Tuesday, 9 September 2008

අපබ්‍රංස.. නැවතත්

අපබ්‍රංස.. මීට අවුරුද්දකට පමණ පෙර ලියූවක්. මේ කවි දෙකට අපබ්‍රංස කියලා නම් කලේ මේක කියවපු ගමන්, මගේ කවි පිලිබඳ බොහොම දැනුමැති යහළුවෙක්... මොනවද මේ ලියන අපබ්‍රංස කියලා ඇහුව නිසාමයි.
ඒකාලෙත් බොහෝ අය බොහෝ නිර්වචන දුන්නා. ගොඩක් කවි කියවන විඳින , ඒ ගැන කතාකරන පිරිසක් බ්ලොග් අඩවි හරහා ඇතිවෙමින් තිබෙන නිසා මේ කව මෙහි පල කොට අදහස් විමසීමට සිත් විය.
පුද්ගලික අත්දැකීම් කවි නොකරන තරමට ජීවිතය ඒකාකාරී වෙලා. එනිසා මගේ කවි තුලින් මා නොකියවන්නේ නම් හොඳයි

එතකොට ආයෙත් මතක් වෙන්නේ, සේකරගේ, "මගෙ කවියෙන් මා නොසොයන් කව"

4 comments:

jayantha said...

හිතවත් බෝදිනි,
ඔබගේ අපබ්‍රංස නම් වූ පැදි පෙළ කියෙව්වෙමි. එක්වරම මගේ සිතට ආවේ බුද්ධදේශනාවේ තිබෙන ශුන්‍යත්වයයි. ඇතිවෙමින් නැතිවෙමින් යන සංස්කාර ගොඩක් ඔබ කාව්‍යමය අරමුණට භාජනය කොට එහි ඇති අර්ථවිරහිත ශුන්‍යත්වය දුක මුසු හැගුමකින් අපට ඉදිරිපත් කරඇති ආකාරය අපූරුය.
යමක ආශ්වාදයට වඩා ඇත්තේ ආදීනවයයි.ඔබ එය මනාව පහදා දෙයි.සියලු සම්මුතීන් සිතේ පවතින සංස්කාර මිසක් ඇත්තට පවතින දේ නොවන බවත් ඒවා කිසිවක් මමය මගේය කියා අල්ලාගැනීමටත් ප්‍රථම අනිතය වී ශුන්‍යවී යන අයුරු එහි මනාව කියාපායි.
ලියන්න. තවතවත් ලියන්න.වචන වල ශබ්දරසයට වඩා එහි ඇති අර්ථරසයම ගන්න. එවිට වඩවඩාත් සාර්ථක වේවි. ඔබට තෙරුවන් සරණයි.
ජයන්ත කොළඹගේ

Boman said...

අප අපේක්ෂෘ කරන සහ වින්දනය කරන දේවල්හි හිස් අනිත්‍ය වූ ස්වභාවය සහ එමගින් හිතේ ඇති කරන්නාවූ අපේක්ෂා භංගත්වය මුසු උදාසීන හැඟීමක් වැනි යමක් තමයි මට නම් කවියෙන් ගම්‍ය උනේ.
ඒ අදහස සිතේ ඇතිව මම කවිය උපරිමයෙන්ම වින්දනය කලා..හරිම අගෙයි.

haresh said...

ඇත්තටම මට නම් අප්‍රභංශම තමයි. මගේ වචන පිළිබඳ දැනුමේ අල්ප බවයි හේතුව. නමුත් මම ‍කීපවරක් කියවලම තේරුම්ගත්තා හරි කියල හිතුන මේ අනිත් අදහස් දැක්කම. මට හිතුනේ මියගිය පෙමක් ගැන... නමුත් ජීවිතය ගැනත් ඒ එක්කම මවන ගැඹුර හරිම ඇත්තක්. මේක මේ අපේ බෝමන්ගෙ කවි තේරුම්ගන්න මුලදි මම දුන්න ගේම වගේම ගේමක් දීල වටහ ගත්තු එකක්. නියමයි..

Bo said...

ජයන්ත, ඔබේ අදහසට ස්තූතියි. ඇත්තටම ඇතිවීම නැතිවීම සහ, ඇතියයි සිතන බොහෝ දෑ වල තිබෙන හිස් බව මේ කවියට පාදක වුනේ.
හැම දෙයෙහි අවසන මරණය ... එයත් යම් තාක් දුරකට වචන අතරේ ඔබ්බවන්ට තැත්කරා.

බෝමන් - ඔබ හරි . බොහෝ දෙයෙහි පවතින අනියත බව පෙන්වන්න උත්සහ කරා. ඒත් කොතරම් සාර්තකද මන්දා, ඔබේ අදහසට ස්තූතියි. කාට හරි මේක තේරුණානේ කියල හිතෙනකොට හිතට ෆිට්..

හරේශ් - පෙමක් ගැන නම් නෙමෙයි, ඒත් පෙමත් ජීවිතේ කොටසක්නේ, එහෙම බැලුවොත් නම් හරි, ඒත් ජීවිතේ අනියත බව සහ මරණාසන්න මොහොතක් ගැන ලිව්වේ. බොහොම ස්තූතියි අදහසට. කියවන විඳින සියල්ලන්ටම ස්තූතියි