හීනයක හමුවන දොඩන වෙන්වෙන, සිහිනයෙන් හමුවන්නට පෙරුම් පුරන අප බොහෝ දෙනා සැබෑ ලෝකයේ දුක්ක දෝමනස්සයන් හිත් තුල හංඟාගෙන සිනහ නගනවා. හැබැහින් කර කියාගන්න බැරි බොහොම දේවල් හැබැහින් දැක බලාගන්න බැරි බොහොම දෙනා, අපට සිහින වලදී හමුවෙනවා. දවස පුරා හිත තුල මැවෙන නොයෙක් රූ දසුන් සිහින තුලින් සැබෑවක් වෙනවා. හීන තුල අපට ලබාගත නොහැකි බොහෝ දෑ ළං වෙනවා. හීන තුලින් විටෙක අප්‍රමාණ සුවයක් සතුටක් දැනෙනවා. ඒත් ඒවගේම අහිමි වීම් වැලපීම් වැනි නොයෙක් දුක් බර අවස්ථාවන්ද හීන තුල මැවෙනවා. ඉන් හිතට දුකක් එක් වෙනවා.හිතට දුර බොහෝ දෑ හීන වලදී ළඟ වෙනවා. ඒ හීන වලට අප පෙම් බඳිනවා. හමුවීම් වෙන්වීම් , සිනහවීම් වැලපීම්, සියල්ල එකට සම්මිශ්‍රනය වෙනවා. ඒවා තුල අපට සජීවී බවක් දැනෙනවා. නින්දෙන් ඇහැරුණු විට ඒ සියල්ලෙන් මිදිනෙවා. අන්තිමට.... ඒවා හීන විතරමයි ! එහෙමත් හිතෙනවා.
සංවේදී පදවැලකට ඔබව හඩවන්න පුළුවන් ! මට එහෙම හිතුනේ හීන විල මල් පිපී ගීතය අහන්න ලැබුනහම. ගීතයේ වචන බොහෝ සංවේදීයි. ඒත් ඒ සංවේදීබව තව තවත් සිතට දැනෙන්නේ ගායනා කරන ගායකයන්ගේ ගැඹුරු කටහඩ නිසා කියලයි මට හිතෙන්නේ. මම හිතන විදිහට මේ ගීය ගායනා කරන්නේ තරුණයින් 3 දෙනෙක් විසින්. ඒ ගායනා කරන ශෛලිය හරිම ස්වභාවිකයි. ඒ කියන්නේ ඒක බොහොම හැඟීම් බර ගායනාවක්. සංගීතය ඊටම සරිලන ලෙස සැකසුනු, බොහොම ලයාන්විත, වැඩි කලබලයක් නොමැති ලෙස සකස්වූවක්. ඒ ගීය ගායනා කරන ශෛලියෙන්ම ඒ පද තුල කැටිවුනු දුක්බර බව මනාවට දැනෙනවා. ඒ හැම වචනයකින්ම මා අමතන අයුරක් මට හැඟෙනවා. ඒ නිසාම නිරන්තරයෙන් මේ ගීය මගේ දෙනෙත් අගට කඳුලක් එකතු කරනවා. මේ ගීය මසිතට සමීප වෙන්නේ ඔවැනි අදහස් කීපයක් හේතුකරගෙන , මේ ලියවීම් සියල්ල ගීය රසවිඳි මම මගේ හිතට ගීය දැනුනු අයුරු සටහන් කරන්න ගත්ත උත්සහයක් විතරයි.
මේ ගීය විඳින විට මගේ මනසේ මැවෙන්නේ, හමුනොවෙන්නට වෙන්වුනු සෙනෙහෙබර පෙම්වතෙක් තම පෙම්වතිය ගැන සිහිකරමින්,වැසි වැටෙන සැඳෑ කාලයේ, කවුළුවක් තුලින් ඈත පෙනෙන හිස් අහස දිහා බලාගෙන මේ පදවැල් මුමුණනවා වගේ දසුනක්. යලි එක් වතාවක් හෝ දැකගන්න පෙරුම් පුරුන තරුණයෙක්ගේ සිත තුල පැන නගින සිතුවිලි. ඇය ගැන මතකයන් අලුත් කරන සිතිවිලි තුලින් ඇතිවෙන නොයෙක් විඳීම් සහ දැනීම්, මේ සියල්ල මනසේ දසුන් ආකාරයට මැවෙනවා.
මේ ගීතය, එක් ගීයක් නිසා මුණගැසුනු මිත්‍රයෙක් නිසා අහන්න ලැබුනු ගීයක්
මෙන්න ඒ ගීය ගැන විස්තර.. මුලින්ම මෙන්න මෙතනින් අහලා බලන්න
ගායනය - Insith ගායන කණ්ඩායම.
සංගීතය - කසුන් කල්හාර
පද- වගීෂා රන්සිමාලි
හීන විල මල් පිපී මුදා හල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොරගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
මගේ නෙතු පියාගෙන ඉඳින්නම් එනවාද
තවත් එක වතාවක් නුඹෙ සුවඳ විඳගන්න
හංසියේ එනවාද ගුරු පාරෙ ඇවිදින්න
තාරුකා නෙතු හරින නිහඩ රෑ මැදියමක
ඈතටම දිව ගිහින් හිත මවයි මල් හීන
නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
දිග හරියි සෙනෙහසින් මගේ සමනළ මතක
(පිංතූරය - flickr.කොම් අඩවියෙන් හමුවූවක්)
7 comments:
godak lassana sinduvak !
හඩා වෑටිලා විතරක් නොවෙයී , හදවත ගොලු කරන්නත් පුලුවනි .... එ වෙලාවට දෑනෙන හෑගිම විස්ත්ර කරන්න හරිම අමරුයී , කොහොම විස්තර කරන්නද මන්දා . . .
මෙ ගීතයත් එ වගෙ තමා , නමුත් මට නම් මෙ පදවෑලට එච්චරම සoවෙදි බවක් දෑනුනෙ නෑහෑ , අනෙ මන්දා කොහොමද මම එ ගෑන විස්තර කරන්නෙ ?
මීට වඩා සoවෙදි පදවෑල් අහලා තියන නිසා වෙන්න ඈති .
කොහොම උනත් . . .
“ හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව ”
භෞතික විද්යාවෙ මාන වලින් මිදිලා , අයෙත් අතිතයට යන්න පුලුවන්නම් , ජීවිතයෙ සොදුරු මතකයන් අයෙමත් ලබාගන්න පුලුවන්නම් , ජීවිතය මොනතරම් අපුරු වෙවිද . . . ?
කියලම වැඩක් නෑ. මේක මුලින් මට අහන්න ලැබුණ් රන්දික කියන මගේ යාළුව නිසා. වැඩ අස්සෙ වාදනය වෙන සින්දු කලෙක්ෂන් එක දැම්මෙ එයා දැන් අවුරුදු 3කට විතර කලින්. මේ සින්දුව නිතර ඇහුණා මට. සාමාන්‍යයෙන් RNB HIPHOP සින්දු අතරෙ මේක පැහැදිලිවම වෙනස් නිසා මම ඒක කොපි කරගෙන හොයල බැලුවා. කසුන් වෙන්න ඇති මියුසික් කරන්න ඇත්තෙ කියල අපි කතා වුණා.
මාස කීපයකට පස්සෙ මම මේක මගේ portable media player එකේ අහද්දි තමයි ඇත්තටම විස්තර දැනගත්තේ. මොකද mp3 tags වල කසුන්ගෙ නම තිබුණා. media player එකේ ඒක පෙන්නුවා. මම කොර වෙලා රන්දිකට ඒ වෙලේම text කරල ඒ කික් එක බෙදාගත්තා.
සින්දුව ගැන නම් මට කියන්න දෙයක් නෑ. feelings උපරිමයි. මම කාලයක් සහ දැනටත් වරින් වර මුමුණනවා
මේ වගේම සංගීතය හරහා උපරිම දෙයක් කරපු තව සින්දුවක් මෙතනින් බලන්න.
හරිත වන රේඛාව
මේක පොඩි සින්දුවක්. ඒත් සෑහෙන්න දිගයි වගේ දැනෙයි.
me sinduwa mama patta gehuwa apu alutha...... AM eke tamai issellama dekketh........
ජීවිතේ වරින් වර විවිධාකාර අය හමු වෙනවා. වෙන් වෙනවා. සමහර විට මේ වගේ කෙනෙක් හමු වෙනවානම් කියල හීන මවනවා. ඒ අය වෙන් වුණාම ආයෙත් අතීතය ගැන හීන මවනවා. සමහර හීන උපන් ගෙයිදිම මිය යනවා. තවත් සමහර වෙලාවට හීන මවපු දෙයක් ලබා ගත් කල එයින් මිදෙන්නට හීන දකිනවා.
දකිනා නිසා - අඳුරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා
කැලුම් ශ්‍රීමාල් කිත්සිරි ජයසේකරට ලියපු සිංදුවක එහෙම තිබුණා මතකයි.
සිහින දකින එක හොඳයි. එත් සිහින සැබෑ නොවීම පුරුද්දක් කර ගත්තොත් තමා දකින්නෙ වැරදි සහ අහිමි සිහිනද කියල ආයෙත් හිතන්න වෙනවා.
ඇත්තම කිව්වොත් මේ ගීතය ගැන කියන්න වචන නෑ :)
පෘතක්ජනයෙක් විඩියට බැලුවොත් මේ ගීතයේ පැවසෙන වචනාර්ථ වල තියෙන්න අදාල චරිතයේ තියෙන සිතුවිලි ප්‍රකාශනයක් බොහොම අහිංසකව මුදාහැරීමක්.
සන්වේදී හඩ වල්, කසුන්ගේ සංගීතය එහි පැවැත්මට දෙන රුකුල නම් කියල වැඩක් නෑ.
බොහොම අගේයි එවගේම ඔබට ස්තුතියි මේ ගැන කිව්වට.
හදිස්සියේ මේ සිංදුව හොයද්දී අක්කා ලියපු මේ සටහන දැක්කාම සටහනක් නොතියාම යන්න හිත දුන්නෑ..
Post a Comment