
ලෝකය වෙනස් වෙමින් පවතී. එකිනෙකා රුස්සන්නේ නැති සමාජයක් නිර්මාණය වී ඇත, තරහක් ආ විගස පළිගැනීමක් අත ළඟය. දොස්තර ලක්ෂ්මී ඉඳුනිල් මෙනවියගේ අකල් මරණය කියා පෑවේ මේ සියල්ලයි.
ඇයගෙන් සුවය ලැබූ රෝගීන් සිය දහස් ගණනක් සිටින්නට ඇති, එමෙන්ම ඇයව මරණයට පත් කල මිනීමරුවාටද ඇය බෙහෙත් දෙන්නට ඇති. එහෙත් කුරිරු කම් වලට ගුණ අගුණෙහි වෙනසක් වටහා ගන්නට බෑ.
ඇය ගැන බොහෝ දෑ කියවා දැන ගතිමි පුවත්පත් තුලින්, සැබවින්ම ජීවකවරියක් වූ ඈ අසරණ රෝගීන් හට නන් අයුරින් පිහිට වූ සැටි ලියා තිබිනි. ඇසට කාචයක් මිලදී ගැනීමට නොහැකි වූ රෝගී අසරණ අම්මා කෙනෙක් හට ඇයගේ මුදලින් කාචයක් අරන් දුන්න බවත්, ඇතැම් අසාද්‍ය රෝගීන්ට නිවසටම ගොස් ප්‍රතිකාර කල බවත්, එක්තරා ගර්බනී කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවූ හදිසි තත්වය නිසා නිවසටම ගොස් මව සහ දරුවා බේරා ගත් බවත් දිවයින පුවත් පතේ ලිපියක සඳහන් විය.
වචන හුවමාරුවක් අවසානයේ මිනියක් මරන්න තරම් කේන්තියක් එනවානම් කෙනෙකුට ඒක ඇත්තටම සොයා බලා පිළියම් යෙදිය යුතු අවස්ථාවක්. මන්ද මගේ වැටහීම සහ මේ ගැන සාකච්ඡා කල අපි කිහිප දෙනෙකුගේම අදහස වන්නේ එය මානසික රෝගී තත්වයක් බවයි
දොස්තරවරිය සහ ඒ පුද්ගලයා අතර සිදුවූ වචන හුවමාරුව අවසානයේ රටට දක්ශ, කරුණාවන්ත ගුණ ගරුක දොස්තරවරියක් අහිමි විනි. තම දෙමාපියන් බලා කියාගෙන සිටි දියණිය ඔවුනට අහිමි විය.
"වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවයිරයෙන්ම එය සන්සිඳේ " නිතර ඇසෙන දහම් කරුණක්.
"රටේ ලෝකේ හරිම වෙනස් පුතේ වචනයක් එහා මෙහා උනොත් ඉවරයි. එනිසා පරිස්සමෙන් ඉන්න ඕනා අනෙක් අය සමග වචන හුවමාරුවට යන්න එපා. තමන් නිවැරදි නම් ඒක පිළිගන්න අය පිළිගනියි. වාද කරන්න යන්න එපා " අම්මා නිතර මට මෙසේ පවසයි.
"අම්මෝ අපි කොහොමද බය නැතුව කෙනෙක් එක්ක කතා කරන්නේ ? " මේ ගැන කතා බස් කරන අතර මගේ යාලුවෙක් පවසයි
"අපි දන්නේ නෑ මිනිස්සුන්ගේ හිත් වල මොනවා තියෙනවද කියලා ඒ නිස කතා කරද්දී හැකි පමණ මනා චරිත සංයමයකින් වැඩ කරන්න ඕනේ , කොතරම් තරහෙන් කතා කරන පුද්ගලයෙක් එක්ක උනත් තරහවක් වෛරයක් නැතුව වැඩ කරන්න ඕනා , ඒක මේ ක්ශේත්‍රයේ නියලෙන කෙනෙක්ගේ තිබිය යුතු ලක්ෂණයක්" ගුරුවරයෙක්, medical ethics ගැන සඳහන් කරමින් එසේ අපිට ඔවදන් දුන්නා.
මෙවන් විපතක් කිසි කෙනෙකුට කිසිම කලෙක නොවේවා කියා ප්‍රාර්ථනා කරනු හැරෙන්න කළ හැක්කේ කුමක්ද ?
දොස්තර ලක්ෂ්මී ඉඳුනිල් මෙනවියනි . ඔබව මම නොහඳුනන මුත්, දැක නැතිමුත්, ඔබේ මිනිස් ගුණය හැඳින්නෙමි. දැනුනා එය බොහෝ මිනිස් හදවත් පුරා පැතිර තිබූ බව
ඉඳින් ඔබට පතන්නෙමි නිවන් සුව !
බෝ දුකයී..... :( (image from flicr search )
6 comments:
මෙතුමිය මා පුද්ගලිකව නොහඳුනන නමුත් නිවෙස්වලටම ගොස් ප්‍රතිකාර කරන බව අසා ඇය උතුම් මිනිස් දුවක් ලෙස හඳුනාගත්තා.
සුළු කරුණටත් රෝගින්ගේ ජීවිත තුරුම්පුවට තබා ගනිමින් වර්ජනය කරනවුන් අතර මෙවන් අයගේ වියෝව සමාජයේ අවාසනාවටම සිදුවෙන්නක්.
ඇයට නිවන් සුව!
මටත් මේ ගැන දැන ගන්න ලැබුනා...අහලා තියෙනවද කථාවක් හොද වැඩ කරන මිනිස්සුන්ව දෙවියෝ ඉක්මනට තමන් ලගට ගන්නවා කියලා...ඒ සමහරවිට දෙවියන්ගේ උදව්වට වෙන්න ඇති..නැත්නම් මහ පොළවේ දෙවියන්ට අභියෝග කරන්න පුළුවන් මිනිස් දෙවිවරු බිහිවෙයි කියන බයට වෙන්න ඇති....
කොහොම උනත් මේ වෙද දියණියට මරණින් මතු ඈ සෙවු සැනසීමව හිමි වේවා..!
මෙ කතාව කියවද්දි මුලින්ම මතක් උනෙ මේක . . .
" වන සිව්පාවුන් වෑනි මිනිසුන් මෑද දෙවි දෙවතාවුන් වෑනි මිනිසුන් ඈත "
" එ දෙවතාවන් දිව්යාගන්නාවන් මනුලෝතලය් වාසනාවන් "
කොහොම උනත් ඔයාලෑ අම්මා කියන කතාව හරියටම හරී, රටෙ ලොකේ මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බෑහෑනෙ , තමුන් තමහිතට අවOකව වෑඩ කරනවනම් ලොකයාත් අපිව තෙරුම් ගනිවී නෙද ? එ ගමනෙදි භාධා කොතෙකුත් එවී , මෙ වගෙ අවාසනාවන්ත් සිදුවිමුත් හමුවෙවි , නමුත් අවසානය සිනාහාවෙන් පිරුනු සුබදායක එකක්නොවෙවිද ?
ඉක්මන් කොපයක් එන්න හෙතු මොනවද කියලා මම හරියටම දන්නෑ , සමහරවිට හොමොන වල සිදුවන අසාමාන්යතා වෙන්න අති , කොහොම උනත් එ වගෙ තිරිසන් පුද්ගලයීන් ඉක්මනින්ම සමාජයෙන් ඉවත් වෙවි , මන්ද එ වගෙ අඩුපාඩු අති අපට තවදුරටත් අනවශය නිසා ( සොභාවික වරනයට අනුව ) . . .
මේ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ සුළු දෙයක් නිසා. බොහොම සුළු දේවල් ලුණු ඇඹුල් සහිතව වවාගෙන ආතල් ගන්න ලෝකෙක ඒක පුදුමයක් නෙවෙයි. නමුත් ඒකෙන් දුක් විඳින්න වෙන්නෙ අහිංසක මිනිස්සුන්ට.
වෘතිමය පැත්තෙන් වගෙම (විශෙෂයෙන් මෙම වෘතියේදි) එදිනෙදා ජීවිතෙ ගත කරද්දිත් ඉවසීම ඉතාම වැදගත් බව පසක් කරන මෙ සිදුවීම පිලිබඳ අදහස් මෙසේ අපි සමග බෙදා ගැනීම ගැන බොහෝ ස්‌තුතිවන්ත වෙමි. කේන්ති යන එක කාටත් සිද්ධ වෙන දෙයක්. නමුත් as ur mom said, කොපමණ කේන්තියෙන් ඉන්න කෙනෙක් එක්‌ක උනත් අමාරුවෙන් හරි තමන්ව පාලනය කරගෙන ඉවසීමෙන් කත කරන්න පුලුවන්නම් තමා හොඳ. (මට නම් කරන්න ගොඩාක් අමාරු දෙයක්! නමුත් මිනිසුන් ඉදිරියේ එහෙම නොකර බැරි බව හොඳට පැහැදිලි වෙන කරුණක් තමයි මෙ) මෙතුමිය ගැන බෝ දුකයි! නමුත් මෙහි අපි කාටත් හිතන්නට යමක් තියෙනවා නේද...
Its a sad situation! people are loosing their humanity. May she attain nirvana.
Post a Comment