Saturday, 6 September 2008

Heart aches and heart breaks..කවි නොලියවේ...


අපි ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ, අපේ මුලු බැච් එකම "Life education week" කියලා සතියක් ගෙවල් වලින් පිට නිවාඩු නිකේතනයක් වැනි තැනක සමාජ සේවාවන් භාවනා කරමින්, ජීවිතය පිළිබඳ සංවාද ආදියෙහි යෙදෙමින් ගත කලා, ඒ කාලය තුලදී අපට, වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට ගොස් සේවයේ යෙදෙන්නත් සිදුවුනා. ටියුෂන් පන්ති හා පාසැල අතර ජීවිතය දෝලනය වෙමින් පැවති ඒ යුගයේ, අර සතියක කාලය අපිට ජීවිතය සම්බන්ද අත්දැකීම් රාශියක් ගෙන ආවා.

අද යහළුවෙක් හා කතාබස් කරමින් සිටි යමක් සිහිවෙලා මේ සියල්ල කුරුටු ගෑවේ. පාසැල් යන කාලේ අපි ගත කලේ හරිම නිදහසකින්. නිවාඩුවට ගමේ ගියහම නැවත ගෙදර එන්නේ පාසැල් පටන් ගන්න කාලෙදී. නමුත් අද දරුවන්ට නිවාඩු කාලෙත් ටියුෂන්. එනිසා දෙමාපියන්ටත් දරුවන්ටත්, විනෝද චාරිකාවක්වත් යන්න බැරි හැඩයි. පහ වසරේ පොඩි දරුවන් පවා නිවාඩු කාලෙත් ටියුෂන් දුවනවා. ඒ මදිවට සමහර 4 පන්ති වල දරුවන්ගේ අම්මලත් හෝ ගාලා පොඩි එවුන්ව දැම්ම ඉඳන්ම ටියුෂන් යවනවා. ශිෂ්‍යත්වය ඉහළින් සමත් කරවන්න.

අවුරුද්දේ මුල සිටම එක දිගට ලියන්නට යෙදුනු බ්ලොග් ලියමනත් එපාවුනු වෙලාවල් තිබුනා.
මුල් කාලේ සිංහල බ්ලොග් ලියන්න ගිහින්, යුනිකෝඩ් විරෝදීන්ගෙන් එල්ලවුනු විවේචන නිසා ඒවගේම , ඔවුන් බ්ලොග් පිටුවලට ඇවිත් ලියා යන ඇතැම් දෝෂාරෝපණ නිසා අදහස් ප්‍රකාශ accept කළ පසු ඒවා comment යටතේ ගොනු කරන්නට මට විතරක් නොවේ අපි බොහෝ දෙනෙක්ට සිදුවුනා. ඒක මම හිතන්නේ හරේශ් මගෙන් ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් වෙනු ඇත. දැන්නම් පෙර මෙන් අපේ මේ බ්ලොග් පරිශීලනය කරන පිරිස් අඩු නිසා ඇතැමුන්ට මෙන් feed back නොලැබුනත් comment moderation ඒ විදිහටම තියන්න උත්සහ කරනවා. එතකොට අඩු තරමේ ඉඳහිට උනත් ලැබෙන ප්‍රතිචාර මොනවද කියලවත් බලාගන්න පුළුවන්නේ.
වෙලාවකට හිතෙනවා අපි මේ කරන හැම දෙයක්ම නිස්සාරී දේවල් කියලා. නමුත් මෙලොව පැවැත්ම ඇත්තේද එහිම නොවේද ? "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා" කියලත් කියනවනේ. එනිසා පුළුවන් තරම් හිත එක අරමුණක පිහිටුවාගෙන ඉන්න උත්සහ කිරීම වටී.

අපේ උන් සිතින් වෙන්වී ගිය මෙකල
සිහිනයක් වගේමැයි ඒ ගෙවුනු කල
දරාගත නොහැකි දුක නෙත් කඳුලු කර
සැනසෙම් කොහොම සතුටින් සිත පුබුදු කර

While going through some pages of an old diary I found this really lame essay (as I called it),which was written in my 4th year.
(I'm sorry its not a poem but just my experience)

I've held hearts , young and old..
with tearing eyes on first few days
some had scars..old and healed,
ruptured valves, calcified arteries
we measured the length the weight and valves
just to see how much,one's heart had survived

Its really hard to hear and know
is that a gallop, a murmur or an ejection click
We weep and cry and throw it all out,
Tiny pinch pain becomes hard to hold up
The heart gets a scar when it all ends up

listening through membranes right into my ears
All that miseries weeps and tears
lub dub lub dub Ends up with a scar !

its just a thought
"you know what they say about stopped clocks: They're always right twice a day."

9 comments:

Boman said...

හරිම අපූරු අදහස් පෙළක්. ඔබ Lame යයි හදුන්වනු ලැබූ රචනය සියල්ලටම වඩා මා සිත් ගත්තා.
අප විසින් කරනු ලබන බොහොමයක් දේවල් නිස්සාර යයි අපට විටෙක වැටහුනත්. අප යන ගමනේදී යමක සාරවත් බව හෝ නිස්සාරවත්බව විමසා බැලීමට ඉසිඹූවක් ගැනුමටවත් ජීවිතය අපට ඉඩ දෙනවා අඩුයි.

Constantin Demiris said...

Even though some may see some running away from 'something', but actually they may be running TOWARDS 'something'. Its all in Einstein's theory of relativity. :-)

And always do what you wanted to do and something you know you will enjoy. Then any troubles/obstacles may mean absolutely nothing to you. Everything will disappear with time.

kasun said...

එක තකට ඇත්ත. අපි මේ කරන දේවල් හැමදේයක්ම කෙතරම් නිෂ්ඵලද කියල හිතෙන වේලාවල් ඕනෑ තරම්. ඒත් එහෙම හිත හිතම අපි ඒ තුලම ගැලිලා ඉන්නවා. බොහෝ විට මේ සියල්ල ගැන කලකිරුනත් අපට එවායින් ඉවත් වෙන්න බැහැ. විටක ජීවිතය මහා වේදනාවක්. එහෙත් පැරණි සුන්දර දේත්, අනාගත බලාපොරොත්තුත් අපේ ජීවිතය ජීවත්ව තබනවා.

malee_msg said...

හැම වෙලේම හැම දේම අපිට ඕන විදියටම සිද්ධ වෙන්නේ නෑ නේද බෝ සහෝ..එක අතකට ඒක වෙන්න ඇති ඡිවිතය කියන්නේ නේද?

nidhahasa said...

බෝ අක්කගෙ සටහනක් දැක්කෙ ගොඩ කාලෙකින්. දිගටම ආයෙ ලියන්න. "මගේ පස්සෙන් එන්න" ඉතුරු ටික කෝ?

Bo said...

බෝමන් - ස්තූතියි, ඔබ කියන දේ හරි අපි හරයක් නැතැයි සිතන බොහෝ දේවල් අපි දිගින් දිගටම කරනවා, ඒ පැවැත්ම වෙනුවෙන් කියලා මට හිතෙනවා

const- I knw, running away is not an answer but it would gimme some more time u knw aite I'll think of something which is more practical. when certain people want others to act according to their own wishes how can we ever have a world of our own

Bo said...

කසුන් - ඔබ කියන්නේ ඇත්ත මල්ලි, මොන දේ උනත් අපි ඒ වගේමයි නේද ? හරියට සිග්මන් ප්‍රොයිඩ් ගේ මෙන්න මේ කියමන වගේ ගඟ ගලයි අඳුර එයි, අඳුරත් එළියත් ගඟට එක වගේ, විටෙක නිල් පැහැයෙන් ගලන ගඟ විටෙක බොර පැහැ ගනී, වෙනස් වෙන්නේ ගඟ නොවේ වතුරයි , මිනිස් සිතද ඒ වගෙයි...

මලී - ඔව් නංගී, හැමදේම ඕන විදිහට සිද්දවුනොත් අපිට ඒකත් ප්‍රශ්නයක් වෙයි නේද, මටත් තේරුනා, මොනදේ උනත් හැමදේම එන හැටියට බාරගන්න ඕනා ඒකතමයි ජීවිතේ කියන්නේ, ස්තූතියි ප්‍රතිචාරයට නංගෝ

වරුණ - මට ආයෙත් අන්තර්ජාලය ලැබුනා... නේවාසිකාගාරයට ආවා , ඉතින් ලියනවා වෙලාව ලැබෙන හැම විටකම..

samanalee said...

අක්‌කෙ.. ගොඩ කාලෙකින් තමයි මාත් මේ පැත්තට ආවේ.. සතුටුයි ඔයා අළුතෙන් සටහන් දාල තියෙනවා දකින්න... ඒත් හ්ම්ම්ම් මොකක්‌ හරි වෙනසක්‌ තියෙනවා.. කාලෙකින් කතා කරන්න ලැබුනෙත් නැහැ නෙ.. වෙලාවක Gtalk‌ එකෙන් එන්න...
nice to see you back darlin, Miss you!

haresh said...

ඔයා වෛද්‍ය සිසුවියක් වගේ නේ... ෂෝක් අප්පා..

ලියන සමහර දේවල් වලට අදහස් නොලැබෙන්න පුළුවන්. ඒත් කවුරු හරි කියවනවා ඇති. සිංහල බ්ලොග් වැමෑරිල්ල පටන්ගත්තු සමාරම්භකයො හැටියට ඔයාල මාර වැදගත් ඇත්තටම. මොකද ඒ නිසයි අපි වගේ ආධුනිකයන්ට මාර්ගයක් තියෙන්නේ.

මට මතක් වෙන්නෙ කාලයක් අපේ මලීගෙ සිගියෙ තිබණ මහගමසේකර මහත්මයගෙ වැකියක්. ඉටු කරන්න ඔබ සතු යුතුකම. නොසිතා එහි පල විපාක මම හිතන්නෙ ඒක අපි හැමෝටම වැදගත්. අද නැතත් හෙට අපි කරන දේවල් වලට වටිනාකමක් එයි.