හොඳ යාළුවෝ හමුවෙන්නේ, පෙර පින් නිසා කියලයි මම හිතන්නේ, සියක් දෙසීයයක්, යාළු මිත්‍රයන් අතර, කලණ මිතුරන් සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩුවෙනි.අපි එකට පාඩම් කෙරුවෙමු, මහජන පුස්ථකාලයට ගියෙමු, පාරවල් දිගේ රස්තියාදුවේ ගියෙමු. හින්දි චිත්‍රපටි සොයා එම් සී එකේ කරක් ගැසුවෙමු. ඇඳුම් හොයන්න ගිහින් පාරවල් වල හතිවැටෙන තුරු උඩට පල්ලෙහාට ඇවිද්දෙමු. තාමත් මතක් වෙද්දි හිනා යන්නේ, අර බුරියානි කන්න ගිහිං හොදි කප් එක ඇඟේ හලා ගත්ත සිද්දිය.
ලයිබ්‍රරි කැන්ටිමේ පොල් රොටී සමග ලුණු මිරිස්, ආ අර ඉඟුරු නැති ඉඟුරු ප්ලේන්ටිය , ආ හරිම කැමැත්තෙන් අපට පුටු පරිත්‍යාග කරන "රිකී මාටින්", එයාට මොනවා උනාද දන්නේ නෑ නේද .ලැජ්ජාව ෆයිල් කවරෙන් වහගන්න අපේ තරාව බයිට් කරන එක, අපි ඔක්කොමලා එක බත් මුල බෙදාගෙන කන හැටි ඔය වගේ සොඳුරු මතක රැසක් එක්ක එකතුවුන මිතුරන් සෙට් එක මතක් වෙද්දි ජීවිතේ ඇත්තටම සුන්දරයි කියලා හිතෙනවා.
දුකක් , සතුටක්, හිනාවක්, කඳුලක් ඒ හැම දේකදිම නොවෙනස්ව ඉන්න ශාලි, ඔන්න බ්ලොග් පෝස්ට් එකක්ම වෙන් කරා, මට මාර හැපී මචං මේ පාර උපන්දිනේ මිස් උනේ නැති එකට. (මේ සතියෙම මතක් කර කර හිටියේ, හප්පේ මේ අවුරුද්දෙවත් වෙලාවට wish කරන්න.)
මනුසත් ඉමේ හමුවූ පිනෙන්
බැඳුනේසදා සොහොයුරු දමින්
ලබැඳියි හිතත් අහසක් තරම්
සොඳුරුයි නුඹත් කවියක් තරම්
දකිනා ලෙසට නිති සුබ දසුන්
විඳිනා ලෙසට සැනසුම් පවන්
හිඳිනා ලෙසට සතුටින් සැපෙන්
සොඳිනා පතමි පැතුමන් ඉතින්
ඉතින් මම සුභ පතන්නෙමි, හිතේ සැනසීමෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් වෙන්න කියලා, හැමදාම, අයියටයි ඔයාටයි, දෙන්නටම ( අයියටත් මේ එක්කම belated birthday wishes !)
Wish you a happy birthday !
බෝ
5 comments:
යාළුවට මගේ සුභ පැතුමත් දෙන්න... මරු ආතල් වලට සෙට් වුණ කට්ටියක් නේද? මටත් ඔය මිතුරු සෙට් වීම් මතක් වුණා.
සේරටම වඩා අද මේ බ්ලොග් සටහනේ භාෂාව වෙනස් වීම හිතට ඇල්ලුවා. ඔයා කලිනුත් එහෙම ලියන්න ඇති. ඒත් මට වැදුණෙ මේක. එල එල...
ඔන්න එහෙනම් බෝ අක්කාගේ මම නොදන්න යෙහෙළියට අපෙන් උපන්දින සුභ පැතුම්
බෝ සොයුරියගේ මිතුරියට මගෙනුත් සුබ උපන්දිනකට ආසිරි පැතුම්!
හරේ - ඔව් ඔව් , ජීවිතේ විඳින්න හොඳ යාළුවෝ ඉන්න එක ගොඩාක් වැදගත්. ම්.. ඔයා කියනවා හරි මල්ලී, මටත් මගේ ලියන ආකෘතිය එපා උනා. වෙනසක් කරන එක හොඳයිනේ ස්තූතියි එයා මේවා කියවනවා, තාම යුනිකෝඩ් දාගෙන නෑ, කිව්වට බ්ලොග් ලියන්න එන්නෙත් නෑ.
මලී - ස්තූතියි නංගී, මම කිව්වා යාළුවට, ගොඩක් ස්තූතියි නංගී
නලින් මල්ලී, - ඔන්න ඔයාගෙත් සුභ පැතුම් වලට ස්තූතියි
ම්ම්ම්.... මගේ උපන්දින තෑග්ග මෙන්න අක්කාගේ යාලුවට......
මේකත් උපන්දින සුභ පැතුමක්ම තමා....
Post a Comment