Thursday, 2 October 2008

හොඳම දේ දරුවන්ට - Every child is special

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යන සැමරුම් දිනය යෙදී ඇති අද වැනි දවසක උදේම පත්තරේ දකින්න කියවන්න ලැබුනේ පාසැල් බස් රථයේ තිබුන හිඩැසකින් වැටී මිය ගිය පොඩි දුවෙක් ගැනයි. අපේ රටේ වාහන සම්බන්ද තත්ව සහතිකයක් දෙනවා නම් මෙවැනි නුසුදුසු වාහන ඉතා ඉක්මනින් මාර්ග වලින් ඉවත් කරන්න හැකි වේවි. ඒත් වැඩේ තියෙන්නේ ඒවගේ දෙයක් කෙරෙන්නේ නැති එකයි. මට මතකයි අපී ඉස්කෝලේ ගිය බස් වල එහෙම මලකඩ බැඳිලා දුනු බැහැලා පැත්තක් ඇලවෙලා එහෙම තිබ්බේ, පිටගැස්මට එන්නත් ගන්න ඕනා ඒවයේ යන්න කලින්. කොහොම හරි කියලා ඒ දිනයත් හමාරයි. හැමදාම අනාගතයේ කළ යුතු දේවල්, කරන්න ඕනා දේවල් සහ අද තත්වය ගැන කතා බස් කරමින් ඉන්නවා මිසක අපි කිසි දිනක ප්‍රායෝගික යමක් නොකරනවා. බ්ලොග් හරහා එහෙම දෙයක් කරන්න බැරි බව ඇත්ත ඒත් සමහර අයට මේ ලියන දේවලුත් විහිළුවක් වගේ.
ළමයින්ගේ අයිතිවාසිකම්, ළමා ලෝකය සහ ළමයින්ට හිමි විය යුතු දෑ , අහිමි දෑ ගැන එක දිනක මෙහෙම හෝ ගාලා හැම මාධ්‍යයකින්ම විස්තර පළකරනවා. බොහෝ අයට එහෙම දේවල් මතක් වෙන්නෙත් මේ අද වගේ දවසකයි. ඉරිදා දිනයේ තාරේ සමීන් පර් චිත්‍රපටිය විකාශය කල පසු ඒ ගැනම කතා බස් වෙනු දුටුවා. මම මේ චිත්‍රපටය නැරඹූයේ පෙබරවාරි මාසයේ ඉතින් ඒ ගැන ලියපු විශේෂ ලිපියක් මෙන්න මෙතැන පළ කලා ඒකත් මතක් කරන ගමන්ම මගේ නංගී කුඩා කාලයේ ඇය විසින් ලියන ලද කවියක් සහ කූඹියා යන අනවර්ථ නමින් අන්තර්ජාලයේ ලියන තරංග ජයසේන අයියා විසින් එයට එකතු කරන ලද සටහනක් මෙලෙස මෙහි පල කරනවා. ඒ කුඩා දරුවෙකුගේ ඇසින්ම ලෝකය දෙස බලන්නටයි.
මන්ද පෝෂණය, අනාරක්ශිත බව සහ යුද්ධය ළමා ලොව විනාශ කර ඇත. මේ තත්වය තවම කිසිවෙක් හරි හැටි වටහාගෙන තිබේ දැයි කිව නොහැක. ඔබ මම සහ ඔවුන් සියලු දෙන තව දුරටත් කරනු ඇත්තේ ඒ මත තව බොහෝ විනාශකාරී දෑ ඉහ ගිනි තැබීමයි.
තාරේ සමීන් පර් වැනි චිත්‍රපටයක් ලංකාවේ පොදු මාධ්‍යයකින් පෙන්වීම ඉතා වැදගත් දෙයකැයි මට සිතේ. මන්ද බොහෝ මිනිසුන් හුරුවී ඇත්තේ ඒවා තුලින් ජීවිතයට පන්නර ලැබීමටයි.
5 වසරේ කුඩා දරුවන්ටත් අසීමිත බරක් පටවා ශිෂ්‍යත්ව පොර පිටියේ රේස් දුවන්න පුරුදු කරනු මම දැක ඇත්තෙමි. මම දන්න පවුලක අම්මා කෙනෙකු කුඩා දරුවාව 5 වසර ශිෂ්‍යත්වයට පාඩම් කරන්න පෙළඹුවේ ශිෂ්‍යත්වය පාස් නොවුනොත් ඒ අම්මා ගෙදරින් යන බව පවසමිනි.
සෑම දෙයකින් පළමුවැනියා වන්නට, විශිෂ්ඨතමයා වන්නට දෙමාපිය වැඩිහිටි සියලු දෙන දරුවාව පොළඹවයි. දරුවාගේ ළමා ලොව විනාශකර යාන්ත්‍රික, ගුණ ධර්ම කිසිවක් නොමැති අමනුස්සයෙක් බවට දරුවා පත්වෙන්නේ නිතැතිනි.

එම චිත්‍රපටයේ එන දෙබසකින් මා මේ සටහන අවසන් කරමි
(Ishan's teacher Nikumb to Ishan's parents : this is a translation of the hindi dialogs)
"there is a cold war out there , every one wants to grow toppers and rankers in their homes
every one wants number 1
Doctor engineer management, less than that is unacceptable
95.5% 95.6% , 95.7% less than that is uncountable
Isnt it ?
think about this,
every child has his own quality own expertise own desire
but no , every one is busy stretching the finger to make it long
keep doing that ! no matter u break the very own finger"

6 comments:

Life said...

ප්‍රවාහන සේවාව ගැනනම් කතා කරල වැඩක් නෑ. ඒත් අක්ක ඊළඟට කියපු ශිෂ්‍යත්ව ප්‍රශ්නය ගැනනම් වචනයක් කියන්න පුළුවන්.

ඇත්තටම මේ ශීෂ්‍යත්ව රැල්ල දිහා බලනකොට එන ප්‍රශ්නෙ තමා ඇත්තටම විභාගෙ ලියන්නෙ දරුවද නැත්තම් දෙමවිපියොද කියල. ශිෂ්‍යත්වෙ වෙනුවෙන් වැඩිම කට්ටක් කන්නෙ ඒ ගොල්ලො නිසා.

හුඟක් දුප්පත් දෙමවිපියෝ තමන්ට කළ නොහැකි වූ දේ ළමුන් ලවා ඉෂ්ට සිද්ධ කරවාගෙන එයින තෟප්තියක් ලබා ගන්නවා.

අනෙක් කොටස අල්ලපු ගෙදර නෝනට second වෙන්න අකමැතිව මේ කට්ට කනවා.

කොහොම වුණත් මේකෙන් තැලෙන්නෙ අසරණ ළමා පරපුර. ඔවුන්ගේ සුන්දර කාලය අකාරුණික ලෙස ඔවුන්ගෙන් උදුරාගෙන තිබෙනව. සමහර විට අපේ රටේ අපරාධ වැඩි වීමටත් මේ සුන්දර ළමා කාලයක් ගත නොකරපු කුඩා කළ සිට යන්ත්‍ර සූත්‍ර මෙන් වැඩුණු පරපුරත් හේතුවදෝ කියලත් හිතෙනවා.

kasun said...

මට මේක කියවන කොට ඊයේ (පළවෙනිදා) රෑපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනක් මතක් උනා. එය ලංකාවේ රුඳවුම් නිවාස වල හා පුනරුත්ථාපන නිවාසයන් හී රඳවා සිටින ළමයින් ගැන. මේ මොහොතේත් මට දැනෙන්නේ කලකිරීමක්. ඔවුන්ට සාපේක්ෂව අපේ ළමා කාලය කෙතරම් වාසනාවන්තද?

මේ දරුවන් ඒ තත්වයට පත්වී ඇත්තේ ඔවුන්ගේ වරදින් නම් නොවෙයි. තමන්ගේ නොවන අනිකුත් දරුවන්ටත් තමන්ගේ දරුවෙකුට සේ සලකන්නට මේ සමාජය හුරු වන්නේ කෙදිනකද,

අවුරුද්දේ එක දවසකට පමණක් ළමයින්ගේ අයිතිවාසිකම් හා විවිධ ආකාරයට සමාජයෙන් කොන් කොට ඇති ළමයින් ගැන කථාකරන අපේ සමාජය අතතුරුව ඊට විසඳුම් සෙවීමට උත්සහ කරනු පෙනෙන්නට නැහැ. ජනමාධ්‍යයන්ගේ සිට දේශපාලකයන් දක්වා වූ සියල්ලෝම කරමින් ඉන්නේ මේ වේදනාවන් විකුෟණාගෙන කන එක.

මේ වෙනුවෙන් අපට තනි තනිව හෝ කල හැකි දෙයක් ඇත්නම්, එසේ නොවන්නේ නම් වරදකාරී හෘද සාක්ෂියක් සහිත සමාජයක් වශයෙන් අපට සදහටම පසුතැවිලි වීමට සිදුවනු ඇති.

haresh said...

මේ දින වෙන්කරන් ඉන්නෙ කුහකයෝ. එයාල මේ දේවල් ගැන සැලකිලිමත් කියන එක පඩ ෂෝ ලෙස පෙන්වීම තමයි එකම අරමුණ.

ඒ එක්කම මේ ළමයින් ලවා දෙමාපියන්ගෙ හීන ඉටුකරගැනීමේ ආසාව නිසා ළමයි විඳින දුක.

දෙමව්පියන් ජීවිතේට, අනාගතේට දක්වන බිය තුනී කරන ගැලවුම්කරුවා තමයි දරුවා. ඒ නිසා දරුව මොනව කලත් මුල්තැන ගන්න ඕන කියන මොන්ගල් මානසිකත්වය කවද වැටහෙයිද අප්පා...

malee_msg said...

ජිවිත කාලේ හැමදාම කරන්න ඕන වැඩ කරන්න අපේ රටේ ලොකේ මිනිස්සුන්ට විශේෂයෙන් ඡනමාධ්‍ය වලට තියෙන්නේ එක දවසයි...එයාලා ආ‍දරේ කරන්නේ අවුරුද්දටම එක දවසයි..අම්මලට සලකන්නේ එක දවසයි...ලමයි ගැන හිතන්නෙත් එක දවසයි...ආගම දහම මතක් වෙන්නේ එක දවසයි...රටේ නිවහල් භාවය එක දවසයි....ඉතිං මේවා මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද?

පැතුම්..... said...

අදහස් දෙන්න, විවේචනය කරන්න ඕනෙ තරම් අය ඉන්නවා...
අහිංසකයො ගැන දුක් වෙන්නත් කට්ටිය ඉන්නවා...
වාරය අවහම තමන්ගෙ දරුවවත් හොඳ ඉස්කෝලෙකට දාගන්න, ඌට හොඳට උගන්න ගන්න, දක්ෂයෙක් වෙනව දකින්න මේ ලියන අපි හැමෝටමත් හිතෙයි...
වෙනසක් කරන්න නම්, වෙනසක් දකින්න නම් වෙනස් වෙන්න ඕනෙ අපි...
මිනිස්සු කරන වැරැද්දට බැනල වැඩක් නෑ...
වරද තේරුම් ගත්ත අපි වත් නිවැරදි දේ කරන්න ඕනේ...
තේරුම් ගන්න පුළුවන් අයව පොලඹවන්න ඕනේ...
කියන්න ලේසියි... (මමත් ඇතුළුව)
පොඩි දෙයක් හරි අහිංසකයින් වෙනුවෙන් කරමු...

Priyankara Perera said...

අද අපෙ අය , ලමා දිනය ගෑන මහලොකුවට කතා කලාට ඉස්සෙල්ලාම හිතලා බලන්ඩ ඔනෙ අද කාලෙ ඉන්න පොඩිඋන්ට ලමාකාලයක් කියලා දශමයක් කියලා දෙයක් තියනවද දෙයක් කියලා.

හම්මමො දෑන් 1 වසරට ලමයා අතුලත් කරන්න තෑන ඉදලාම තරගය තමා, එතනින් පටන්ගන්න තරගය ඉවර වෙන්න 13 වසරෙන් තමා. එතකන් එක පිම්මෙ දුවනවා දුවන්න්වාලෙ , අන්තිමට නෑවතිලා බලපුවම ත්මන් ජීව්තෙට එකතු කරගත්තු කිසිම දෙයක් නෑහෑ කියලා තෙරෙද්දි කොච්චිය ගිහිල්ලා ඉවරයී. ඉතින් කොහෙද එ ලමඉන්ට ලමා කාලයක් , අඩුම තරමෙ හොදම යලුවෙක් කියලා එකෙක්වත් ඉන්නවද ? , හිටියත් අවOක අදහසකින් නෙමෙ . . . ඉතින් කොහොමද මනුස්සකමක් . . . රට ගෑන හගිමක් . . .

දෑනුමෙන් සම්පුර්න , මස්තිශ්කයක් දෑරුවත් මොලයක් නොමති, උපාධි ධාරි , හිතක් පපුවක් තියා හෑගිමක් වත් නොමෑති අමනුස්සයෙක් අවසාන ප්රතිපලය වෙවි. . .

හෑබයී තරගකාරි නොවි තමන්ගෙ දක්ශතා වලින් යෑපෙන ලම්යා තමයී අවසානයෙදි මෙ තරගෙන් දිනන්නෙ . . .

මෙවා ගෑන තමයී ලමා දිනය දවසෙ හොයලා බල්ලන්න ඕනෙ . . .