Monday, 28 April 2008

හදවත වේගෙන් ගැහෙන්නට විය... Life over there...

ජීවිතයේ එක්තරා දවසක.... හදවත වේගෙන් ගැහෙන්නට විය

ගියා නේක තැන
තාර පාරවල් උඩින්, බොරළු පාරවල් දක්වා
කොළඹ අටේ උනත් මැදවච්චියෙ උනත්
හිටියෙ අපේ උන්, දුක්විඳින්නෙ අපේ උන්
දුවගෙන ආ පොඩි උන් ඉල්ලුවෙ නෑ ටොපි චොකලට්
"පෑනක් තියෙනවනම් පැන්සලක් පොතක් හෙම
අක්කේ දෙනවද අපිට"
ගැහුනා හදවත මහා හයියෙන්
අනේ අපෙ පොඩි උන්....කොහෙත් ඉන්නෙ අපෙ උන්

"ආවෙ කැලේ මැදින් කිලෝ මීටර 4 පහු කරන් , ඔයාල එනවා කිවි නිසා
රෑට අලි එනවා පාරට, ඒත් ආවා අපි.
දන්නවද ඉස්කෝලෙ පළවෙනියා මම හැමදාම
සිකුරාදා සති පොල එහෙත් යනවා අපි
එදාට ඉස්කෝලෙනම් යන්න වෙන්නෙ නෑ"

ජීවිතේ දුශ්කරයි එ'ත් හිනා වෙන්න අමතකත් නෑ

"වගා කරන ඉඩමට ඔප්පු නැහැ
වතුර ටිකක් එක්කාසු කර දෙන්න කෙනෙක් නෑ,
දන්නවද මෙහෙනුත් පත් වෙලා ඉන්නවා ඇමතිවරු වරියන්,
පෙනෙන්න නෑ මේ පැති වල ජන්දෙකට ඇරෙන්න..."

"පළාතටම එක මොන්ටිසෝරියයි,
ඒකෙත් වහලේ ටකරම් ගැලවිලා, අහස පේනවා
පොඩි එවුන් කොහොමද ඉගෙන ගන්නේ "

අපිත් තවම ඉගෙන ගන්න ඈයෝ, හරි හමන් රස්සාවක් නැති නිසා
ඒ කඳුළු , ඒ දුක් ගිනි හිත දරාගෙන,
ආවෙමු යළි නගරය වෙත,
කවදාහරි දවසක, පුළුවන් විදියකට
මීට වඩා යමක් කරන්නයි අපේ හිත් සපත කරගත්තේ...

ලොක්කන්ගෙ දරුවො, එංගලන්තෙ උපාදිලබද්දී හය හතර නොතේරෙන පොඩි එවුන්, කැලෑවල ගිනි අවි අරන් යුධ පුහුණුවේ, ලොක්කන්ගෙ මන දොල සපුරන්න
ජාතියක් වෙනුවෙන් හිලවු වෙන්නෙ, අනුන්ගෙ දරුවන්ගෙ ජීවිත,
ඇයි අනුන්ගෙ ජීවිත , වටින්නේ නැද්ද ? නැවතත් අසමි


ජීවිතේ අසාධාරණයි
තියෙන මිනිහට ඔක්කොම තියෙනව නැති එකාට මොකුත් නෑ
එහෙම කිය කිය, බණ දෙසුවට නිවෙයිද එක කුසකවත් ගින්නක්
එක්වෙමු, හදමු, නැගිටිමු, හැමෝම එකට
අපේ රට අපි ගොඩ නැගිය යුතුයි
අවැසි හිතීම පමණයි

ඒ අතරෙ සමහරු මෙහෙමත් කියනවා
"ඇයි නිකන් කාලය ශ්රමය ඕවට වියදම් කරගන්නේ, ඉන්නකො අපි වගේ ජොලියෙ,
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන, ඉන්නම බැරිද ඔයාලට"
ඔහොම කියන අයත් නැත්තෙම නෑ..
කොහෙද ඔය ඔක්කොම කරන්න වෙලාවක් ! එහෙමත් හිතනවා සමහරු..

බෝ,

බෙදා හදා ගන්න පුළුවන්නම් තියෙන දෙයක් නැති උන් එක්ක, ඒක මොන තරම් පිනක්ද ?

කැමතිනම් බලන්න,

videos and photos > http://sinhalaya.com/nimnaya/index.php/topic,6313.0.html

4 comments:

Namal said...

Machan ubage kavi hara lassanayae,

ඔහේ said...

1.දන්නවද මෙහෙනුත් පත් වෙලා ඉන්නවා ඇමතිවරු වරියන්, පෙනෙන්න නෑ මේ පැති වල ජන්දෙකට ඇරෙන්න - ඡන්දය දුන්නෙ කවුද?

2.අනුන්ගෙ දරුවන්ගෙ ජීවිත,
ඇයි අනුන්ගෙ ජීවිත , වටින්නේ නැද්ද ?

3.තියෙන මිනිහට ඔක්කොම තියෙනව නැති එකාට මොකුත් නෑ - ධනවාදය > අන්ත දුප්පතුන් ගොඩක් සහ අන්ත ධනවතුන් ටිකක් බිහි කරයි.

4."ඇයි නිකන් කාලය ශ්රමය ඕවට වියදම් කරගන්නේ, ඉන්නකො අපි වගේ ජොලියෙ,
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන, ඉන්නම බැරිද ඔයාලට" - දෙන දේ දෙන්නෙ කවුද? කාටවත් බත්බැලයෙකු වී ජීවත් වීම කොතරම් නින්දා සහගත ද?

ඩනිෂ්ක said...

සූ සමඟ කළ කෙටි සාවාදයකට පසු ලබාදුන් සිංහලයා හි පුරුක් කිහිපයක් වෙත ගොස් මෙවැනිම තොරතුරු කියවා දැන ගතිමි.
දරුවන් සමඟ පෙරපාසැලට වතුර බාල්දියක් රැගෙන ඒමේ කතාවද ඉතා දුක් බරයි.

කළිනුත් කිවාද මතක නැ..
අපේ රටට එකක් $170ක් OLPC (One Lap Top PER Child) කුඩා පරිගණක ගෙනෙන්ට සැරසෙන අපේම රටේ දරුවන් මෙලෙස දුක්විදිම ඉතාමත් කණගාටුදායකයි. ඉංදීය රජය මෙම ව්‍යපෘතිය ඉවත දැම්මේ පාසැල් සඳහා යටිතල පහසුකම් සහ ගුරුවරු ලබාදීම ප්‍රමුඛ කොට සළකන බව දක්වමින්. (ඉංදියාවේ පෞද්ගලික සමාගම් මෙය ආරම්භ කළා)

මෙවැනි දැ ප්‍රසිද්ධියේ කතාබහට ලක්වන්නේ නැ.

nidhahasa said...

තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති වල නිරත වන ලංකාවේ බහුතරය අද වෙනකොට මෙවැනි කාරණා වලට සංවේදි වීම මෝඩ කමක් ලෙස සලකනවා. ධනවාධය විසින් මිනිසුන් හුදකලා, ආත්මාර්ථකාමී භාවයේ පතුලටම ඇද දමනවා.