Wednesday, 19 March 2008

මල් විකුණනවා අපෙ අක්කා


කලකට පෙර ලියවුන කවක් මේක ලියවුනේ නම් රුවන්මැලි මහා සෑයට යද්දි, අර මල් කඩවල සිටින අක්කලා නංගිලා සිහිවෙලා, එතන හිටි එක අක්කා කෙනෙක් කී කතාවක් ඔස්සේ. ඇය ඒ වෙද්දිත් විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබා තිබුනා, නමුත් ආර්තික අපහසුතා නිසා ඇය මෙලෙස බුදු පුදට යන බැතිමතුන්ට මල් විකුණනවා...
තවමත් දෙමාපියන්ගේ සරණින් කාටත් අත නොපා, ඉගෙනීමේ වැඩ කරගන්ට අපට හැකියාවක් තියෙන නිසා හොඳා නැත්නම් ජීවිතේ මොනතරම් දුෂ්කර වනු ඇද්ද ?

කවිය ගැන කියද්දී තවත් යහළුවෙක්ව මතක් වෙනවා. මේ කව ලියැවුනේ, අපට තිබ්බ පුහුණු චැඩසටහනක් අතරතුර ලද නිමේෂයේ. නිතර කවී ලියන ඒකත් කතා ලියන එකත් ගැන "ඔච්චරටම jobless ද ? " කියමින් නොයෙක් ඇනුම් පද කියන යහාළුවන් රොත්තක "ලියන දේවල් නවත්තන්න එපා" කියමින් මට දිරි දෙන සමහර යහළුවන් ගැන සඳහනක් කල යුතුමය.

4 comments:

Malinthe Samarakoon said...

අක්කි ලියන හැම දෙයක්ම නොවරදවාම කියවනවා. ඒත් අදහස් ලියන්න වෙලාවක් ලැබෙන්නෙ නැහැ. :)

Dili said...

ජීවන ගමන සඳහා job එකක් අවශය බව ඳන්න නමුදු,මේ වගේ අගනා කවි ලිවීමට jobless විය යූතු නම් jobless ම වේවා

Anandawardhana said...

අපි එකක් නෑර කියවනව :-) නිශ්ශබ්ද ව සද්ද සිතිවිලි අහනව...

Bo said...

සද්දයක් නැතිව කියවන එකට ස්තූතියි, ඒත් ප්‍රතීචාර ලැබෙනකොට ලියන්න එක පැත්තකින් පොඩි ශක්තියක් වගේ තමයි. ස්තූතියි, ආනන්ද, ඩිලී, මලින්ත