Thursday, 11 September 2008

හද බිඳුම....


ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අතර අපි කතාබස් කරන ඇසුරු කරන කිහිප දෙනෙක් හැර අනෙක් සියලු දෙන අපට නොපෙනෙන තරම්‍ ය. අඩු තරමින් හැමදාම උදේ අපි පිටත් වෙන වෙලාවට නේවාසිකාගාරය පිටත අතුගාමින් සිටි වයසක ආච්චි අම්මා ඇඳගෙන හිටියෙ මොනපාට ඇඳුමක්ද කියලා කියන්නවත් නොදන්න තරමට අපේ හිත් බොහොම සීමිත වපසරියක සැරිසරන බවක් මට පෙනේ.
එහෙම හිතුන නිසාම වඩා කල්පනාකාරීව, මනෝ පාරවල් ගහගෙන වෙනදට යන එන මග මම අද ටිකක් සිහියෙන් ගියා. එතකොට බොහෝ දේවල් වඩා සවිස්තරව පෙනුනා. හිතන්න දේවල් අල්ප වෙන එකත් ලොකු සැනසීමක් කියලා හිතෙනවා. එතකොට තත්‍ය ලෝකේ වඩා ලොකුවට පෙනෙන්න ගන්නවා.
බලාපොරොත්තුවෙන් ඉන්න යමක් නැති වෙනකොට, අත්කරගන්න හෝ දිනාගන්න දෙයක් නැති කොට, දැනෙන සහනය කෙතරම්දැයි වැටහෙන්නේ බොහොම අල්ප දේ වලින් සැනහෙන්න ජීවත් වෙන්න පුරුදු පුහුණු වුන අය දුටු විටයි. සැප සම්පත් සොයමින් ඒවා පසු පස දුව දුවා ජීවිතේ අවුල් කරගන්න බොහෝ දෙනෙක් හිතන්නේ, ජීවිතේ විඳින්නේ ඔවුන් විතරක්මයි කියලා. ඒත්.... ටික කලකින් ආපසු හැරී බලා පසු තැවුල් විය හැකි බොහෝ දේ එහෙම අයට ඉතිරි වෙන බව ඔවුන් නොදනී.

11 comments:

haresh said...

සහතික ඇත්ත. අපි ඉන්නෙ මනෝ ලෝක මවාගෙන. එදිනෙදා සිහියෙන් ගෙවන්න අවකාශයක් නැති තරම්. අපි ඒ තරමටම අපෙන් මිදිලා බාහිර ලෝකයේ නොයෙක් මල විකාර වලින් වැහිලා. ඒවම තමයි හැමවෙලේම කල්පනා කරන්නේ. ඒත් දවසක ඒ හැමදේම අයින් කරල දාල බලන්න පුළුවන් නම් තමන්ට අළුතෙන් තමාවමත් ලෝකයමත් හොයාගන්න පුළුවන්..

නවිය නම් එල.. මට මතක් වුණෙ නන්දා මාලනීගෙ පූජාසනයේ සින්දුව. මේ ලෝකය හරිම කුරිරුයි. එයාලට ඕන කාලෙ අපිව හොඳින් තියාගෙන ඕන නැති වුණාම පයින් ගහන්නත් මැලි නෑ... අපේ අතේ තමයි නැගිටීම තියෙන්නේ.. ඒකට අවශ්‍ය විශ්වාසය තියෙන්නේ..

සුන්දරයි බෝ...

Anjana Jayaweera said...

මම දකින විදිය වෙනස්.... ඒත් කියලා තියන දේට Agree...... :D

Boman said...

කවිය හරිම ලස්සනයි.

කයක් මිස හිතක් නැති හිතෙන් සිතනා සිතුම
නොවේ කිසි පලක අබැටක් තරම් වත් වටින

මේ පද පේලි දෙකට මම වඩාත්ම කැමතියි.

මේ ළඟදි දවසක මම අපේ ගේ ඉස්සරහට වෙලා ළමයි පාසැල් ඇරිල ගෙදර එන හැටි බලන් හිටියා. අද ඊයෙ වගේ මෑතක ජංගි කොට ඇදගෙන මඩ නනා හිටිය කියල මට මතක සමහර නංගිලා මල්ලිලා වයසින් වැඩිල තිබ්බ හැටි දැක්කම මට මං ගැනම පුදුම හිතුන. මගේ ගෙවල් අහල පහල හිටියත් ඒ අය ගැන මගේ අවදානයේ තරම කියල.

ඇත්ත අපි නොයෙක් භෞතික සැප සම්පත් අරමුණු කරගෙන ඒ මගින් අපේ ආධ්‍යාත්මික සුවය ලැබෙයි කියා ඒ පසුපස ලුහුබදිනව. අපි සුන්දරයි සුන්දරයි කියල ළඟා කරගන්න ඒ දේවල්වල අසුන්දරත්වය පේන්නේ ඒවාගේ අනිත්‍ය බවේ පිහි තුඩවල් අපිට අනින්න ගත්තට පස්සෙයි. අවාසනාවට අපි ඒවා ළඟා කරගන්නකම් ඒ පිහි තුඩවල් අපේ ඇසට පේන්නෙ නැහැ. එක්කෝ අපි ඒව දකින්න කැමති නැහැ.
අරමුණු තමයි අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්නෙත්.නමුත් අරමුණු තුලින් අවසන අප ළඟා කරගන්නේ හිස් බවද පරිපූර්ණත්වයද කියන එක තමයි පැණය.

Kohona said...

සැප සම්පත් සොයමින් ඒවා පසු පස දුව දුවා ජීවිතේ අවුල් කරගන්න බොහෝ දෙනෙක් හිතන්නේ, ජීවිතේ විඳින්නේ ඔවුන් විතරක්මයි කියලා

kochchara aththada? balanna apea ratea dostharala dihaa?

fossurgeon said...

kohona අපේ රටේ දොස්තර හෙවත් වෙදුන් ගැන ඔහොම කියන්නෙ බෝ වෙදකම හදාරන සිසුවක් නිසා ද? :-)

සිංහල අය මෙහෙමයි, දෙමල අය මෙහෙමයි, දොස්තරල මෙහෙමයි, ඇමෙරිකානු අය මෙහෙමයි, කරාවෙ අය මෙහෙමයි, දුරාවෙ අය මෙහෙමයි, මුස්ලිමෙ අය මෙහෙමයි.....

ඉවරයක් නැති කොටස් කිරිමක්; වෙන් කිරිමක්. සතුවිල්ල හරි ද?

කරුණාකර ඒ විදියට සිතන්න පුරුදු වන්න එපා.

fossurgeon said...

http://fossurgeon.blogspot.com/2008/09/life-and-leisure.html

Bo said...

හරේෂ් - නන්දා මාලිනීගේ සිංදුව නිතර හිතේ රැව් දුන්නා, දන්නවද අපිට ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නේ අපේ ගුණ වර්ණනා කරන අයමයි. ඕකයි ඔය කවියට තේමාව උනේ. කියවලා රසවිඳලා වචනයක් ලියා ගිය එකට ස්තූතියි ආයෙමත්. සුන්දරයි මේ කවි කතා බහත්...

අන්ජන- වෙනස පැහැදිලි කරොත් වඩා හොඳයි නේද මල්ලී

බෝමන් - ඔබ කියන දේ හරි, අරමුණු නිසා පැන නගින ඕනෑ කම් සහ ආසාවල් අවසන අපට හිමි වෙන්නේ අප බලාපොරොත්තු වූ දෙයමද ?

Bo said...

kohona - ඇයි දොස්තරලා විතරද? මම මේක ගැන මීට වඩා මොකුත් කියන්නේ නෑ.thanks for ur opinion.

fossurgeon - thanks for the comment. ඔබ කියන දේ හරි. හැම තැනම බෙදීම් . හැම කෙනාම අනෙක් අය දිහා ද්වේශයෙන් බලන්නේ එහෙම බලලා හිතනවා, අපෝ ඔය දොස්තරලා ඔහොමමයි, ඔය ටීචර්ලා ඔහොමමයි කියලා. ඒක තනිකර තමන්ගේ හිතේ තියෙන හීන මානය කියලයි මට හිතෙන්නේ... they've got a very low self esteem.

Kohona said...

Dostharala witharak nemei teachers la okkomala ehema thamai. moko ehema wenne? ea gollo hithanne ea gollo witharai jeewath wenne kiyala. fossurgoen ehem hithanne nadda ara marunu lamai gana ehema strike kraranakota? ea gollo jeewath wenne nadda? Wibaaga walata penee sitini lamai ehema jeewath wenne nadda?

Doctors la doctors lawa defend karana hati api dannawa. Ahinsaka minussunge tax walin igena gena ea minissunwa billata deela wadi padi illana eka nam harima kanagaatui. eawa defend karana ekath kanagaatui.

Sama wenna ithin, hamooma eka godata dapu ekata. ehema nathi dostharalath athi. ehema nathi teachers lath athi. thoppiya fit wenawanam eka daa gaththath waradak nam naha.

Kohona said...

Bo,

meka dveashayen baleemak novei. lankawe wena deval wena hatiyata kiya paana eka kohomada low self esteem wenne? mama lankawe foreign secretary wenna puluwan. foreign secretary ohoma comment ekak keewama kohomada eka eyage low self esteem wenne? looke wena kohewath ledunwa billata thiyana dostharala naha. oyage lipiya dakala mata mulinma mathak wune lankawe weddu gana. mama hithanne oyala dannawa athine lankawe kochchara gori yanawada kiyala weddu liyana beheth ehema control karanawata. beheth company wala salli walata brand name walin hodata inna ayatath beheth liyanawalu samaharu. onna aththa.

habai monawa wunath kaviya nam apoorui

Bo said...

kohona - එක පාරම ලේබල් ඇලෙව්වම හිතෙන්නේ සමාජයේ එක්තරා පිරිසක් නිසා ද්වේශයෙන් පසුවෙන කෙනෙක් කියලා.
ඔබ දක්වන පසු අදහස් වලට මමත් එකඟයි. ඒත් දේශපාලනයේ ඉඳන් විවිද ක්ශේත්‍ර හැම එකකම ඔය මඩිය තර කරගැනීමේ ව්‍යාපාරය හරි සරුසාරව කරගෙන යනවා.

තමන්ගේ මඩිය තරකරගන්න, කොම්පැණි වලට බෙහෙත් ලියන එකට විරුද්ද වෙන්න පුලුවන් අපිටමයි. ජනතාව ඒ ගැන විමසිල්ලෙන් හිටියම, ඒ ගැන දැනුවත් වුනහම දොස්තරලව පාලනය කරන්න පුළුවන්. මම ෆාමසි එකට ගිහින්, ලියලා තියෙන බෙහෙත් ටික වෙනුවට, ඒ වගේම ඒත් වෙන බ්‍රැන්ඩ් එකක,ගාන අඩු (ඉන්දියන් ඒවා ගණන් අඩුයි, ඔසු සලේ බෙහෙත් ගණන් අඩුයි) බෙහෙත් ලබා ගන්නවා.මගේ දන්න හඳුනන කෙනෙක්ට උනත් බෙහෙත් ගන්න ඕනා විට අපි එහෙම තමයි කරන්නේ, මොකද වෙද කාක්කොත් ඉන්නවනේ ඔය අතර

low self esteem ගැන ලියූ දේ පොදුවේ ලියූවක් එනිසා ඒක ඔබ අරභයා ලියූවක් කියා හිතන්න එපා. තොප්පිය හරිනම් දාගන්න එපමණයි