Wednesday, 12 March 2008

ඉඳගෙන මැරතන් දුවමුද ? Lets Warm up...


ඉඳගෙන මැරතන් දුවමු කිව්වම ඔබට එය ප්‍රෙහේලිකාවක් වනු ඇත. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් සටහන් ලියන්නන් එකතුවී හා හා පුරා කරන්නට යන අපූරු වැඩක් ගැන

මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්. ලංකාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් සිංහල භාෂා බ්ලොග්කරුවන්ගේ සමූහය මෙය සංවිධානය කරනවා.

http://www.sinhalabloggers.com/blog-marathon/

මේකට ඕනම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්, තියෙන්න ඕනා එකම සුදුසුකම සිංහලෙන් බ්ලොග් ලිවීමට ඇතී හැකියාව පමණයි. මං හිතන්නේ ලංකා පොළව උඩ පය ගහල සිටින අපි හැමෝටම සිංහල බස අපේ මව් බස හොඳින් ලියන්ට කියන්ට දොඩන්ට හැකියාව තියෙනවා. එනිසා කරන්න තියෙන්නේ යුනිකෝඩ් අකුරු මගින් ලියන විජ්ජාව හුරු කරගැනීමයි. ඒකට අවශ්‍යය උපදෙස් සියල්ල මෙන්න මේ පිටුවේ තිබෙනවා.
http://www.sinhalabloggers.com/

ඉතින් කට්ටිය දැන් පුලුවන් පුලුවන් විදිහට ලෑස්ති වෙන්න, ඕනෑම ගැටලුවක්, බ්ලොග් කරුවන්ගේ සංසදය වෙත යොමුකරන්න. අපිත් එහෙනම් මැරතන් දුවමු නේද ? (කොම්පියුටර් ඉස්සරහ ඉඳගෙන :D)

5 comments:

samanalee said...

විනාඩි 15 න් 15 ට???
අම්මෝ ... හ්ම් බලමු .. පුලුවන් වුනොත් හොඳයි ඉතින්..
එදාට වෙන වැඩ එහෙම නොතිබුනොත් :D

Anandawardhana said...

@ samanalee
වෙන වැඩ පොඩ්ඩක් එහාට මෙහාට කරලා එන්න.

පැය 24 ඉන්න බැරි වුනත් හැකි වේලාවක් අප සමග දුවන්න :D

Bo said...

කොහොම හරි එන්න බලන්න, මමත් වැඩ එදාට ඒත් එනවා ටික වෙලාවකට හරි

komadu said...

Good work, mamath liyanna uthsaaha karannam, thanx for the help with unicode , bo digatama liyanna

Bo said...

කොමඩු, ලියන එක ගැන මගේ හද පිරි සතුට. කාලෙකට කලින් හිතට දැනුනු අර නන්නත්තාර ජීවිතයේ, රැඩිකල් සිතුවිලි ආයෙත් අපිට කියවන්න ලැබෙයි කියලා හිතෙනවා ඔයාගෙ බ්ලොග් එක තුලින්වත්, ඒවාට මං ඒ තරම් කැමතියි...