කැම්පස් එකේ දැන්වීම් පුවරුවේ ඉඳන් බිත්ති කොන් දක්වාත්, වැසිකිලි වල බිත්ති දොරවල් වසාගෙන ලියැවී ඇති සරසවි කුරුටු ගී ගැන මේක කියවන ඔයාලත් ඕනෑ තරම් අසා ඇති. මට මතකයි සැරයක් ඒ කවි පිටපත් කරලා පොතක් පවා පළ කොට තිබුනා
සීගිරි කැටපත් පවුරේ ඉඳන් වත්මන් ඒ බිත්ති කුරුටු ගී දක්වා, ඇත්තේ, අපේ මිනිස්සුන්ගේ, කලාවට, කවියට නතු වූ හිත් වලින් එළි බහින අපූර්ව සංවේදනා නොවෙද
ඉතින් බ්ලොග් කියවන්නන් වෙනුවෙන් එවැනි කවි කිහිපයක් සඳහන් කිරීමට සිතුනා
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එය කිව් එකාගේ කට කෑවත් මදිය
ට්‍රයි කරනා එවුන් ලඟ හය හත අටය
ට්‍රයි නොකරනා මම තවමත් වැට උඩය
කවිය ලියූ කවියා ගැන සඳහනක් නොමැත. ඇත්ත විටෙක, මේස මත්තේ කුරුටු ගෑ කවි දෙපදයකින් මහා ලොකු හැඟීම් සමුදායක් කීවද
ඒ කවි රචකයා කවරෙක්දැයි නොදනිමු
ඔබ ඇපල් මලක් වාගේ සිංදුවේ තාලයට තව තැනක ලියා තිබුනා
ඔබ පැපොල් තිතක් වාගේ
පාසැල් නිවාඩු කාලෙ
මට හදිස්සියෙන් වාගේ
බෝවූ
තව බොහොම ප්‍රසිද්ද කවි පද පෙලක් තමයි
විභාගේ අත ළඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
2 comments:
කුරුටු ගී බලන්න,
http://kurutugee.blogspot.com/
වත්මන් කුරුටු ගී අගෙයි,
ස්‌තූතී බෝ අක්‌කෙ,
දවසම දුවලා මහන්සි වෙලා ඉන්න වෙලාවෙ, මේක දැකලා හිනා මට! :-D
Post a Comment