Wednesday, 6 February 2008

මනුස්සකම ඒකයි

අද බොහොම වෙහෙසකර දවසක්.
රෝහලෙන් පිටවෙද්දිම දැඩි වෙහෙසකර බවක් සහ උණ ගතියක් දැනුන නිසා නේවාසිකාගාරයට පැමිනි විගස උණුවෙන් සමහන් එකක් වත් කරගත්තා. ඊට පස්සෙ ඉතින් දැන් තමයි අස්වැසිල්ලක් ලබුනේ,

බ්ලොග් පිටුවට ලොග් ඉන් උනහම තමයි දැක්කේ සමනලී නංගී හරි අපූරුවට ඇගේ බ්ලොග් සටහන් එකතුවක් එළි දක්වා තිබෙන බව, ඒවා කියවා එයට සටහනක් එකතු කරා, අලුතින් වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් එකතු වෙන එක හොන්දයි කියලා දසුන් මල්ලි සහ මලින්ත මල්ලී නිතරම කියනවා ඉතින් මං දන්න හමෝටම කිව්වා, ඒත් ඒ අයගෙන් සමනලී නංගි විතරයි බ්ලොග් එකක් පටන් ගත්තේ ඒ ගැන මට ගොඩක් සතුටුයි. මටත් බ්ලොග් කියන දේ අලුත්, මට ඉතින් අලුත් යමක් ගැන දැන ගන්න ලැබුනොත් දන්න අනික් හැමෝටමත් කියන එක සිරිත, හැබැයි එහෙම කියන්න ගිහින් අර ඒ දේ මට මුලින්ම පෙන්වා දුන් අයගෙන් නෝක්කාඩු අහුව අවස්තාත් නතුවමත් නොවෙයි

තනියම නිවන් දැකලා වැඩක් නැහැ , දන්න දේ අනිත් අයටත් කියා දෙන්න ඕනේ, අපි කරන දේ අනිත් අය කරනවනම් ඒ දේ දිහා බලලා සතුටු වෙන්න ඕනේ ඒකයි මනුස්සකම කියන්නේ, නැතුව තමන් විතරක් රජ වෙලා තමන් විතරක් හැමදේම දැනගෙන ඉදලා වැක් නෑ කියලයි මම හිතන්නේ, තමන්ට වඩා යමක් අනිත් අය කරයි,එයාල කරන දේ විශිෂ්ඨ වෙයි කියලා බොහොම හීන් සීරුවේ හැංගි හොරා වැඩ කරන අයත් නැතුවාම නොවේ

වරුන ලියන නිදහස් අදහස් මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් පිටුවක්, මට පෙනි පෙනී නොපෙනී ගිය පේරාදෙනිය සරසවිය ගැන වගේම, ජීවිතේ ගැන අපූරු සටහන් ඒකේ බොහෝ තිබෙනවා, දැනට මා දැනුවත්ව සිංහල බ්ලොග් 2ක් අලුතෙන් ආරම්භ කර තිබෙනවා, කොහොම හරි බූන්දි ඊ සගරාව කරන තරංග අයියාටත් ඒ සදහා වෙනම බ්ලොග් එකක් හදා දුන්නා. එයට රසවත් ලිපි එකතු කරන්න ඔහුට ඉක්මනින්ම කාලවේලාව ලැබේවා කියා මම ප්රාර්ථනා කරමි.
තියෙන දෙයක් බෙදාගෙන, දන්න දෙයක් කියලා දීලා අපි අපි නැගිටින්න ඕනා නැත්නම් ඉතින් අපේ රට තවත් අගාදයට ඇදෙනවා නොඅනුමානයි
මනුස්සකම් කවිය ගැන - මේ කවිය රිවිර පත්තරේ පළ වූවක් , මම ලිව්වට ඒක රිවිරට යෑව්වෙ ප්රශා අක්කා, ඇයව සිහිපත් කරන්නේ ආදරෙන් .

1 comment:

Dasun Sameera - දසුන් සමීර said...

>තමන්ට වඩා යමක් අනිත් අය කරයි,එයාල කරන
>දේ විශිෂ්ඨවෙයි කියලා බොහොම හීන් සීරුවේ
>හැංගි හොරා වැඩ කරන අයත් නැතුවාම නොවේ

හරියටම හරි. ඒ අය එම කරන්නේ තමන්ගැන තියෙනව හීනමානය නිසාමයි. එවැනි අයට අපේ අනුකම්පාව හිමිවිය යුතුයි.