Tuesday, 26 February 2008

මට බෙහෙත් දෙන්න...student life and when it comes to real stuff !

හුදෙකලා වන්නට ඉඩ නොදී නිරතුරුව අප අසල රැඳී සිටින හිතවතුන් ලබැඳියන් නොමැති කල අපට මහා පාළුවක් තනිකමක් දැනෙන්නේ නිතැතින්මය. ප්‍රිය විප්‍රයෝග දුක්කෝ , අප්‍රිය සම්පයෝග දුක්කෝ කියා බුදු දහමෙත් සඳහන් වේ.
ආදරය කරුණාව මෛත්‍රීය යන මේ සියල්ල කැටිවුනු දයාබරත්වයෙන් ගෙවන නිමේෂය වුවත් මොන තරම් සහනයක් හිතට ගෙන දෙන්නේද ?
"Isn't it so nice to have people whom you can count on when ever you are having a hard time ?
to have loved ones who always care about us no matter, what kind clothes we wear, how rich we are or where we live !"
ඔන්න ඔය වගේ නොයෙක් සිතුවිලි අතරේ සැරිසරමින් මමත් මගේ හොඳම මිතුරියත් ඒ ගැන දොඩමළු වුනා. ඒ අතර මගේ මිතුරියගේ දුරකතනයට ඈ දන්නා හඳුනන කෙනෙක් කතා කලා, නමුත් ඒ කතා බහ අවසානයේ ඇය නැවත මා අසලට පැමිණියේ දැඩි දුකකින්, ඒ කතා කර තිබෙන්නේ, ඇය යන ක්‍රිස්තියානි පල්ලියට පැමිණෙන අඩු ආදායම් ලාහී කාන්තාවක්, ඇයට හිසරදය , උණ ගතිය සහ ඇස් උඩ ප්‍රදේශයේ කැක්කුමක් යැයි කියමින් ඇය මා මිතුරියගෙන් බෙහෙත් ඉල්ලා සිටියා, නමුත් එසේ ආවාට ගියාට බෙහෙත් දෙන්නට, විශේෂයෙන් දුරකතනයෙන් කතාකර ඉල්ලූ පමණින් බෙහෙත් කියන්නට තරම් හැකියාවක් තිබේ නම් රෝහල් කුමකටද ? හැම රෝග තත්වයක් ගැනම ඉගෙන ගත්තත් ඒ රෝග විනිශ්චය කර නිෂ්චිතවම කියන්න අපට බැහැ මන්ද ප්‍රායෝගිකව මේ ඉගෙන ගත් සියල්ල පුහුණු වන්නේ නැතුව කවදාවත් හරියට වෙදකමක් කල නොහැකිය යන්න පිළිගත් මතයක්, ඒකයි එයට "practicing medicine" කියන්නේ.

එහෙම ආවාට ගියාට රෝග විනිෂ්චය කල නොහැකිය, එය වැරදිය, නමුත් අර ගැහැණුකෙනා නිතරම මා මිතුරියට කරදර කරමින් බෙහෙත් අහන්නේ මේ කිසිවක් නොදැනද ? එක්කෝ රජයේ රෝහල් වල පෝලිම්‍ ය, නොයෙකුත් අක්‍රමිකතාවන්‍ය, පුද්ගලික රෝහල් හෝ ක්ලිනික් වලට යෑමට තරම් ඔවුනට මුදල්ද නොමැත, ඉතින් කුමක් හෝ Antibiotic එකක් ගිල දමා, හෝ පැනඩෝල් පෙත්තක් බී එවෙලෙට පවතින රෝග ලක්ෂන මග හරවා ගනු ඇරෙන්න ඔවුන්ට ඇත්තටම තම ශරීරය තුල සිදුවන විපර්‍යාස වලට හේතුව සෙවීමට අවශ්‍යතාවයක් නැති තරම්‍. හරියට දොස්තර කෙනෙකු නිර්දේශ නොකර හිතු මනාපෙට බෙහෙත් ගැනීම කොයි තරම් වැරදිද කියලා තේරෙන්නේ, ඒ බෙහෙත් ගැන හරියටම ඉගෙන ගත්තම, ඉස්සර ( උසස් පෙළ කරන කාලෙ දක්වා) ඔළුවේ කැක්කුමටත් බඩේ රිදිල්ලටත් පෙති ගත්තු අපි බොහෝ දෙනෙක් දැන්නම් ඒවයේ ආනිසංස දන්න නිසාම හැකි තරම් ඒවා ගැනීමෙන් වැලකී සිටිනවා, ඇත්තම කිව්වොත් ගන්නේම නැති තරම්. නමුත් මෙය හරියටම පැහැදිලි කර දෙන්නට ගියොත් ඉතින් තවත් ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිදුවෙන බව නිසැකය.

සැරයක්, අපට නියමිතව තිබුනා, එක් රෝගී කාන්තාවකගෙන් ඇගේ රෝග ඉතිහාසය සහ දත්ත එක් රැස් කිරීමට, අපි ගොසින් අප ශිෂ්‍යයන් බවත් ඇගේ තොරතුරු ගැනීමට ඈ සමග කතාබස් කර ඈ පරීක්ශා කිරීමට අවැසි බවත් පැවසූ විට ඒ වයසක කාන්තාවට හරියට කේන්තිගියා, "ශිෂ්‍යයින්නම් ඉස්කෝල වලට යන්න, මෙහෙ මොකටද එන්නේ, අපිට කරදර කරන්නේ, මම ඉස්පිරිතාලෙ ආවේ දොස්තර බෙහෙත් ගන්න නෑතුව සිසුන් එක්ක කතාකරන්න නෙමේ" යැයි කියමීන් අපව එලවා ගත්තා. නමුත් ඒ අතර සමහර රෝගීන්, අපට ඔවුන්ගේ සියළු විස්තර සහ දත්ත සපයමින්, අපේ පරීක්ශා කිරීම් ඉවසමින් බොහෝ සෙයින් අපට සහය දෙනවා.

දවසක් හදිසි අනතුරු ඒකකයේ ඩියුටි තිබුන දවසක සිදුවූ යමක් ලියා මේ සටහන අවසන් කරන්නම් එදා එම ඒකකයේ වැඩ කලේ තරුණ දොස්තර මහත්මයෙකි. රාත්‍රී වන තුරු එහි ගැවසුනු අපි, අසන සෑම පැණයකටම පිළිතුරු දෙමින්, අපට සියල්ල මැනැවින් කීයා දෙමින් සිටි ඔහු එහි පැමිණි එක් රෝගී වයස් ගත පුද්ගලයෙක් පරීක්ශාකොට කීවේ, ඔහුට හන්දි ආශ්‍රිත රෝගී තත්වයක් තිබෙන නිසා දීර්ඝ කාලීන් ප්‍රතිකාර අවැසි බවය, එනිසා බාහිර රෝගී අංශය වෙත පැමිණ නිසි ලෙස පරීක්ශණ සහ අවැසි වෙද උපකාර ලබාගන්නා ලෙසද ඔහුට පැවසීය. එහෙත් එම පුද්ගලයා, ඔහුගේ නියම වලට නොසෑහී කලේ ඔහු දොස්තර කෙනෙක් වෙන්න බැහැ, කොහොමද මේ තරම් තරුණ කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්නේ, බොරු දොස්තර කෙනෙක් ‍යැයි කියමින් වෛද්‍යවරයාට බැණ වැදීමය. නැවත වරක් ඔහු අමතා කාරුණිකව මෙතැන හදිසි අනතුරු වාට්ටුව නිසාවෙන් ඔහුව නවතාගැනීමට නොහැකි බව තේරුම් කලද ඒ පුද්ගලයා නැවත නැවතත් අසැබි වචන වලින් බැන වදින්නට පටන් ගති. සුළු සේවකයන් පැමිණ ඔහුව ඉවතට ගෙන ගියද අපගේ විස්මයට පත් මුහුණු දුටු වෛද්‍යවරයා අපට, තත්‍ය ලෝකයේ හැටි මේ වගෙයි කියා දූන්නේය. සිසු අවදියේ මෙන් අපව රුස්සන්නේ නැති පුද්ගලයින් මග හැර යෑමට වෙදැදුරෙකු වූ පසු නොහැකිය. කවුරු ආවත් කොහොම පුද්ගලයෙක් උනත් ඒ සියලු දෙනාට තම සේවය උපරිමයෙන් ලබාදිය යුතුය. සමහර විට ජීවිතය එපා කරවන සිදුවීම්, සමහර විට අපට ජීවත් වෙන්න ආසා හිතෙන සිදුවීම්, ඒත් මේ හැම දෙයක්ම අපි මැදහත් සිතින් ඉවසිය යුතුය.
ජීවිතේ වෙලාවකට මහා ප්‍රෙහෙලිකාවක්.

2 comments:

Uthpala Shyamendra said...

ජීවිතය කියන්නේ නම් ඉතිං ප්‍රහේලිකාවකටත් වඩා තේරුම් ගන්න, විසඳ ගන්න අමාරු 'මහා බරස කාව්‍යය' වගේ එකක්. අද අපි ගතකරන ජීවිතය ගැන, අපිට අත්දකින්න ලැබෙන දේ ගැන ගැඹුරින් හිතනකොට අැති වෙන්නෙ කළකිරීමක් විතරයි. සැනසීමක් ලබන්නේ ඉතාම කලාතුරකින් තමයි. ජීවිතය ගැන නිවැරදි අවබෝධයක් ලබන්න බුදු දහමෙන් පුලුවන්. ඒත් අද අපි මේ ජීවත් වෙන (අැත්තටම, අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන) සමාජය තුල, අාගමානුකූල ජීවිතයක් ගතකරන්න පුලුවන්ද...? අද අපිට කරන්න සිද්ද වෙලා තියෙන්නේ සමාජයේ තියන 'ලොලිපොප්' විසඳුම් යොදාගෙන අපේ ප්‍රශ්න තාවකාලිකව 'වහගන්න' තමයි.

සු෴ said...

නංගො බෝ..
අද බොහෝ වෛද්‍යවරුන් පාරම්පරික වෙදකමට ගරහන සමයක ඔබ වගේ අය එහි අගය වටහා ගැනීමත්, වෛද්‍ය වෘත්තිය සේවයක් මිස රැකියාවක්ම නොවන බවත් තේරුම් ගෙන මේ ගමන යාමතරම් වටිනා තවත් දෙයක් නැහැ.
අනෙකුන්ගේ හිතත් කයත් දෙකම සුවපත් කළ හැකි කෙනෙකු වන්නට දිරිය ලැබෙන්න කියලා හැමදාම ‍වගේ පතනවා.