Tuesday, 22 April 2008

වීදි පුරා විසිරුණූ මල්...

බසයෙන් රාජගිරිය හරිය පසු කරද්දී හැම උදයකම දකින්න ලැබෙනවා හිඟන පවුලක්, අම්මෙක් ලදරුවෙක් සහ අවුරුදු 3 පමණ පිරිමි දරුවෙක්, ආගමික මධ්යස්ථානයක් ඉදිරිපිටමයි ඉන්නේ.
පොඩි දරුවා රෙදි කෑල්ලක් මත දඟලමින් හිටියා, අනිත් දරුවා පොලිතීන් කොල කැබලි ( කොළ නිල් කොඩි වැල් ) , වලින් මොකක්දෝ එයාගෙම සෙල්ලමක් කරගෙන හිටියා, බස් හෝල්ට් එකේ සිමෙන්ති පොළවේ. එයාලව පහු කරගෙන ඇවිත් ගොඩ දෙනෙක් බස් එකට නැංගා.
තවත් දවසක, මැස්සෝ වහන අතරෙම බත් මුලක් දිග ඇරගෙන , වේගෙන් ඇදෙන තිරිංග තද කරන වාහන වලින් ඇවිස්සෙන දූවිලි කන්ද අස්සෙම බස් හෝල්ට් එකේ බිම වාඩි වී සිටි, අම්මයි පුතයි බත් එක කමින් හිටියෙ, පොඩි දරුවා ඇගේ උකුල මත සිටියා, හොටු දියර ගලන නාස් පුඩු අතින් පිස දමමින්,
හැමදාම දකින් මේ දරු පැටවුන් දෙදෙනා, අම්මා, දැක්කම, මොනවද ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් කියලා හිතුවා, එ'ත් මට කළ හැකි යමක් තිබුනේ නෑ,
"මේ ළමයින්ව මේ ජීවිතේට හුරු කරන්න එපා, බලන්න අද ඉස්කෝලෙ දවසක් නේද , ළමයින්ව ඉස්කෝලෙ යැව්වොත් හොඳයි නේද" මිනිස්සු ගැන හරියට නොදන්න කාලෙ මමත් ඔහොම එ'වා කිව්වා.
"අන්නේ මේ මිස් වැඩක් බලාගන්නවද... එයා එනව අපිට උගන්නන්න, " කියා අම්බානෙක බැනුම් ඇසූ අවස්ථාද නැත්තේ නැහැ.
ඔවුන් මහ මගට වැටුනේ ඔවුන්ගේ වරදින්ද?
වරද කාගෙද ? දඩුවම් කල යුත්තේ, මේ දරුවන්ව මහ මගට ඇද දැමූ වැඩිහියන්ටද
නැතහොත්, ඔවුන් මහ මගට ඇද දැමූ රටේ ඉහළ සිටින පාලකයන්ටද කියා නොදන්නෙමි

3 comments:

ඔහේ said...

මෙවන් නොවැදගත් දේ ගැන ඔබගේ අවධානය යොමු නොකර, රටේ සංවර්ධනයට උර දෙන මැතිඇමතීන්ගේ ආරක්ෂාව තර කිරීම, එතුමන් ලාගේ රාජකාරී කටයුතු පහසු කිරීමට සුඛෝපභෝගී වාහන ගෙන්වීම, එතුමන්ලාගේ දූ පුතුන් ගේ අනාගතය දියුණු කිරීමට කටයුතු කිරීම, එතුමන්ලාගේ සනුහරේට රටේ සංවර්ධන ව්‍යාපෘති ආදිය භාර හාර කිරීම තුලින් ධරණීය සංවර්ධනයකට පාර කැපීම, පක්ෂ මාරු කරමින් බලයේ සිටින්නේ ලාභ ප්‍රයෝජන සඳහා නොව හුදෙක් සේවය සඳහා පිණිස බව "කැපුවත් කොල, කැපුවත් නිල්" පරම්පාරා සම්ප්‍රදාය රකින්නන් සහ මේ හැමදේකටම වඩා එතුමන්ලා පාර්ලිමේන්තුවට පත්කිරීමට ඡන්දය දෙන බුද්ධිමත් ඡන්ද දායකයින් ප්‍රමාණය වැඩි කිරීම වැනි කාලෝචිත ප්‍රායෝගික දේ ගැන ඔබගේ අවධානය යොමුකිරීම රටට කරන සේවයකි.

Sam said...

ඔවැනි දේවල් සිදුවන්නේ කාගේවත් වරදින් නෙවෙයී. ඕවා කාටවත් බැනලාවත්, දඩුවම් කරලාවත් නැවැත් විව හැකි දේ නොවෙයී. ඔවෙනි දේ අපි කාටත් ඕනෑම වෙලාවක සිදුවිය හැකීය. එහෙම අකරතැබ්බ සිද්දාවූවිට උදව් පදව් කරන්න පාර්ලෙමෙන්තුවෙන් සබා සම්මත කරයුතු නැත.

වෙනත් රටක ඔහොම දේ වුනොතින් රජය විසින් ලම්යි බාරයට ගෙන, බාර කාර පවුලකට බාර දේ. ඒ උදවියත් ලමයාව ටිකදවසක් බලාකියාගෙන ඉදලා, නැවතත් රජයට බාර දේ. අපේ
රටේ, එහෙම දෙයක් කරන්න හැකියාවක් නැත. කැපවීමකුත් නැත. අපි ලමයිව අනාත කදවුරු වලට දා, අත හෝදාගනී. ආදරය කරුනාව බෞධ්දකම අපි සොබනයට ගහන බයිලාය.

ඩනිෂ්ක said...

Sam ,

නැ අපේ රටෙත් දායාව අනුකම්පාව ඇති අය නැත්තෙම නැ. නමුත් හිගන කමින් දියුණු වන මුදලාලිදා අද නැතිව නොවේ.
මේ කට අපි හැමෝම වගකිව යුතුයි. (අපි ඒ ළමයිට වගකිව යුතුයි කියන දේ නොවේ)
රටේ පවතින ගැටළුවලට අපේ රටේ අපි ඇරෙන්න කව්ද වගකිව යුත්තේ. රජයකට එන්නෙත් අපේ රටේ අයමයි. :)
මම කාටවත් කඩේ යනවා නම් නෙවෙයි.
දැන් අපේ රටටත් OLPC (One Lap top Per Child) ගෙන්න හදන්නේ. මමත් දිනක මෙවැනි වීදි දරුවන් සිටින තැනක් පසුකරද්දි සිහියට නැගුනේ, මොවුන්ට OLPC තියා හරියකට සිංදුවක් වත් ඉගෙනීමට හැකියාවක් තිබේ දැයි කියා. :(

මගේ පෞද්ගලික මතය නම් රාජ්‍ය හෝ රාජ්‍ය නොනව මට්ටමින් මොවුන් පවුල් පිටින් පුනරුත්තාපන කදවුරු වෙතට යොමු කළ යුතු බවයි.