Friday, 5 September 2008

ජීවිතේ මේ වගෙයි..hypocrite සහ මම

උදේට නැගිටින්නේ පහළ රූම් එකේ යාලුවාගෙන් ලැබෙන දුරකතන ඇමතුම නිසා, පුදුම තෙහෙට්ටුවක් දැනෙන්නේ, මොකද දවසට නිදා ගන්නේ පැය 5 වැනි සුළු කාලයක්,
ලෙඩ්ඩුන්ට උපදෙස් දෙනවා, පැය 7-8 නිදාගන්න නිදිමරන්න එපා, මනසට හොඳ නෑ කියලා. එහෙම කියන අපේ නින්ද පැය 5යි
බස් එකේ යන ගමන් පොඩ්ඩක් ඇස් පියා ගන්නවා. ඒත් ඔහොම නිදියලා මොකටද කියලා අම්මාගෙන් බැනුම් අහනවා.
ඊළඟට අපිම උපදෙස් දෙන්නේ, හොඳ සමබල ආහාර වේලක් කන්න , පෝෂණය හරීම වැදගත්,
ඒත් අපි, බස් වල යන ගමන්, ගිලින පාන් පෙත්ත, දවල්ට වැඩ වැඩිකමට වෙලා පහුවෙලා කන බත් ඩිංග, එතනිනුත් ඉතින් අපිටමයි අවැඩක් වෙන්නේ, ගැස්ට්‍රයිටිස් හැදිලා තමයි නවතින්නේ දවසක.
නිවාඩුවක් ලැබෙන තුරු ඉන්නවා, හොඳට නිදා ගන්න, හොඳට උයලා මිරිස් තුනපහ රහට කෑමක් කන්න

මීට වසරකට පමණ පෙර ---- රෝහලේ අපට කෙටි කාලීන පුහුණු වැඩ තියෙද්දී, බොහෝ වෙහෙස මහන්සි වුනු දවසක , එක්තරා මහළු සීයා කෙනෙක් වටේ අප සියල්ලම රොක් වෙලා ඔහුව පරීක්ශා කරමින් සිටියා. . "දූ කාලද දවල්ට, ඇපල් ගෙඩියක් දෙන්නද දුවේ" කියලා අහද්දී ඇත්තටම අපිට දැනුනේ පුදුමයක්, කාරුණිකව අපට කෑම අනවශ්‍ය බව ඔහුට පැවසුවද බඩුමිල අහස උසට නැග ඇති මෙවන් කලෙක රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ සීයා ඇත්තටම ඒ වන විටත් දවල්ට ආහාරයක් නොගෙන එහෙ මෙහෙ දුවමින් සිටි අපිට අනුකම්පාවෙන් තමන්ගේ දරුවෙකුට සලකන ආකාරයේ ලෙංගතු කමකින්, බඩගින්නේ ඉන්න එපා යැයි පවසමින් අපට දැන මුතු කම් දුන්නා. සිරි සිරිමල් ට නම් එය මාව බයිට් එකට ගන්න අපූරු වචන ටිකක් උනත්, ඒ ඇසූ ඇසුමත් හිතට කියාගන්න බැරි අපූර්ව හැඟුමක් හිතට ලං කරා, මිනිස්සු අතරේ පවතින ලෙංගතුකම එයින් මහා විශාලෙට පෙනුනා. මේ ළඟදී දවසක අප හමුවූ විට සිරිමල් මේ සිද්දිය නැවත මතක් කළා.
අපි දෙන උපදෙස් අපිටවත් පිළිපදින්න වෙලාවක් නැහැ, සමහරක් විට.
අර තමන් දෙන උපදෙස් තමන්ම නොපිළිපදීන අයට ඉංග්‍රීසියෙන් කියනවා හිපොක්‍රිට් කනෙක් (hypocrite - a person who acts in contradiction to his or her stated beliefs or feelings) කියලා
ඔහොම බලාගෙන ගියහම හිපොක්‍රිට්ලා තමයි අපි ඔක්කොම.

කියන දේ නොකරයි
නොකරන දේ කියයි
නොවන දේ ගැන හිතයි
හිතන දේ නොවෙනකොට.... හරි දුකයි

1 comment:

haresh said...

ඇත්තටම වෙලාවකට එහෙම තමයි. අපි කියන අපි හිතන දේ තුල අපිවත් නෑ. ඕකට හේතුව ඇත්තටම තියෙන්නෙ අපෙන් පරිබාහිරව වෙන්න පුළුවන් නේද? මොකද මේ එක් ආකාරයකට හැඩගැහුනු ක්‍රමයක් තුලනේ අපි ඉන්නේ.. ඉතිං අපි හිතුවත් ඒක ක්‍රියාත්මක කරන එක නම් ගැටළුවක්.