Wednesday, 5 March 2008

සද්ද සිතුවිලි...

සද්ද සිතුවිලි, බ්ලොග් එක ගැන කතා බස් කරමින් ඉන්නකොට අපේ සූ අක්කත් එක්ක, මාතෘකාවකට හොඳ නමක් හිත හිතා හිටියේ, බ්ලොග් එකේ කවි විතරක්ම නොලියවෙන නිසා, ටිකක් විතර සංශෝදනය කලොත් හොඳයි කියලා හිතුනා, එනිසාම ඒ ගැන හිතනකොට එකපාරටම හිතට ආපු නම "සද්ද සිතුවිලි". අපි මේ වෙබ් පිටු මත ලියන්නේ අපේ සිතුවිලිනේ, ඒ සිතුවිලි හරි සද්දයි, ඇයි අපි ඒවා ලියනවනේ, ඉතිං බොහොමයක් දෙනා ඒවා කියවලා ඒවා ගැන කතාබස් කරනවනේ එනිසයී, මට හිතුනේ සද්ද සිතුවිලි කියලා ලියන්න.

අපි කොයි තරම් මානුශීය ලෙස හිතුවත්,බොහෝ දෙනෙක්, එහෙම නොහිතන බව දැනෙද්දි ඇතිවෙන්නෙ හදෙහි කම්පනයක්. කාගෙ හෝ දුකකදී එක්ව කඳුළු සලන්නත්, සතුටකදී ඒක්ව සතුටු වෙන්නත් අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය උනේ නැහැ. ඒක සාමන්‍ය මිනිස් ගතියක්, නමුත් අප අතර ඉන්න සමහරුන්, ජාතිය ජ්න්මය සොය සොයා දුක්වෙන හැටි දකිද්දීනම් දැනෙන්නේ දැඩි පිළිකුලක්.

පසු ගිය ටිකේම ඇහුනෙ, හිත කම්පා කරවන සිදුවීම්, මැරුනේ කුමන ජාතියකට අයත් දරුවෙක්ද, මිනිසෙක්ද කියන එක මානව හිතවාදී මනුෂ්ය හිත් ඇත්තෙකුට කොහෙත්ම වැදගත් නොවෙනු ඇත . වෛද්ය ශේස්ත්රයක ඉගෙන ගන්නා කෙනෙකු විශේශයෙන්ම ජාති බේද ආගම් බේද නොසලකා හැම දෙසම එකම සම කරුණාවෙන්, සමාන දයාවෙන් බැලිය යුතුයි, මිය ගිය පිරිස දෙමළද සිංහලද, මුස්ලිම්ද කිය කියා බෙදා වෙන් කරගෙන ශෝක වෙන පිරිස් නම් මට පේන්න බැරිය. එහෙව් උන් දුටුවාම ඇතිවුනේ අනුකම්පාවක්, තව තවත් සසර මග දික් කරගන්නවා නොවෙද උන් කියලා.

බ්ලොග් එකේ පල කල යුතු කවියක් ගැන හිත හිතා ඉන්නකොටයි පෙර කලෙක ලියූ මෙන්න මේ කවිය ගැන මතකෙට ආවේ. ඇතැම් වටිනා කියන දේ නුසුදුස්සන් අතට පත් උනහම ඒවා යොදාගන්නේ සමාජයට හානියක් කිරීමට. කිසි වැඩකට නැති දෙයක් හෝ විනාෂකාරී යමක් කිරීමට. ඒකයි, ඒ කාලේ ඉඳන් අපේ කට වහරේ කියමනක් තියෙන්නේ "අස්පයින්ට අං දුන්නා වගේ" "සර්පයින්ට පිහාටු ඇවිත් " ඔන්න ඔය වගේ. මට සමාජය දිහා බලද්දිත් මේ අන්තර්ජාලය තුලත් දකින්න ලැබුනේ නුසුදුසු අය අතට පත්වූ ඇතැම් දේ තුලින් වෙන විනාශයයි. එක උදාහරණයක් ගත්තොත්, (මේක මම පාසැල් විවාද වලදී පවා තර්ක බිඳින්න උපයෝගී කරගත්තා) වෛද්‍ය වරයෙක් පිහියක් භාවිතා කරන්නේ, සැත්කම් කරමින් ජීවිත බේරගන්න. නමුත් මිනී මරුවෙක් පිහියෙන් මිනී මරනවා , ජීවිත නැති කරනාවා. වැරද්ද ඇත්තේ කොතැනදා කියලා අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැහැනේ. තවත් උදාහරණයක් අන්තර්ජාලය තුලින්ම ගන්නම්කෝ, බොහෝ තාක්ෂණික දැනුමෙන් අග තැන්පත් වුන එනමුත් ඇතැම් නරක ගති ගුණ තිබෙන්නෝ ඒ කියන්නේ නිසි ගුණ දර්ම (ethics) නොදන්නෝ මොකද කරන්නේ, තමන්ගේ තරමට වඩා ඉහළ නගින අය, කොහොම හරි කපලා ඉවත් කරන්නයි බලන්නේ, එක්කෝ වෙබ් පිටු "හැක් කර" විනාශ කරනවා.එහෙම නැත්නම් අසැබි නොහොබිනා දේ කරනවා. ඒත් මේ හෑම දෙයින්ම පහත් වෙන්නේ තමාමයි කියන දේ ඔවුනට තේරෙන්නේ නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා෴

2 comments:

nidhahasa said...

බෝ,
අලුතෙන් දමපු නමට මං නං කැමති නෑ. පරණ තිබුන විදිහ හොඳයි කියල හිතෙනවා. ූ)

Dasun Sameera - දසුන් සමීර said...

ethics ගැන කියපු කතාවට නම් සමුපූර්ණයෙන් ම එකඟයි. තමන්ගේ අයිතිවාසිකම් ගැන කාථාකරනෙ බොහෝදෙනෙක් මේ ගැනකිසිදු සැලකිල්ලක් දකවන්නේ නෑ. ඒ ගැන මමත් කළකිරීමෙන් ඉන්නේ. ඒ අය හිතන‍නේ අනිත් අයගේ වැරදි පෙන්වා දීම තුලින් තමනගේ තත්වය උසස් වනවා කියා. අනිත් කාරනය නැගපු ඉනිමගට පයින් ගහන එකත් හරිම නින්දිත ක්‍රියාවක්.