Saturday, 1 March 2008

Never Explain your self to any one

I had a friend whom I could tell anything and everything without being judged or criticized. I could talk about life situations with him and he always had a solution for every hard situation I went through. He was a friend, a brother and a guardian to me. He was the one whom I could always count on when everything would fall apart. He understood me for who I am........ but, yesterday he died!

මා මේ සටහන ලියන්නේ අහිමි වුනු මිතුදම ගැන නොවේ. අප අතර පවතින තාවකාලික සම්බන්දතාවන් සදාකාලිකයි කියා සිතා සිටි රාමුවෙන් එලියට ඇවිත් වට පිටාව බලද්දී ඇත්තටම අපි කොයිතරම් හුදෙකලාද කියලා දැනෙන්න ගන්නකොට අපි අප ගැන නොයෙක් අයුරින් විශ්ලේෂණයන් කර ගන්නවා.

Never Explain your self to any one, because the person who likes you doesn't need it, and the person who dislike you wouldn't believe it.

මේ මට විද්‍යුත් ලිපියකින් ලැබුනු සටහනක තිබුනු වැකියක්. මේ කියන්නේ කොයි තරම් ඇත්තක්ද කියා මට සිතෙන්නේ, අනන්ත අප්‍රමාණ වාරයක්, අනුන්ගේ කෙණෙහිලිකම් වලින් දුක් වෙන මමත් මගේ හිතමිතුරන් පිරිසත් සිහිවෙනකොට
ලොකු සුදු කඩදාසියක කළු තිතක් වැටුනම කාටත් පෙනෙන්නේ අර වට පිටාවේ තිබෙන සුද නොව කළු තිතයි, ඒවගේ තමයි පෘතඃජන සිත් වලට නිරන්තරයෙන් පෙනෙන්නේ අනුන්ගේ දොස්මයි. වැරැද්දක් දැක්කම ඒක පෙන්වලා දෙන එක හොඳයි.
හැබැයි ද්වේශසහගත විවේචනයකට වඩා, හිතවත් මග පෙන්වීමක් ඔස්සේ තමයි ඒ වැරැද්ද නිවැරදි කල යුත්තේ. මොකද එතකොට කාගෙවත් හිත් නරක් වෙන්නෙත් නෑ, තමන්ව අනෙක් අයට අප්‍රිය වෙන්නෙත් නෑනේ. ඉස්සර මම යමක් කියන්න කලින් දෙසැරයක් හිතුවේ නෑ. ඔන්නොහේ කියලා දැම්මා. කැම්පස් එකේ, දේශපාලනික සංග්‍රාම වලදී මගේ අවංක සිතුවිලි දොඩන්න ගිහින් අහිමි උන හිතවත්කම් යාළුකම්ද බොහොමයි.
ඊලඟට මගේ කවි ලියන යාළුවෝ ටික, ඔන්න ඉතින් කවියක් ලියලා පෙන්වලා මගෙන් හොඳ නරක අහනකොට ඒ කවියේ දොසක් පෙන්නුවොත් එහෙම එයාලා තරහා වෙනවා. ඉතින් මං මක් කරන්නද? ඒනිසා කාලෙක ඉඳන් මිනිස්සූන්ගේ හොඳම දකින්න මම පුරුදු වෙමින් ඉන්නවා, ඒක මගේ හිතටත් හොඳයි. ඔළුව නිරවුල්ව තියාගෙන ලියන දෙයක් ලියන්නත් පුළුවන් එතකොට. කට්ටිය තරහ වෙන්නෙත් නෑ.
කොයි තරම් මාව හරියට තේරුම් නොගන්න යාළුවන් නිසා දුක් වෙලා තියෙනවද මම. එයාලට හැම දේම තේරුම් කරන්න හදන කොට ඒවා නෑසු කන්ව සිටින'යුරු දැක්කම හිතෙන්නේ, මේ සම්බන්දකම් කෙතරම් සීමා සහිතද කියලා. කවදාවත් අපව තේරුම් නොගන්නා අයට කිසි දෙයක් තේරුම් කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ කියලා දැන් දැන් මට තේරුම් යමින් තිබෙනවා.
Most of our relationships are so.... superficial ෴

2 comments:

nidhahasa said...

ඉතින් බෝ,
වෙලාවකට ඔබ කලකිරිලද කියලත් හිතෙනව. (?) කලකිරීම් අපි කාටත් ඉතින් ඇතිවෙනවනෙ. ඔබේ බ්ලොග් අඩවිය කොහොමටත් ආසාවෙන් කියවනව. ඒ කියවගෙන අතරෙදි තමයි හිතුනෙ වෙලාවකට ඔබ වෙහෙසට පත්වෙලාවත්ද කියල. සමහර වෙලාවට ඔබ ලියන සටහන් වලින් එහෙම ඉඟි පල වෙනව වගෙයි. :)
අගය කිරීම හොඳ දෙයක් තමයි. නමුත් විවේචනය කල යුතු තැනදි කට පියාගෙන හිටියොත් අන්තිමේදි වැඩේ වරදිනව කියලයි මට හිතෙන්නෙ.
අගය කරන්න හුරු වෙන එක හොඳයි. නමුත් හිත රිදෙන්න හරි ඇත්ත කියල දානවනම් තමා හොඳ. :)

Bo said...

ඔව් , ජීවිතේ ඇතැම් විදීම් හමුවේ හිත කලකිරෙනවා, හිත රිදෙන්න කියන ඇත්ත්ට වඩා ඒක නොකියා කට පියාගෙන ඉන්න එක හොඳයි කියා හිතුනේ අහිමි වෙන මිතුදම් සහ හිතවත්කම් දැක්කම, සමහර පුද්ගලයන් හුදෙක් "මම උසස්" කියා සිතාසිටින නිසාම ඔවුනට හොඳක් නරකක් පෙන්වන්න බැහැ.එහෙම අයට විවේචන දෙන්න ගිහින් නිකම් අපේ ඇඟේ ලේ පුච්චගන්නෙ මොකටද කියලා අන්තිමට හිතෙනවා.ජීවිතේ වෙහෙසට පත්වෙච්චි අවස්තා බොහෝමයි,ඒ වැරදි තීරණ ගැනීම් නිසා කියලා දැන් හිතෙන්නේ