Sunday, 24 February 2008

Taare Zameen Par බලමින් හොඳටෝම ඇඩුවෙමු

Stars on Earth
"putting the weight of your ambitions on your child is worse than child labor, what if he cant carry the weight ? when will they understand that every child has his own capacity to lift weight and that he learns eventually.Every child has his own pace"
සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන්නට කාලයක් නොලැබෙන අපට සිනමාව ගැන ඇත්තේ අල්ප දැනුමක්. එනමුත් මේ චිත්‍රපටයනම් ඔබ බැලිය යුතුමයි කියා මට කිව්වෙ අමා. චිත්‍රපටය අවසානයේදී අපටත් නොදැනීම අප නෙත් කඳුලෙන් පිරී ගියා. ඒ සතුටු කඳුළුය.

සුප්‍රසිද්ධ ඉන්දියානු සිනමා නළු , නිෂ්පාදක, අමීර් ඛාන් විසින් අධයක්ෂනය කර ඇති මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අවුරුදු නමයක් වයසැති දර්ෂීල් සෆාරි ය.
කතන්දරය ගොඩ නැගෙන්නේ ඉෂාන් අවස්ති නම් අට අවුරුදු වියැති කුඩා දරුවා මූලික කොටගෙනය. ඔහු ඩිස්ලෙක්සියා නමින් හැඳින්වෙන ස්නායු ආබාධ තත්වයකින් පෙලෙන්නෙකි.
මෙය අක්ෂර හඳුනාගැනීමට සහ ලිවීමට කියවීමට බාදාගෙන දෙන දෘෂ්ඨිය , මතකය සහ ග්‍රහණය කරගැනීම වැනි සන්වේදනයන්හි ඇතිවන දුර්වලතාවයකි.
"අකුරු නටනවා" කියා දරුවා කීවද එය තේරුම් ගැනීමට තරම් ගුරුවරුන්ට හැකි නොවේ, ලියන අකුරු නොපිටට ලියුවත් එයට හේතුව සොයා බලන්නට ගුරුවරුන් හෝ දෙමාපිය වැඩිහිටියන් උත්සුක වන්නේ නැත ඒ වෙනුවට ඔවුන් ඔහු කම්මැලිය, මුරණ්ඩුය , උදාසීනය කියමින් දරුවාට තරවටු කරයි,දඩුවම් කරයි.
අවටින් ඇතිවන පීඩනය හමුවේ දරුවා කරන්නේ තව තවත් මුරණ්ඩු වීමය. පාසැලේ හැමදෙයින්ම දක්ෂතාවය පෙන්වන තම සොහොයුරා සමග ඔහුව සසඳන අවස්තාද ඇතිවේ. එකම ශ්‍රේණිය කීප වරක් අසමත් වීම නිසා ඔහුව පාසැලෙන්ද අස්කරයි. අන්තිමේදී ඔහුගේ පියා , ඔහු ඉතා "මුරණ්ඩු උදාසීන" දරුවෙකැයි සිතා ඔහුව නේවාසික පාසැලක නතර කරයි.
රාම් ශන්කර් නිකුම්බ් නම් අපූර්ව ගුරුවරයාට මේ දරුවා මුණගැහෙන්නේ එහිදීය.
ළමා මනස තේරුම් ගැනීමට එයට සරිලන ලෙස ඉගැන්වීමේ යෙදීමට ගුරුවරයෙක් සමත් විය යුතුය. ළමා මනසට සරිලන ලෙස ඉගැන්වීම් රටා ගොඩනගන නිකුම්බ් නමැති මේ ගුරුවරයා, සියල්ල එපාවී, මානසිකව ඇද වැටී සිටි මේ දරුවාගේ තත්වය මැනවින් වටහා ගනී. එතැන් පටන් ඔහු ආශ්චර්‍යයක් මවා පායි...
ඩිස්ලෙක්සියා නම් තත්වය ලොව අද හදුන්වන්නේ ආශිර්වාදයක් ලෙසය
ලොව සුවිසුරු විද්වත් ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්,ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් ඇතුලු බොහෝ දෙනෙක්ද
ඕර්ලැන්ඩෝ බ්ලූම්, කීරා නයිට්ලී, කියානු රීව්ස්, අභිෂේක් බච්චන්, රොබින් විලියම්ස් නමැති සුප්‍රසිද්ධ නළු නිළියන්ද ලියනාඩෝ ඩා වින්චි , පබ්ලෝ පිකාසෝ ඇතුලු බොහෝ සිත්තරුන්ද සංගීතඥයන්ද ඒ අතර වේ
මේ එම නාම ලේඛණයයි "dyslexia the gift"
මා සියල්ල මෙහි සටහන් කරන්නේ නැත . මන්ද එය මෙතෙක් චිත්‍රපටය නොබැලූ අයට කරන අසාධාණයක් වන හෙයිනි.
හැම දෙයින්ම පළමු තැන ගන්නට, විශිෂ්ඨතමයා වන්නට දරුවන් නොනවතින තරඟයකට ඇද දමන දෙමාපියන් මා කොතෙකුත් දැක ඇත. එමෙන්ම, පාසැලේදී අදක්ෂ වන දරුවන් පන්ති කාමරය තුල කොන් වෙනු මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි. පොඩි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නේ වැඩිහිටියන්මය.
චිත්‍රපටයේ එන දෙබසකින් මා මේ සටහන අවසන් කරමි
(Ishan's teacher Nikumb to Ishan's parents : this is a translation of the hindi dialogs)
"there is a cold war out there , every one wants to grow toppers and rankers in their homes
every one wants number 1
Doctor engineer management, less than that is unacceptable
95.5% 95.6% , 95.7% less than that is uncountable
Isnt it ?
think about this,
every child has his own quality own expertise own desire
but no , every one is busy stretching the finger to make it long
keep doing that ! no matter u break the very own finger"

Official web site - Taare Zameen par .. Every child is special

From Wikipedia
"Ishaan Awasthi, an eight-year old dyslexic child has difficulties in reading, and spelling. His world is filled with wonders that no one else seems to appreciate; colours, fish, dogs and kites are just not important in the world of adults, who are much more interested in things like homework, marks and neatness. And Ishaan just cannot seem to get anything right in class. For this, he gets punished time and again.

In contrast to this, Ishaan's elder brother, Yohaan is always at the top, be it in sports or studies. However, Yohaan is supportive of his brother.
When Ishaan's academic report sinks to a level too low for his parents (specifically his father) to bear, he is packed off to a boarding school to be 'disciplined'. Things start turning out no different at his new school though, and Ishaan has to contend with the added trauma of separation from his family.

One day a new temporary art teacher Ram Shankar Nikumbh(Aamir Khan) joins Ishan's boarding school. Nikumbh, with his characteristic teaching style that is markedly different that his strict predecessor, soon becomes popular among the students. Nikumbh soon notices that Ishaan is unhappy, and a non-contributor to activities in the class despite the atmosphere in the class that actively seeks contribution from the students.

He sets out to discover why......
read the rest from Taare zameen par - සෑම වැඩිහිටියෙක්ම, ගුරුවරයෙක්ම නැරඹිය යුතුමය

4 comments:

Supun Sudaraka said...

ඔව්, තාරේ සමීන් පර් ඇත්තමට විශ්ෂට ගනයේ ඉන්දියානු සිනමා නිර්මාණයක්. වර්තමානයේ හින්දි සිනමාවේ සිදුවූ විප්ලවය නිසාම එදා ආදර අන්දර වලටපමණක් සීමාවී තිබු ආදර අන්දර, මෙදා සීමා බිඳ හෙළමින් අති ආකර්ශනීය ගුණාත්මක බවකින් යුතු නිර්මාණ බිහිවෙනවා. නමුත් ලංකාව තුළ එවැනි නිර්මාණ බොහොම අල්පයි. වේලාව අඩු නිසා චිත්‍රපිටිය බලන්නනම් බැරිවුනා නමුත් ප්‍රචාරාත්මක වැඩසටහන් තුලින් දුටු ආකාරයට නම්, චිත්‍රපටිය උසස් තලයක තිබෙනා බව හැඟුනා.චිත්‍රපටිය පිළිබඳව තවත් දැනුවත් වීමක් ඔබගේ බ්ලොග් අඩවියෙන්ද ලබා ගැනීමට හැකියාව ලැබුනා. බොහොම ස්තූතියි. තව ලියන්න. :)

samanalee said...

වෙලාවක්‌ ලැබුන ගමන් බලන්න ඕනෙ මේක නම්! සිනමාව කියන්නෙ ඇත්තටම මිනිස්‌සුන්ගෙ හදවත් පහසුවෙන් දැපනය කළ හැකි බලවත් මාධ්‍යයක්‌. ඒත් ඒ තුලින් මේ වගේ වැදගත් මාතෘකා ගැන කතා කෙරෙනවා හොඳටෝම මදි... අතරින් පතර හෝ මේ වගේ විශිශ්ට නිර්මාන රිදී තිරයෙන් දැක ගන්නට ලැබීම සතුටක්‌!
ස්‌තූතී බෝ අක්‌කෙ, මේ ගැන අපිව දැනුවත් කළාට!

lakwarus said...

බෝ නංගි, ඔබට බොහොම ස්තූතියි. ඔබගේ ලිපිය කියවා මම Taare Zameen Par සොයාගෙන බැලුවෙමි. ඇඩුවෙමි. බොහෝ දෑ කල්පනා කළෙමි. ඇත්තෙන්ම මෙවැනි සිදුවීම් ද ලංකාවේද බහුලයි. අපගේ ගුරුවරුන්, දෙමාපියන් මෙවැනි flims බැලිය යුතුයි. අපගේ TV නාලිකා විකාශය කල යුත්තේ මෙවැනි films ය. ඇත්තෙන්ම මම දන්න දන්න අයට මෙය නැරඹීමට කීවෙමි. අප දැනුවත් විය යුතුයි. ළමුන් යනු මිහිපිට ඇති අති සුන්දරම වස්තුවයි. ළමා කාලය යනු සුන්දරම කාලයයි. (මම තාම මනසින් ළමා කාලයේ සිටිමි)

Udara said...

තාරේ සමීන් පර් චිත‍්‍රපටයේ ඇති විශිෂ්ඨත්වය නිසාම මම එහි ඩීවීඩී පිටපතක්ද මිලදීගෙන ඇත. කුඩා දරුවාගේ අති සාර්ථක රංගනය චිත‍්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපෑ ඇති බව පෙනෙන පැහැදිලි කරුණකි... මාගේ මතකය නිවැරදි නම් 2007 වසරේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ නැගී එන නළුවාට සම්මානය හිමි වුනේ මෙම දර්ශීල් නම් කුඩා දරුවාටයි... මෙහි එන ''මා'' ගීතය වාදනය වන විට වරක් දෙවරක් මගේ දෙනෙතට කඳුලු ඉනුවා මට මතකයි..