Thursday, 21 February 2008

ජාත්‍යන්තර මව් භාශා දිනය..කඩුක්කන්

අද ජාත්‍යන්තර මව් භාශා දිනය බව සිංහලයා පුවත් තුලින් දුටුවා. read the news article
මව් භාශාව යනු අප උපන්දා සිට අප කතා කරන භාශාවයි. අපි මුලින්ම කථාකරන්න ඉගෙන ගන්නේ අපේ දෙමාපියන් ගෙන් හරියටම කිව්වොත් අපෙ අම්මගෙන් , අම්මා කතා කරන එක තමයි දරුවෙක්ට හුරුවෙන්නේ මොකද ගෙදර නිතරම ඉන්නේ අම්මානේ, ඒකයි එයට මව් භාශාව කියන්නේ කියලයි මා අසා ඇත්තේ, ඒත් ලෝකයෙන් භාශා තුරන් වී යැමේ අවදානමක් තිබෙන බව මා අසා කියවූයේ මීට බොහෝ කලකට පෙර,අද ලංකාවේ සිටින කලු සුද්දන් සිංහල අමතක කරන්නට වෙර දරද්දී, ඇතැම් පිටරටම උගත් අපේ එවුන් හොදින් සිංහල කතා කරති. සමහරු ෆැශන් එකට ඉංග්‍රීසි කතා කරති,ඒත් ඉංග්‍රීසය දැනගත් පමනින් තමන් ගේ මව් බාශාව අමතක කළ යුතු නොවේ. මට ජපුර රෝහලේදී මුණ ගැසුනු, රුසියානු වෛද්‍ය ශිෂ්‍ය "සිරි සිරිමල්" ඉගෙනුම ලැබුවේ ජාත්‍යන්තර පාසැලකය (International school). නමුත් හේ හොදින් සිංහල ලියයි කියවයි කතා කරයී. මොන්ටිසෝරියේ සිට ජාත්යාන්තර පාසැලකට ගියද තම දෙමාපියන් ගෙදරට ගුරුවරුන් ගෙනවා තමන්ට සහ තම සහෝදරයාට සිංහල ඉගැන්වූ බව ඔහු කීවේය.තමන් ගේ මව් භශාව හොදින් දැන උගත යුතුය. එමෙන්ම ඉංගිරීසියද, අනෙකුත් ඕනෑම බාසාවක්ද දැන උගත යුතුයි. එහෙත් එපමනින් ඔළුව උදුම්මා ගත යුතු නොවේ.

කඩුක්කන් කවිය ලියෑවුනේ, මගේ යහළුවෙක් මට පැවසූ කථාවක් ඔස්සේ, අගනුවරින් බොහෝ දුශ්කර ප්‍රදේශයක සිට අකුරු කරන්නට එන ඇගේ කඩුක්කන් ( කරාබු) දෙකට අත්වූ ඉරණම අසා මගේ පපුව පිච්චී ගියා, නමුත් ඇගේ කන පාලු වෙන්ට අපි යාළුවෝ පිරිස ඉඩ දුන්නේ නැහැ. මේ කවිය කියවූ සමහරෙක් පැවසුවේ කඩුක්කන් කියන වචනය දැනගත්තෙත් මේක කියෙව්වට පසුව කියලයි . මම නම් බොහෝ කුඩා කළ සිට ආභරණ අජීර්ණයකින් පෙලෙන්නෙක්මි

3 comments:

Dili said...

කවිය නියමයි, කථාවත් මරැ
ජයවේවා!

Anandawardhana said...

ඉතා ම රසබර කවියක්. ඒ වගේ ම ගේය (ගායනා කිරීමට ද හැකි) ස්වරූපයක් ද ඇති බැවින් සංගීතය යොදා ගායනයටත් උචිත බවක් දැනෙනවා. [හැම කවිය ම ගීත කරන්න කියනවා නම් නෙමෙයි.]

බස ගැන ඔබේ අදහස හරියට හරි. බස අපේ සන්නිවේදනයට යොදා ගැනෙන උපකරනයක් පමනයි. ඒ නිසා ඉංගිරිසි හෝ මොන ම බසක් වත් හිස උදුමාගැනීමට හෝ අනුන්ට ගර්හා කිරීමට අධිරාජ්‍ය ගොඩ නැඟීමට-නො ව සන්නිවේනය සඳහා යොදාගත යුතු යි :-)

අනිත් අතට පුද්ගලයකුගේ ප්‍රකාශන ශක්‍යතාවන් සේ ම ඉගෙනීමේ සමත්කම් ද උපරිමයෙන් විකසිත වන්නේ මව්බසින් කටයුතු කරන විට දී ය යන්න සත්‍යයක් විය හැකියි. ඒ බව ඇතැම් මනෝවිද්‍යා පර්යේශනවල දී ද තහවුරු ව තිබුනු බවක් කලකට පෙර කියෙව්වා මතකයි.

චෑම් said...

ඔයාගේ කවිය පිලිබදව අදහස් දක්වන්න යන්නේ නෑ. නමුත් භාෂව ගැන කියල තිබුනු දේටනම් පසු වදනක් එකතු කරන්න හිතුනා. මව් භා ෂවේ අගය වටහෙන්නෙ ලංකාවෙන් පිට ඉන්නකොටයි. මමත් මගේ යලුවෙකුත් මාස 6 විතර පිලිපීනෙ ඉන්නෙ.

අපි කර්යලයෙදි නිතරම කතා කරන්නෙ ශුද්ධ සිංහලෙන්. වරදවා හිතන්න එපා. ඒ කිව්වෙ උදහරනයක් විදිහට අපි කොහෙත්ම ටිවි කියන එක පාවිච්චි කරන්නෙ නෑ.. අපි රූපවාහිනී යන්තරය කියල තමයි කියන්නෙ.

ඒ උනට මොකද සිංහලෙන් ලියන එකනම් කරන්න හිතෙන්නෙම නෑ.. මොකද මන්ද? :D