
දවස් 4 නිවාඩුව එන තෙක් ඇඟීලි ගනිමින් හිටියාට ඔන්න දැන් ඒකත් අවසන්.. සාරවත් යමක් ලියන්න දොඩන්න එපා වෙන තරමටම හිත වෙනස් වේගෙන යනවා, ඒක neuro final exam එක නිසා උනා කියලයි මට හිතුනේ . ඒත් තාමත් හිතාගන්න බැරි තරම් සිතුවීලි නන්නත්තාර වෙලා..
oncology පටන් ගත් නිසාවෙන් දැන් ආයෙත් එක දිගට වැඩ. හිත පුදුම සහගත විදිහට මාව ලිවීමෙන් ඈත් කරලා දාලා කියලා මටත් තේරුණා.

චිත්‍ර , ඒකෙන්නම් ඈත් වෙලා දැන් බොහෝම කල්, ඉස්සර පාසැල් යන කාලෙ අතට pocket money හොයා ගන්න සුභ පැතුම් පත් ඇඳලා විකුණුවා. පස්සෙ ගෙවල් ලඟ ඇන්ටීකෙනෙක් නිසා කලා භවනට සම්බන්ද වෙන්න ලැබුනා. නමුත් අවුරුදු 6 පමණ කාලයක් මේ ඉගෙනීමයි වැඩයි නිසා එයින් ඈත් වෙන්න සිදුවුනා. ඒත් මේ ළඟදී, හිත මිතුරු සහෘදයෙක් නිසා ආයෙත් පැන්සලක් පින්සලක් අතින් අල්ලන්න හිතුනා. කාර්‍ය බහුල ජීවිතයක් ගෙව්වත් චිත්‍ර කලාවෙන් ඈත් වෙන්න එපා කියලා මට ගුරු හරුකම් දී ඒ පැත්ත ආයෙත් මතක් කලාට බොහොම පින් කියන ගමන්ම, ඒ දවස්වල, ඇඳපු A 4 size පින්තූර කීපයක් මෙතැනට දමන්න හිතුනා.
කඳු දොර ඉම සිඹින
සුළං කෝඩය මන්ද
අනුහස් දෑත් තුඩගින්
කෙළි කවටකම් මටම
සුමට හිත් තලන
කරවටක් රැඳි දුක් ගොන්න
එක පින්සල් පහරකින්
දියසායම් පොදකින්
බැරිය සඟවන්න
බෝ
“Art is never finished, only abandoned.” Leanardo Da Vinci

3 comments:
You are multi talented. :) I thought you were only into writing. But it seems you can use both the pain brush and the camera too. Interesting.
Good to see a artistic mind and thanks for sharing.
නියමයි... :-)
බෝ,
ලියන්න නම් කම්මැලි වෙන්න එපා. අපි ආසාවෙන් බලන්නෙ. ඔබේ හැකියාවන් ගැන බොහොම සතුටුයි.
Post a Comment