Wednesday, 9 April 2008

වික්ටර් ගයනු ආයෙමත්...Hitha mithuru sulanga


සමබර නැමැති අනවර්ත නාමයෙන් හඳුන්වන හිතවත් සමරගේ කල්පනා සහ සටහන් බ්ලොග් අඩවි මම ඉතා ආසාවෙන් කියවන පිටු දෙකක්, ඒ තුලින් පසු ගිය දිනෙක විකටර් රත්නායක මහතා ගැන ලියැවුනු මෙන්න මේ සටහන දුටු මොහොතේ මට ඒ ගැන යමක් සටහන් කරන්නට හිතුනා, සමරගේ සිතුවිලි වලට යමක් මගේ බ්ලොග් පිටුවෙන් එකතු කිරීම ගැන samara අමනාප නොවේ යැයි මම සිතමි.
මමයි තව කවි ලියන සහෘදයෙකුයි ලියපු මෙන්න මේ "වික්‍ටර් ගයනු ආයෙමත්" කවි ටික මෙහි පළ කරන්න හිතුනත්, කාර්‍යබහුලත්වය නිසා පොඩ්ඩක් පරිගණකයක් ඉදිරියේ ඉඳගෙන වැඩක් කරන්න හැකියාව බොහෝ දුරට අඩු උනා. අපි මේක ලිව්වේ දවසක් වික්ටර් රත්නායකයන් ගැන ඇතිවුනු දෙබසකින් පසු, මන්ද "හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් " යන ගීය මගේ ප්‍රියතම ගීත අතර මුල් තැන ගන්නක් නිසා.
ඉහත ලියැවුනු කවි පන්ති තුනේ කවි එකහමාරක් ලිව්වේ මම ඉතිරිය ලිව්වේ කූඹීයා නම් අනවර්ත නාමයෙන් හඳුන්වන තරංග අයියා.
ඉතාලියේ තිබ්බ, සංගීත රාත්‍රියකට පැමිණි වික්ටර් රත්නායකයන් අතට මේ කවි පන්ති කීපය පත්කරන්න වෙහෙසුනු මදූ නංගීවත් ආදරෙන් මතක් කරමි.

මෙය "හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්" සින්දුවේ තාලයට ලියැවිනි.

හිත මිතුරු සුළඟ බදු අරගෙන ගිරව් රංචුවක්
ඒ හුළඟේ නෑ ආදරයක් තියෙන කටහඩක්
දිගු කළකින් නෑ ඇසුනේ ඔබ ගැයූ ගීතයක්
හද නිදිවරාන බලා හිඳී ගයනු ආයෙමත්

ලියනා ගී කාවුන් කෑ වචන කෝටියක්
උන් ගයනා ගී හඩේ නෑනෙ කිසිම තෙත් බවක්
හිත් ගං ඕවිටි වේලී ඉරි තලා ගොස් ඉතින්
ගී වලාවක් වෙසින් ඇවිදින් ගයනු ආයෙමත්

මුණු මුණුව සමග නළ රැල්ලක වෙලී සීතලෙන්
හිත කිති කවනා ස්වර ගලපා නොහිම් ස්නේහයෙන්
නුඹ ගයනා තුරු යළි ඇවිදින් සොඳුරු ගීතයක්
හද නිදි වරාන බලා හිඳී ගයනු ආයෙමත්.

4 comments:

Dili said...

බෝ ලස්සනයි, ඇත්තයි :)

Constantin Demiris said...

Dili,

Penumenda? kaviyenda?

hehe, just kidding.

Yes, true, it is indeed a beauty.

සමබර said...

වික්ටර් රත්නායකයන් ගැන මා විසින් ලියූ කල්පනාව, ඔබ ලියූ සටහනින් තවත් ඔපමට්ටම් විය.
කවියෙන් අදහස් පැවසීම වනාහී වදනින් පවසන අදහසකට දැමූ රන්දමක් වැනිය.
ඔබ ලියූ සටහනට මගේ කල්පනාවක් එක්කර ගැනීම ගැන ස්තූතියි.

Bo said...

constantin, dili, samara
Thanks for the comments