Thursday, 14 February 2008

ආතුරයන් මැද අනාතුරව.. Intellectually numb


බොහෝ දෙනෙකුට අන් අයගේ ජීවිත ප්රශ්නයක් වී ඇත.
ඔවුන් ඒ ගැන නොයෙක් විට නොයෙක් දේ අසති, කොහොමද කන්නෙ, කොහොමද බොන්නෙ , කොහොමද මේවා ලියන්න වෙලාව හොයාගන්නෙ.
සමහරුන්ට මුදල් යන වචනය ඇසුනොත් ඒ ඇති, ඉතින් ඒ ගැනමලු අහන්නේ, සමහරු නිතරම බලන්නෙ අනිත් කෙනා ලග තියෙන්නෙ මොනවද ඒ දේ තමන්ට හිමි කරගන්න, මට තේරෙන්නෙ නැත්තේ ඇයි මේ තරමට මිනිස්සු අනිත් අය ගැන උනන්දු වෙන්නේ, අන් අය ගැන තිබෙන උනන්දුව තමා කෙරෙහි තියා ගත්තනම්, අද අන් අයට වඩා යමක් ඔබ හිමි කරගෙන

ඉස්සර අර කථාවට කියන්නෙ, "අල්ලපු ගෙදරට කළු සුදු ටී වී එකක් ගෙනාවොත්, අපේ ගෙදරට වර්ණ ටීවී එකක් ගන්න ඕනේ " කියලා අන්න ඒ වගේ,
ඇයි මිනිස්සු මේ තරම් භෞතික දේ පසු පසම දුවන්නේ? ජීවිතයේ සැබෑ අරුත කුමක්දැයි වටහා ගන්න බැරි තරමට ඔවුන් ආසාවන් ගෙන් පිරී ගිහින්,
පිච්චමල නවකථා මාලාවේ එක තැනක රාහුල හාමුදුරුවෝ, නිර්වානය ගැන මෙහෙම කියනවා මතකයි "ආසාවන්ට ආසා නොකරන්න "
සුසුකං වත ජීවාම
ආතුරේසු අනාතුරා
ආතුරේසූ මනුස්සාස
විහරාම අනාතුරා
(ධම්ම පදය)

(කෙළෙසුන් ගෙන ආතුර වූ මිනිසුන් මැද අපි අනාතුරව ජීවත් වෙමු
ආතුරයන් මැද අපි අනාතුරව වෙසෙමු .. යන්න එහි සරලම තේරුමයි )

I'm so glad to receive so many comments and views to the anti valentine post I wrote yesterday. A friend who read my blog last night said he didnt buy any flowers cause he took my idea serious and thought of boycotting the valentines day along with me but the truth was his girl friend was away for this week.
Even though I dont care about this commercialized valentine day, some one thought of me today and gave me a toy flower, and said I should think of it as a best friends day or something.

I respect all ideas and views and would not barge in to conclusions based on my own principles in life
As "Ci" asked me in his reply, many of my friends and people I meet online, often have asked me "when do I find time to write and paint", To tell you the truth, I couldn't do a single proper painting in 5 years, all I did was sketching and splashing paint on A 4 sheets. I like painting but have never learned it, so there 0% chance of me becoming a painter in this life time. But I do write a lot. thats what I do to relax my self. Its a habit I cannot get rid of.
You know if u really want, its not hard to find time. If you have the will there is always a away !

But what Ci wrote is also pretty much true, some people who cant even find a minute to spend on their loved ones can actually force themselves to show their love towards them, but yet again, "Is that really love ?"
...and cheers to all who understood the reality
මටනම් මේ දවස වාණිජකරණය කල තවත් එක් දවසක් විතරයි. ආදරේ කියන දේ හැමදාටම තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ

3 comments:

Chamila Liyanage said...

ආතුරයින්ගෙ චින්තන රටාව වෙනස් කරන්නට ඔබේ බ්ලොග් අඩවිය පිටුවහලක් වේවා! ඒ මගේ ප්‍රාර්ථනාව. කොහොම වුනත් සාම්ප්‍රදායික චින්තන රටාවෙන් ඔබ්බට යමක් හිතන කාන්තාවන් ඉන්නවා කියන එක අහන්න ලැබෙන එකත් සතුටක්. සමාවෙන්න මම එහෙම කියන එක ගැන. මම කිව්වෙ සමාජ යථාර්ථය.

nidhahasa said...

බෝ,

මුලින්ම ඉංග්‍රීසි බසින් ලියපු ලිපියකට සිංහල බසින් පිළිතුරු ලියන එක ගැන සමා වෙන්න. ඔබ වැලන්ටයින් විරෝධියෙක් කියල තිබුන. ඒකට හේතුව ලෙස ඔබ දක්වල තිබුනෙ පවතින සමාජ යතාර්තන් හමුවේ ඔබට ඇතිවූ කලකිරීම කියල. නමුත් බෝ එම අර්ථයෙන් බලනකොට ප්‍රතික්ෂේප කල යුතු මීට වඩා දේවල් ගොඩක් තියෙනව කියන එක මං විශ්වාස කරනව. ඒකට පුද්ගලික ප්‍රතික්ෂේප කිරීම් වලට වඩා සමාජීයමය වශයෙන් සාමූහික වෙනස් කිරීමකට එකතු වෙන එක ඊට වඩා අර්ථවත් වෙයි කියන එක මං ඔබට යෝජනා කරනව. මොනව වුනත් අවිඥානිකව ඉන්නවට වඩා පවතින තත්වය ගැන සවිඥානිකව ඉඳීම ගැන සතුටුයි.

බෝ,
පෞද්ගලිකව වැලන්ටයින් දිනයට මම කැමතියි. අපි ලංකාවෙ සමාජයට දිහාවට හැරිලා ඒ කාරණාව විසඳගම්මුද?
ලංකාව කියන්නෙ අද දවසෙදි ආදරය අහිමු වුන රටක්. දේශපාලනික වශයෙන් ඔය කාරණාව ලිහාගන්න හැදුවොත් මෙන්න මෙහෙමයි. ලංකාවෙ බහුතරයක් පවුල් ජීවිත දිහාවට හැරෙමු. ධනවාදය විසින් ලඟා වෙන්න , කිසිදා දිනන්න බැරි ධාවන තරගයකට එකතු කරපු ලංකාවෙ ගැහැණු සහ පිරිමින්ට ආදරය කරන්නවත් වෙලාවක් නැහැ. ආදරය කරන කාලෙදි කොහොම හරි එකිනෙකා රවට්ටගෙන ආදරය කරල අන්තිමේදි පවුල් ජීවිතයෙ එන ප්‍රශ්න එක්ක ආදරය පලා ගියෙ කොතනටද කියන එක හොයාගන්න බැරි වෙනව.
ඕක තව දිගට විස්තර කරන්න ඕන කාරණාවක්. ධනේශ්වරය විසින් දෙමවුපියො දෙන්නා හරි විකුණගෙන කාලා බඩ වියත රැක ගැනීම සමාජයට හුරු කරන කොට වැලන්ටයින් දිනය විතරක් මාර්කට් නොවී පවතින්නෙ නැහැ. නමුත් ආදරය කියල දෙයක් තියෙනව කියල මතක් වෙන්න එහෙම දවසක් හරි තියෙන එක ලොකු දෙයක් කියල හිතෙන්නෙ මේ පවතින ක්‍රමය දිහා බැලුවම.
මං ප්‍රාර්ථනා කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ආදරය කියන එක මතක් වෙන දවසක් ආයෙ එයි කියන එක.

ඉදිරියටත් අපේ සංවාදය අරගෙන යමු.

Bo said...

චමිල,ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට

වරුණ,
ඔබ කියන දේ හරි, ප්‍රතික්ෂේප කල යුතු බොහෝ දේ තිබෙනවා, ඒ දේවල් අතර මේකත් එක් දෙයක් තමයි, නමුත් සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප කිරීම් කරන්න අමාරුයි නේද, මොකද එකිනෙකාගේ සිතුම් පැතුම් සාපේක්ෂයි, එනිසා එක පොදු අරමුණකට එකතුවීමේදී බෙදීම් ඇති වෙන බව පැහෑදිලියි. ආදරය කරන කාලෙදි, එකිනෙකා රවට්ටා ගැනීම තුලින් සිදුවන ආදරය වෙන් වීම් තුලින් කෙලවර වෙන බව ඇත්ත, නමුත් අන්න ඒ එකිනෙකාව අන්දවා ගැනීමේ එක පැතිකඩක් තමයි මේ වැලන්ටයින්. මගේ මේ තර්කයට කිසි පදනමක් නෑ කියලා ඔබට හිතෙන්න පුළුවන්, නමුත් පොඩ්ඩක් අද සමාජය දිහාට හැරිලා බැලුවොත් එහි පවතින අන්දානුකරණය කීරීම් සහ බලෙන් එබ්බවීම්, (ප්‍රචාරකා වැඩ සටහන් තුලින්) හමුවේ මිනිස්සු අසරණවන බවයි මට වැටහෙන්නේ, ඒක අර "දහ අතේ ණය වෙලා මගුල් කාලා, ජීවීත කාලෙම වියදම් කරපුවායේ ණය ගෙවනවා" වගේ වැඩක්.තව දුරටත් පැහැදිලි කරොත් බිස්නස් කාරයොන්ව තර කරන ඒ අයගෙ මඩිය පිරවෙන තරමට මිනිස්සුන්ගේ හිතේ ආදරය පිරෙනවද ? මට හිතෙන්නේ එහෙම දවසක් අපිට අනවශ්‍යයි, අවශ්‍යමයි කියා හිතෙනවනම්, පන්සලකට ගිහින් මලක් පූජා කරන්න, අන්ත අසරණ ආදරය අහිමි වූ පිරිස් වෙත ආදරෙන් ලං වෙන්න මෙහෙම දවසක් තියා ගත්තට වැරැද්දක් නෑ. මං දන්නවා මගේ මේ තර්ක අද පවතින ක්‍රමයට අනුව නම් ප්‍රායෝගික නොවන පදනම් විරහිත ඒවා බව ඒත් මැටි පහන් අතරේ ලයිට් බල්බ් එකක් වෙන්න පුළුවන්නම් ඒකත් ලොකු දෙයක්!