සිංහලයින් බවට පත්වූ අප හොඳින් දන්න කීපදෙනෙක්.

ඒ අනුව මේ රටේ ඒකීයත්වය සංස්කෘතිය ගරු නොකරන අය තමා දෙමළු. ඒ අය අතර වාර්ගිකත්වය අනුව නම් සිංහල දෙමළ මුස්ලිම් ඕන කෙනෙක් ඉන්න පුළුවන්.

All LTTE are Tamils, but not all Tamils are LTTE. යන අදහස තරමක් සංශෝධනය විය යුතු ය. සියලු LTTE ත්‍රස්තයෝ දෙමළ නොවෙති. බහුතරය දෙමළ ය. ඊට අමතරව විදේශීන් සිංහලයින් මුස්ලිම්වරුන් ඒ අතර වෙයි. දැන් බහුතර දෙමළ ජනයා LTTEය ප්‍රතික්ෂේප කරති.

Bo said...

සූ අක්කා - වෙන රට වලින් ආවට, එයාලා මෙහෙ උපන්න නිසා එයාලටත් ලෑබෙන්නේ, ශ්‍රී ලාංකික කියන හැඳුනුම්පත නේ, අයි ඩී එකනේ, පාස් පෝට් එකත් ලාංකික. මගෙත් එක්ක උදේ හවා බස් එකේ ගිය, දමිළ ජාතික සිසුවෙක් ( 1 වසරේ සිට සිංහලෙන් ,සිංහල පාසැලක ඉගෙනුම ලැබූවෙක්)හැම තිස්සෙම බස් එක චෙක් කරද්දී කණස්සල්ලට පත්වෙනවා, මොකද ඔහුගේ ජාතික හැඳුනුම්පතේ, උපන් ස්ථානය යාපනය ලෙස සටහන් වී තිබෙන නිසා. එතකොට ප්‍රශ්න කිරීම් ටිකක් වැඩියිනේ, ඒකයි. ඒත් ජාතිබේදයකින් තොරව ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන පිරිස් ඕනෑ තරම් නේද?

Bo said...

හැමෝගෙම අදහස් වලට ස්තූතියි. අපි හැමෝම ලංකා පොළවේ උපත ලැබූ පිරිස්. අපි අපිව වෙන් වෙන්ව සලකන්න පුරුදු වෙන එක වැරදියි නේද.ඇයි ඔක්කොමලාට බැරි එකම මනුෂ්‍ය ජාතියක් වෙන්න. සිංහලයන්ට ඔවුන්ගේ සංස්කෘතිය නැති කරගන්න උවමනා නෑ, දමිළයන්ට එහෙම කරන්න ඕනැත් නෑ. හැමෝම සහජීවනයෙන් ඉන්න පුළුවන් තැනක් බිහි කරන එකයි වැදගත්, රටක් වශයෙන් සිතන්න ඕනෑ. හීනමානයෙන් තොරව අනෙක් අයටත් මෙහි ජීවත් වෙන්න වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා නොවෙද ? මේ සිද්ධ වුන දේ දිහා ආපසු හැරී බැලුවොත් තේරෙනවා , ත්‍රස්තයින්ගේ ඕනෑ එපාකම් සඳහා ඇතැම් අරගල සහ බෙදීම් ඔවුන් විසින්ම නිර්මාණය කරගත් ඒවා බව. සිංහල දමිළ මුස්ලිම් වේවා, මේ හැම කෙනෙක්ම බෝම්බ වලට බිලිවෙලා තියෙනවා, ත්‍රස්ත ක්‍රියා නිසා අවතැන් වෙලා තියෙනවා. ඒත් රටක් වශයෙන් ආඩම්බරයෙන් කථාකරන්න පුළුවන් අනාගතයක් ගැන සිහින දකින්න අපි ඔක්කොම එකතු වුනොත් බැරි වෙන එකක් නෑ. සිංහලයෙක්ගේ සිංහලකම කියන්නේ, තියෙන දේ උළුප්පා පෙන්වා අපි උසස් , උතුම් කියන එක නොවේ. හැමෝම සමග සහජීවනයෙන් ජීවත් වීම, මෙත්තා කරුණා මුදිතා උපේක්ශා යන සතර බ්‍රහ්ම වියරණ සිත්හි දරා සියල්ලන් කෙරෙහි මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන ජීවත් වීමයි කියලා මට හිතෙන්නේ. රටට ජාතියට ආගමට අවැඩක් වෙද්දී ලේ රත් වෙන්නේ සිංහලයින්ගේ පමණක් නොවේ. කැම්පස් එකේ ත්‍රස්ත ක්‍රියා මඩින්න එකතු වුනේ සිංහලයින් 4 දෙනෙක් සහ මුස්ලිම් කොල්ලෙක්. නමුත් ත්‍රස්තයින්ට බයේ කඩේ ගියේ, සිංහලයින් රොත්තක් ඔන්න ඔවැනි සිදුවීම් සහ අත්දැකීම් රැසක් අතීතයේ තියෙනවා. අපේ හමුදාවල උනත් මුස්ලිම් පිරිස් බොහෝමයි නේද ? නිවැරදි ජාතික චින්තනයක අවශ්‍යතාවය දැඩිව දැනෙන්නේ ඔන්න ඕවා නිසයි

Haresh said...

වෙනත් ජාතියකට තියෙන අයිතීන් පිළිගන්න බැරිව ජාතිය උඩදාගෙන දඟලල මොකටද? ජාතිය කියන්නෙ කෙනෙක්ගෙ පරපුර සහ පැවැත්ම හඳුණගන්න භාවිතා කරන එකක් මිස ඇ‍ඟේ කොහේවත් තියෙන කෑල්ලක් නෙවෙයි. ජාතිය කියන එක මිනිස් වර්ග කිරීම් වලට භාවිතා කරන තාක් කල් මිනිස්සුන්ට නම් එක ලෝකයක් හදන්න බෑ. සමහර විට විසි දෙවෙනි තුන්වෙනි සියවස් වලදිවත් මේ යල් පැනගිය සංකල්ප තුරන් වෙයි කියල හිතමු.

ඩනිෂ්ක said...

@ සූ,
ඒකනේ..
අපේ සමහර අයට සයිවර් කඩේ නැතිවෙයි කියලා බයයි එකයි.