Wednesday, 20 February 2008

නැවතිලා අතරමග ජීවිතය නොකියාම ..Life goes on

ගව් ගණන් දුව ඇවිද හෙලූ දහදිය බෝම
නැවතිලා අතරමග ජීවිතය නොකියාම
ඉනූ කඳුලැලි දකින්නට නිමක් නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම

මියැදෙන්න අඬ ගසයි සෙවනැලිත් එක්වරම
නොයදින්න නැත සමා වරද මා අත තවම
ගොඩගන්න දිවි දෙන්න හැදූ මුත් හැමදාම
කරුමයද උරුමයද හඳුනගන්නේ කොහොම

අප්රමාණ වූ දුක්ක දෝමනස්ස වලින්ම හෙම්බත් වෙච්චි මනුස්ස ආත්ම පමණක්ම දකිමින් ගත වෙන ජීවිතේ විටෙක වෙහෙසකරයි. හැමදේම අවසානයේ ඔවුන්ගේ ජීවිත දිහා බලා අපි කොතරම් වාසනාවන්තද කියා සිතන අයත් නැත්තේම නැහැ.
පිළිකාව, ඔබ අප හැම දෙනාම මේ වචනය ගැන දක්වන්නේ බියක්, සමහර විට රෝගීන් අසලදී වැරදිලාවත් මේ වචනය ඉංග්රීසියෙන්වත් නොකියා ඉන්න කියා තමයි අපට උගන්වන, ගුරුවරු පවසන්නේ, එමෙන්ම එවැනි රෝගී තත්වයක් තිබුනත් සමහර රෝගීන්ට ඒ බව නොකියා සිටින අවස්ථාත් නැත්තෙම නෑ.
ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු, සිතුවිලි නතර කර දමන්නට යෙදෙන බාධක හමුවේ නොපසුබට වීර්යයෙන්, තම ශරීරයේ සාරය උකහා ගනිමින් සිටින මාරකය හා සටන් වදින අපේම උන්ගේ දුක දකින විට ජීවිතය මොනතරම් අසාධාරණද කියා හිතෙනවා.
ඒ අයගේ බලාපොරොත්තු සහගත දෑස් අභියස විටෙක අපිද අසරණයි. මෙලොව ධර්මතාවයක් ඇත්නම් එය සාධාරණ විය යුතුයි, හැමදාම සිතෙන සිතුවිල්ල දැනුත් ඇවිදින් මසිතට වද දෙනවා, ”තියෙන අයට ඔක්කොම තියෙනවා, නැති අයට මොකුත් නෑ”
හැමදාම වෙනසක් නැතිව මරණය අභියස අපේ හිත් සසල වෙනවා, වැලපෙනවා, සමහරු කියනවා දවසක මරණය කියන දේ්ට අපි පුරුදු වේවි කියලා. එහෙම උනොත් එදාට මේ තරම් මරණය අපේ හිත් සසල නොකරාවිද? , දුක් විඳින මිනිස්සුන්ගේ දුක හිතට නොදැනේවිද ? මෙතරම් දුකක් එතකොට හිතට නොදැනේවිද ?
ජීවිතේ එක්වරම නවත්තන්න බලාපොරොත්තු අපේක්ශා සියල්ල නැති කරලා දමන්න මේ අකුරු හතරේ වචනෙට මහා බලයක් තියෙනවා.

සිංහල ආයුර්වේද ක්රම මගින් පිළිකා ඇතුලූ බොහෝ රෝගාබාද නිට්ටාවටම හොඳ කරන බව අසා ඇත්තෙමි දැක ඇත්තෙමි. අපේ රටේ රජයේ රෝහල් වල බටහිර වෛද්ය ක්රමයට අමතරව ආයුර්වේද ක්රමද අනුගමනය කලහොත්, එහෙම නැත්නම්, චීනය, ජපානය සහ නැගෙනහිර යුරෝපීය සමහර රටවල් මෙන්, homeopathy, Naturopathy, ආයුර්වේද යන මේ සියල් දැනුම් කැටි වුන වෙද මැදුරු නිර්මාණය උනා නම්, අපේ රටේ වෛද්ය ශේස්ත්රය මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුනා, එහෙනම් ගුණාත්මක දියුණුවක් ලබන්නටද ඉඩ තිබුනා යැයි බොහෝ දොස්තරවරු පවසනවා.
තවමත් නේවාසිකාගාරයේ අපි සමහරු කොත්තමල්ලි තම්බන විට ඇතැමුන් ”At least trust what you are studying” යැයි පවසනවා. නමුත් හැම කිඹුහුමකටම, ඔළුවේ කැක්කුමකටම පැනඩෝල් පෙති ගිලින්න පුරුදු කරන වෙළඳ දැන්වීම් අතරේ එහෙම නොකියන අය නොසිටියොත් පුදුමයක් !

1 comment:

Angel said...

It is true... if alternative medical therapies are integrated, maybe patients will get much more relief. There are so many instances where western medical practitioners remain helpless.

Yet although I too have seen and heard of many wonderful cures (including a histopathologically proven regression of breast ca.) my concern is that it is limited to anecdotal evidence. They do not stand up to scientific testing. It is not reproducible.

Yet when a fellow human being is undergoing untold suffering, maybe even an anecdote may help.

In your career as a student and as a doctor, you will face and fight death many times. Sometimes you will be successful. For that, you have to prepare yourself mentally, otherwise you will be emotionally drained over and over again. And that is not sustainable.

I wish you well, dear sister. Keep writing... and may the journey make you stronger every day.