බොරැල්ලේ හරි ටවුන් හෝල් එකේ හරි දේශපාලන රැලියක්නම් එදාට රෝහලට යන්න එපා කියලා අම්මගෙන් ආයාචන බොහෝමයි. බෝම්බ කොයි වෙලාවෙ පිපිරෙනවද දන්නෙ නෑ. ජීවිතේ පුදුමාකාර අවිනිශ්චිත බවකි දැනෙන්නේ. එකිනෙක මරාගෙන ලැබෙන ව්මුක්තියක් නොමැති බව නොදන්නෝ, තවමත් ත්‍රස්තවාදයට උල්පන්දම් දෙති.
එහෙමයි කියලා ගෙවල් වලට වෙලා ඉන්නත් බෑනේ
මින්ස්සු ඔවුන්ගේ සුපූරුදු වැඩපලෙහි යෙදෙති,
කති බොති නටති ,
බෝම්බයක් පුපුරා ගිය විට දුක්වෙති .
තමන්ගේ පිරිවර පිරිස රැකී ඇද්දැයි සොයා බලති,
ඉන්පසු සැනසෙති.
අපි බස් එකකට නැග්ගත් ඉන්නේ වට පිටාව ගැන සෝදිසියෙන්. ටිකක් සැක සහිත පිරිස් ගැවසෙන කොට ඒ බස් එකෙන් බිමට බැහැලා වෙනත් එකක් ගන්න වෙන අවස්තාවලුත් නැත්තේ නෑ. එතකොට ඉතින් අපේ ගෘප් එකේ පිරිමි ළමයින්ගෙන්නම් බොහෝ වීට බැනුම් අහගන්ට සිද්ද වෙනවා. --- රෝහල අතර මංසන්දියේ දවසක් බසයට නගින්න පැමිණි අපට දකින්න ලැබුනේ, අහල පහල බස් සියල්ල පෙන්වමින් ඒ එකිනෙකෙහි ගමනාන්තය විමසන, පිරිසකි. බැලූ බැල්මට දිස්වූයේ ඔවුන් නම් මේ පලාතේ අය නොවන බවයි. ඔවුන් බසයට නැග්ග වේලාවේ ඉඳන් විමසුවේ අහල පහල සිටින අයගෙන් නූගේගොඩ ගිහින් දෙහිවල යන අයුරුයි.
"අනේ අපි වෙන බස් එකක යමු" අපි අතරින් කෙනෙකුට ඉබේම කියැවිනි. යුද්දය විසින් අපට අහිමි කල දේ බොහෝය, හිමි කල දේද බොහෝය. සමහර විටක, මාර්ග තද බදය අතරතුරදී ඊට මීටර කිහිපයක් දුරින් ඇති මංසන්දියේ බෝම්බ පිපිරී ගිය අවස්තා එමටය. නිතරම මතක් කරගන්නේ,
"ජීවිතං අනියතං මරණං නියතං"
අනුන් ගැන කුකුසෙන්
දවසරින සැකයෙන්
බියෙන් මේ නුවරුන්
ගැහේ හදවත් බොහෝ වේගෙන් !
බෝ©
2 comments:
ලංකාවෙ ජීවිත එන්න එන්නම කඩාගෙන වැටෙන අයුරු හරිම ඛේදජනකයි.
යුද්ධය විසින් අහිමි කරවන්නේ මිනිස් ජීවිත පමණක්ම නොවෙයි. ඒ සමඟම එකනෙකා සමඟ වූ මානූෂිය බැඳීම් පවා ගිලිහෙනවා. යුද්ධයෙන් ගිලිහෙන මිනිස් ජීවිත දෙස අපි බලන්නේ ඒක පාර්ශ්විකව. දෙපාර්ශ්වයේම බලලෝභී අවස්ථාවාදී දේශපාලකයින් විසින් අවසානයේදී ලාංකීය සමාජය තුල බිහිකර ඇති යථාර්තය සැබැවින්ම වේදනාකාරීයි.
Post a Comment