Friday, 15 February 2008

හිතට බරයි විභාග.. exams , the degree and then what

මෙය හුදෙක් ලියවුනේ, සිසු සිසුවියන් වන අප නිතර කථා කරන මාතෘකාවක් ඔස්සේ
"අවුරුදු දෙකකක තුනක කෝස් එකක් කලානම් මෙලහකට රස්සාවක් කරනවා එක්කො, රස්සාවක් කෙරුවනම් මෙලහකට හම්බ කරනව, ඔවැනි නොයෙක් කතාබස් නොමැති දවසක් නැති තරම්." ඒත් ඉතින් තව අවුරුදු කීපෙකින් රස්සාවක් කරන්න ලැබුනත් මේ ඉගෙනුමේ අවසානයක් නැහැනේ, අපි හිතන් හිටියට උපාධිය ගත්තම ඔක්කොම හරි කියලා, හොන්දටම කරදට විය යුතු කාලෙ එන්නේ, එයින් පස්සේ. අද ලාංකික තරුණ තරුණියන් මුහුණ දෙන ප්රදානම ගැටලුවද තමන්ගේ ඉගෙනුමට සරිලන රැකියාවක් නැතිකමය, විශ්ව විද්යාල වලින් උපාදිය අරගෙන පිටවෙද්දී, උසස් පෙළ සමතුන් බොහෝ දෙනෙක්, රැකියා වල නියෑලෙන ගමන් බාහිර උපාදි මගින් එම කඩ ඉම් ජය ගෙන, රැකියා විරහිත උපාදි දාරීන් පිරිස වැඩි වෙද්දී ඒකට පිළියමක් යොදන්න කාටවත් තවම බැරි උනේ ඇයි ?

පොදු සිතුවිලි

කරදර එකින් එක ගොඩවෙයි නොදැනීම
සවියක් නැතිව තවමත් හිත වැලපීම
අතපා හැමට ජීවත් වෙනු හැමදාම
රස්සාවක් කලා නම් නැහැ නොවැ මෙහෙම


උපාදියට ගතවෙන අවුරුදු බෝම
වයසයි ඒත් තවමත් අපෙ ඉගෙනීම
අවසන් වෙන කලක් නොදනෙමු හරියටම
කොයිදේටත් යැපෙන්නෙමු හැමගෙන් තවම

බෝ ©

2 comments:

පැතුම්..... said...

රැකියාවක් නැති උපාධි ගැන කණගාටු වෙලා වැඩක් නෑ... උපාධියක් ගන්න හැකියාවක් තමන්ට තියෙන වනම් රැකියාවක් අනුන් දෙන කම් බලා ගෙන ඉන්න ඕනෙ නෑ...

ඔබේ ආකල්ප වල වෙනසක් විතරයි ඕනෙ වෙන්නෙ..

ලෝකය වෙනස් වෙනකම් බලා ගෙන හිටියොත් වෙන්නෙ අපි හැම දාම බලාගෙන ඉන්න එක..
ලෝකය වෙනස් කරන්න නම් අපි වෙනස් වෙලා ඉන්න ඕනෙ..

මේවා හැමෝම හැමදාම කියන බණ තමා..හැබැයි ඒ බණ වල මාර තේරුමක් තියෙනව.. ඒකයි ඒවා හැමෝම කියන්නෙ..

එක තේරෙන්නෙ ඒ බණ පිළිපැදල තැනකට ආවට පස්සෙ.. රැඩිකල් චින්තනය හොඳ පොත් වලට විතරයි..

ප්‍රායෝගික ජීවිතේට ඕනේ කරන්නෙ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒකට වැඩ කරන එක...

ජීවිතය තරඟයක් නෙවෙයි... ගමනක්... පාඩුවෙ යන්නයි තියෙන්නෙ

දිනන්න ඕනෙත් නෑ.. පරදින්න ඕනෙත් නෑ.. එහෙම එකක් ජීවිතේ නෑ... අපි හැමෝම ජීවත් වෙනව විතරයි..

විභාග කරන්න ඕනෙ තමයි... නැත්නම් අපේ තියෙන බුද්ධිය අපිට අඳුර ගන්න විදියක් නෑනෙ... හැබැයි ජීවිතේ කියන්නෙ විභාගයක් නෙවෙයි..පාස් වෙන්නෙ නෑ..ෆේල් වෙන්නෙ නෑ..

ඒ නිසා දුක් වෙන්න එපා... හැමෝම යන්න හදන පාරෙ නැතුව හරි පාරෙ යන්න.. එතකොට වරදින්නෙ නෑ...

madhu said...

paara katukai thamai akke
kaagena idiriyatama yanna koma hari
hamadaamath vahinne nahane...