Monday, 26 May 2008

the forgotten poem

Every thing's gonna end some day. Nothing will last forever and so is my poetry. No matter how hard we try to surround our selves with creature comforts one day we all have to depart from our loved ones.

The poem Tatyana was written for a friend of mine who's studying in Russia. Although my friend's parents dislike and disagree of his relationship, when it comes to love, religion or ethnicity don't matter at all.

සියලු දේ නිරපේකශව දකින්න උත්සහ කලද , සාපේක්ෂ දැකීම් කියවීම් වලින් ගහණ මිනිස් පුරයේ එලෙස සීතීම පවා කිසිඳු පල ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ.
සදාකාලික නොවන කිසි දෙයක් නොමැති කල්හි තාවකාලික සැනසීම පතා නොයෙක් අකැපා පාපී ක්‍රියාවන් වලට පෙළබෙන්නන් සිටින සමාජයක අද අපි ජීවිත ගෙවන්නේ.
මේ ලියන බ්ලොග් පවා මා මිය ගිය පසු යම් දිනක නවතීවී. එවිට බෝ නම් නාමය සහ මේ ලියූ කවි පද රචනා මිසක ස්ක්‍රීනයක් අභියස හිඳ මේ අකුරු යතුරු පුවරුව මතට ඇඟිලි තුඩු අගින් ලීයනයෙහි යෙදුනු මේ කය ඉතිරි නොවනු ඇත.
ගියා ආත්ම භවෙහි මා කුමන තැනක කුමෙක් වී සිටියේද යන්න මම නොදනිමි. එහෙත් මිනිස් ආත්ම භවයක් ලැබගන්ට පින් කළ හෙයින් මෙසේ ඉපදුනද අපේ කර්ම ඵල ශක්තීන් අනුව ඊළඟ භවයේ අපි කොහේ නම් උත්පත්තියක් ලබයිද?
සියලු දේ ගැන ශූන්‍ය සිතුවිලිම ලියන්නේ ඇයිද කියා යහළුවන් අසයි, එහෙත් සැබෑ යතාර්තය දකිද්දී ඊට වඩා යමක් ලියන්නත් බැහැ වගෙයි.

අමතකව ගිය කවක්..

බොහෝ පදරුත් මෙහි ලියම්
කිසි නොදිසි කරුමෙකි මහත්
අලුත් කවියක පාට සිතුවම්
සෙමින් විත් හදවත හරිත්

ලියූ කවි ඇත මහ ගොඩක්
දකින කිසි ඇස නැහැ වගක්
අමතකව ගිය සිතුම් එකිනෙක
පාරවයි සිත යලි ඇවිත්

නොවක් ගිනි මැද සිට මමත්
ලියා කුමටද කවි තවත්
අමතකව ගිය කවක් අතගෙන
තත්‍ය ලොව වෙත යලි හැරෙම්

බෝ සමරතුංග ©

9 comments:

nidhahasa said...

අදත් ලංකාවෙ බෝම්බයක් පිපිරුනා. අපිත් ජීවත් වෙන්නෙ ශුන්‍යත්වය , අවිනිශ්චිතතාව හිතේ දරාගෙන. හදිසියේ වෙන් වෙලා ගියොත් දැන ඉදලම ආයුබෝවන කියලා එක හොඳයි.

Dili said...

බෝ, ජීවිතේ යථාර්ථය වෙනස් වීම, නැති වීම තමයි. ඒත් එහෙම කියල තමන් කරන දේවල් අර්ථ ශුන්ය වෙන්නෙ නෑ. තමන් කරන හැම දේකම මොකක් හරි බලපෑමක් මොකකට හරි, කාට හරි තියෙනවා. ඒක තමයි අපි ඉතුරු කරල යන්නෙ. ඒක හොද එකක් කරන එක තමයි අපි කරන්න මහන්සි ගන්න ඔනෙ. කවදහරි හැම දේම නැතිවෙනව කියල අපිට හොදක් කරන්න පුලුවන් වෙලාවක හොද නොකර ඉන්න එක හරි නෑ නේද? එහෙම එපා කරගෙන බෑ :) නැගී සිටින්න ඔනෙ. :)

කවි නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. හෑමදාම වගේ අදත් පංකාදුයි .

Bo said...

වරුණ , ඩිලි ස්තූතියි මේ අදහස් දැක්වීමට.ඇත්ත අවිනිෂ්චිත බව සැකය සහ දෙගිඩියාව කරපින්නාගෙන උනත් මිනිස්සු එදිනෙදා වැඩ වලටත් යනවා. නොයා හිටියොත් බඩගින්නට එරෙහිව යුද්ද කරන්න එපැයි.
වරුණ මල්ලී වෙන් වෙලා යන්න කලිං කොහොම හරි හමු වෙමු ආයුබෝවන් කියන්නවත් මූණට මුණ ගැහිලා

ඩිලී,මට දැන් දැන් මේ කරන සියල්ලෙහි හරසුන් බවක් දැනෙනවා, යම් දිනෙක, මේ සියලු දේත් නවතිනවා, එතෙක් අපි මේ කරන්නේ කුමක්ද? මේ මගේ සිතුවිලි කුමටද? වගේ හැඟීම් , ඔයා කියන දේත් හරි තමයි.

amarasara said...

තිබ්බතීය මළ පොත ගැන ඔබ අසා ඇත්ද? ලංකාවෙ සිටිනා කාලය තුල මම එය කියවුයෙමි. ඔබගේ නිසඳැසට පළමු ගද්යඔ පද වැල කියවන විට මට සිතට දැනුනේ තිබ්බතීය මළ පොතෙහි සදහන් දෑය. “මම මරණය කරා යමි. මා දන්නා පරිදි එය නිසැකවම මා අසල ඇත. වරෙක එය මගේ ඇඟිළි තුඩු වලට දැනේ, වරෙක එය මගේ එය ‍මගේ ඇට මිදුළු වලට දැනේ, වරෙක එය මගේ සිත සමග සක්මන් කරයි. වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට එය මා සමග මගේ ගමන යයි.” සේකර නොමියෙමි හා විශේෂයෙන්ම පුබුද්ධ කාව්යුනට ඇසුරු කර ගත්තේ එයයි. සේකරට මරණී රමණී විය. “සුදු පාවඩ මත, දවුල් තම්මැට්ටම් පෙරටු කොට ගෙන, නෑ සියන් මිතුරන් පිරිවරා ගෙන, සිව් දෙනෙකුගෙ කර මත හැමට උඩින් සිටිනා විට මරණය ජයග්ර්හණය කැයි මට සිතේ”. (උපුටා ගැනීම් වල යම් දොසක් ඇතොත් කමන්න, අද මා ළඟ සේකරත්, මළ පොතත් තැත) ඔබේ අදහසුත් මේවාට ඉතා ළඟයි.

“මේ කරන සියල්ලෙහි හරසුන් බවක් දැනෙනවා, යම් දිනෙක, මේ සියලු දේත් නවතිනවා, එතෙක් අපි මේ කරන්නේ කුමක්ද? මේ මගේ සිතුවිලි කුමටද?” බෝ තැබු සටහනට මම යමක් එක් කරන්න කැමතී. මතක තියාගන්න සේකරට මරණී රමණී වූ බව. දෛවයේ සරදමක් දෝ ඔහු ‍මිය යන්නට පලමු දා රාත්රිඅයෙහි කියවා ඇත්තේ තිබ්බතීය මළ පොතයි. නෙමියෙමි හි සියල්ලේ හරය දකින අතර ප්රටබුද්ධ හි ඔහු ‍ඒ සියල්ල ඉක්මවා යයි. “වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට එය මා සමග මගේ ගමන යයි”. මා වරෙක ලියු නිසඳසක් මට මතකයි. එය දළ අදහස මෙයයි. “මා පෘථිවියෙන් පිටත අවකාශයට යයි. මට ඉතා විසිතුරු චමත්කාර දර්ශණයක් දක්නට ලැබේ. සහසක් තරු වැල්, මණ්දාකිණි වලින් සමන්විත ඒ දසුණ මන බදී. මම මා ළඟම සිට ඈත අවකාශයේ තරුවක් ඉපිද දැල්වී නිවී යන අයුරු (මියෙන අයුරු) නැරඹුවෙමි. අස්ථිර, අසාර වූ දෙයකින් ‍සුන්දරත්වයක් සොඳුර බවක් දැකිය හැකිනම් එය තුල කවි කම උපදී”. ඉතින් බො තවරන්න ඔබේ සොදුරු සිතිවිලිළ අදහස් පත් ඉරු මත.

Constantin Demiris said...

This is what Lord Buddha preached about samsara chakra. Some things will never be taken or doesnt make any impact on the next life. I believe it was called 'loukika sapa sampath'?. but for us laymen to continue life we find solace in these loukika sapa sampath. This is why Lord Buddha preached the middle path. So if you feel like theres no point in doing blogs etc, dont feel so. Think of what you WOULD do WITHOUT blogs/poems etc. I mean what else would you do? :-) Just a thought...

Bo said...

අමරසර - ඔබේ අදහස්වලට සහ දිරිගැන්වීමට ස්තූතියි. එයින් ජීවිතය ගැන උගත යුතු බොහෝ දෑ තිබෙන බව හැඟෙනවා. තිබ්බතීය මළ පොත ගැන අසන්නට ලැබුනේ ඔබෙන්, මම ඒ පොත හොයාගෙන කියවන්ට ඕනෑ නුඳුරු දිනකම. මරණයට එරෙහිව සටන් කරන්නට , ජීවිත ජීවත් කරන්නට සටන් කරන්නට පුරුදු වෙන ගමන්, මරණය දිහා රමණීය ලෙස බලන්නත් පුරුදු විය යුතුයැයි හැඟෙනවා, මට නිතරම සිතෙන්නේ, තාවකාලික සැපත සොයා අපි ජීවිත ගෙවන බවක්. ඔබේ එකතුකිරීම හරියට නියං සමයේ වට වැස්සක් වගේ. ඒ තරම් දැනුනා සිතට

kasun said...

මරණය අපට නිසැකයෙන්ම අත්විඳින්නට වන දෙයක්. එහෙත් මැරි මැරි ජීවත්වීම...
අපි හැමදාම දකින්නේ, අහන්නේ ජීවිතය කළකිරවන දේවල්ම තමයි.

ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු විසින්. ඉතිං අවිනිශ්චිතබව හා වේදනාව පළවා හැරිය හැක්කේ බලාපොරොත්තුවෙන් ජීවත්වීමෙන් ම පමණයි.

සිතු said...

බෝ,
හැමදාම වගේ ඔයාගේ අඩවියට ගොඩ වැදුනට ලියපු කිසිම දේකට ප්‍රතිචාරයක් දක්වන්න බැරිවුනා. comment එකක් දාන පලමු වතාව තමා මේ. ඒ ගැන ඇත්තටම මං කණගාටු වෙනවා. ඔයා ලියන ගොඩක් දේවල් හරිම සංවේදි විදියට ලියනවා. ඒවා හරි ලස්සනයි.
ජිවිතේ ශුනයත්වය අපි හැමෝම අත්විදින දෙයක්. ඒත් ඒ වෙනුවෙන් කරන්න දෙයක් අපි කාටවත් හිතා ගන්න පුළුවං ද? ජිවිතේ කරන කියන දේ ගැන මොන යම් හරි කල කිරීමකින් ඉන්න මේ ‌ෙව්ලාවේ ඒකෙන් චුට්ටක් හරි අත් මිදෙන්න උදව්වක් වේවි කියලා හිතනවා.
අපි ජිවිතේ වින්දත් නොවින්දත් අපි විශ්වාස කරනවා කිසියම් කර්ම ශක්තියක් අනුව අපි මනුස්සයෝ වෙලා ඉපදිලා ඉන්නවා. අදහස් ප්‍රකාශ කරන්න පුළුවං හින්දා අපි ඒ ගැන කථ‌ා කරනවා.
අපිට ඕන වේලාවක ජිවිත නතර කරලා දාන්න පුළුවං නං හොදයි කියල හිතෙන අට ඔන තරං ඇති මේ ලෝකේ. ජිවිතේ කිසි අරමුනක් නැ, කිසිම දේක කිසි තේරැමක් නැ කියලා මටත් හිතිච්ච වාර අනන්තයි.ඒත් මේ ලෝකේ ජීවත්වෙන හිගන්නාගේ ඉදලා බලවත් ධනවතා දක්වා කරන කියන හැම දේම කරන්නේ තව දවසක් හරි ජිවත්වෙන්න නේද කියලා හිතෙන කොට මං මොනවද මේ හිතන්නේ කියලා මටම බැනගත්තු වෙලාවල් තියෙනවා. අපි ජිවය ලබපු කර්මය ඒක නතර කරන්නත් බලපානවා.
මනුස්සෙක් විදිහට තව කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවං හොදම තැනක ඔයා ඉන්නේ. තව කෙනෙක් ආමාරුවෙන් විදින්න හදන ජිවිතයකට ජීවයක් දීලා ඔයාට පුළුවං ඔය ශුන්‍යත්වය ගැන අමතක කරන්න. කලකිරෙනවා අනන්ත අප්‍රමාණ වාරයක් ඒක ඇත්ත. ඒත් තමන්ගේ ගමන අන්තිම මොහොත දක්වා ධෛර්යෙන් යන්න බෝ .
හැම දේම වෙන්නේ හොදට. :)

kajana said...

හිතවත් බෝ නන්ගි
බොහෝ විට සාපේක්ෂදැකීමක් ඇත්තේ සියල්ල නොනැසී පවතින බව සිතා කටයුතු කරන අයගේ සිත් තුල බව මාගේ හැගීමයි. අපි අදහන ආගමේ මූලික හරය අනියතය ගැන වටහා ගැනීමයි. ලොව පහල වූ සාශ්තෘ වරුන් මේ අනියතය ගැන ඉගැන්වූවත්, එයින් පල ලැබූවෝ ලෝක වාසීන්ගෙන් සීමිත ම්නිසුන් ප්‍රමා නයක් පමනි. පුහුදුන් ලෝකයේ වෙසෙන එකෙකු හෝ ඔබ කියන යථාර්තය අවභෝධ කරගන්නවානම් හෝ අවභෝධ කරගැනීමට උත්සාහ කරයි නම් එය ඔබගේ උත්සාහයේ ප්‍රථිපලයයි .නොනැවතී ඇත්ත සත්ත ලියන්න. කමල් අයියා