Friday, 8 February 2008

ඔක්කෝටම වඳින හැටි


දික් කල කෙනෙහි සතුරන් ගේ ගෙල නොසිඳ
වක්නූ පොරණ සිංහල අත් යුවල අද
ඔක්කෝටම වඳින හැටි බල බලා ඉඳ
ලක් මව අඩන හැටි උඹටත් පෙනෙනවද
එස් මහින්ද හිමි

ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටි යුගයක, කවි පබැදුමට තමන් තුල වූ විශිෂ්ඨ හැකියාව තුලින්, දේශයක් අවදි කරන්නට තම නිර්මාණ ශක්තිය යොදාගත් කවියා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ය.
උන්වහන් සේ ජාතික නිදහස පාදක කරගනිමින් ලියා ඇති කවි සිය ගණනක් මා හට කියවන්නට ලැබුනේ ඉතා කුඩා කල සිටයි. ඒ කවි කියවද්දී, නිරතුරුවම සිහිවුනේ මගේ රටට මා අතින් සිදුවිය යුතු සේවය, යුතුකම් මොනවාද යන්නයි. ඒවගේම ජාති මාමකත්වය, ජාති ආලය යනු කුමක්දැයි මැනැවින් වැටහිනි. පරාධීන නොවී සිටීමේ අගය සිත තුල කා වැදිනි. උන්වහන් සේගේ කවි වලින් ලද ආභාශයෙන් කවි ලිවිය යුතු අයුරු ඉගෙන ගතිමි.

මේ මා ලියූ එවැනි කවි පද එකතුවක්

මගෙ ලක් දෙරණ

නිවහල් කොට නගා රට දැය සමය සදා
ගාමිණි අභය පැරකුම් රජ පුතුන් එදා
මෙත් දම් මලින් හොබවා රට දියුණ සදා
නැගි ලක් දෙරණ කොහිදැයි අද අසමි හඩා

රොක් කොට සිව් හෙළය එක්සත් කළ දෑත
අස්වද්දා කුඹුරු වැව් හැදු සවි දෑත
දෙස බස නගා දාගැබ් හැදු පින් දෑත
වඳිනෙමි එහෙව් විරුවන් එක් කර දෑත

කාටත් අත නොපා අප මී මුතුන් එදා
වපුරා දිගත පතුරා ගොස තෙදින් බදා
"ඔක්කෝටම වඳින හැටි" සිංහලූන් මෙදා
දකිනා විටදි රත් වෙයි ලේ නහර විදා

ඇතිමුත් දෙරණ ණය කරුවෙකු වී ලොවට
පසුබා නොයව් කිසිදා නොම වී නිවට
රට දැය නගන්නට සැරසෙන හෙට දිනට
වස් කවි නොවී සෙත් කවියක් වෙනු දැයට

බෝ ©

"ඔක්කෝටම වඳින හැටි" - ටිබෙට් හිමියන් කලකට පෙර ලියූ ලෙස තවමත් සිංහළුන් ගේ මේ ගතිය ඇරී ගොස් නැත

4 comments:

Constantin Demiris said...

very true. this is one of my favourite poems by Mahinda Thero.

this is one creative blog here. Keep it up. A definite bookmark for me :-)

නාමල් උඩලමත්ත said...

ඔයාගේ අදහස් චින්තනය බොහොම වටිනවා.අපේ රටේ දැනුම තියෙන අයට බුද්ධිය නෑ.බුද්ධිය තියෙන අයට දැනුම නෑ. ඒ දෙකම තියෙන අතලොස්සට අපේකම ගැන අභිමාණයක් නෑ. රට ජාතිය ආගම ගැන හිතන්නේ නෑ.රටට බරක්වෙලා ඉදලා මැරිලා යනවා. අඩු තරමින් රට වෙනුවෙන් ගස් 10 ක් හිටවලා මැරෙන්න තරම් බොහෝ අයට රට ගැන හැඟීමක් නෑ. ඒ වගේ කාන්තාරයක ඉපදුනු ඔයාලා වගේ අය රටට සෙත් කවියක් පිරිත් පදයක් කියලයි මට හිතෙන්නේ . දෑ අබිමන් හැඟුමෙන් ඔද වැඩුණු නිවහල් පරම්පරාවක් මේ රටේ තැන තැන පූදිනවා කියලා දැනෙන විට මට ඇතිවන සතුට කියා නිම කරන්න බෑ.

"සිය රට ගලවමියි පතා
දිවි දුන් සැඩ රිපුන් වෙතා
සෝමා දේවිගේ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා"
(එස්.මහින්ද හිමි)

Nilaksha said...

ඇත්තටම මහින්ද හිමියන්ගේ කවි වලට පස්සේ මගේ හිතට වැදුන කවි පෙළක්!
බෝ, ජාතිය වෙනුවෙන් ඔබට මාහැඟි සේවයක් කළ හැකි වේවායි පතමි.

නිදා වැටෙන සිංහල ජාතිය වෙතට
සිසිල් දියක් වේවා මුහුණට වැටෙන
වෙතත් ලොවෙන් ගැරහුම් නින්දා ඔබට
අත් නොහරිනු කරනා සේවය දැයට

හදපිරි සුභපැතුම්!

Life said...

අපි සුබවාදීව හිතමු. අඳුරු අහස් කුස තුලින් රිදී ඉරක් පායා එන හීනයක් මම කලක සිටන් දකිනවා. එය කල් ගිහින් හෝ සැබෑ වේවි.
ශ්‍රේෂ්ඨ රාවණෘ යුගයක් පැරකුම් යුගයක් නැවත ඇති වේවි.
අද අපේ මිනිසුන්ට නැති ජාතිකාභිමානය මතුවී එමගින් පරගැති චින්තනය පළවා හරීවි.
මේ ගහ කොළ, රත්තරන් පොළොව මෙතෙක් කල් නිහඬව බලා හිඳින සේම අපිත් බලා හිඳිමු ඒ අභිමානය නැවත ඇතිවන තුරු.