Monday, 4 February 2008

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ


සමරන්න තරම් නිදහසක් තියෙනවද?

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ මියුරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ
ලේ හැලූනෙත් නෑ සුද්දා තරහ උනෙත් නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති මේ අති උත්තම රට

නන්දා මාලිනිය විසින් ගයනු ලබන නිදහස් බයිලා නම් ගීය රේඩියෝවේ ප්රචාරය වෙනු මා සවනත වැකිනි. මේ ගීය එදා ඇසෙද්දි, මිනිස් සිත් තුල දේශාභිමානී ජයග්රාහී සිතුවිලි සමුදායක් නැගුනු බවනම් සැක නැත. ඒත් අද බොහෝ දෙනෙක් නිදහස් දින එළඹෙත්ම,
කොහේ තියෙන නිදහසක්ද මේ ?
සමරන්න තරම් නිදහසක් තියෙනවද? කියා ප්රශ්න නගති
මට හිතෙන්නේ අපේ නිදහස අහිමි කරගෙන තියෙන්නේ අපිමයි. පාලකයො පිස්සු නටල රට නන්නත්තාර කළ බවට චෝදනා කරන අතරම, සෑම දේකටම මුල දේසපාලූවන් බව කියති, එහෙත් මදකට සිතා බැලූවොත් රටේ පාලක පන්තිය ඒ තැනට පත් කරන්නේද මහජනයා වන අපිම නොවෙද?
එදා මුළු ලංකාවේම සාරය උකහ ගෙන තම දේශයට ඇදගත් ඉංග්රීසීන් හා යුධ වැදි අපේ මුතුන් මිත්තන්, තම ජීවිත පූජා කරමින් නොයෙක් විට නොයෙක් අයුරින් අරගල කරමින්, සටන් කරමින් පරගැති වී සිටිනු නොහැකියැයි, පර දේසක්කාරයින්ට ඔළුව නැමිය නොහැකියැයි කියමින් නිරන්තර කැපවීමෙන් , තම ජීවිත පරිත්යාගයෙන් ලබා ගත් නිදහසකි මේ.
1948 එකීවූ නිදහස ලබා ගන්නා තෙක්ම තම ජීවිත පරිත්යාගයෙන් සටන් වැදි විරුවන් අප අමතක නොකල යුතුය.
කැප්පෙටිපොල, වීර පුරන් අප්පු, ගොංගොල්ලේගොඩ බණ්ඩා වැනි උතුමන්ගේ සිට මේ දේශය නිවහල් කිරීමට තම ලේ බිඳක් හෝ හෙළපු සියළු එඩිතර සිංහලයන් මගේ සිහියට නැගේ
මේ එළබෙන නිදහස් දිනය ඔවුනට අපේ උත්තමාචාරය පුද කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. ඔවුනට පිං පෙත් පමුණා අප වෙනුවෙන් රට වෙනුවෙන් , තමන් ගැන නොහිතා ක්රියා කළ ඒ විරුවන් අප සිහිපත් කළ යුතුමය.

නිදහස කියා අපි සමරන්නේ අපේ නිදහස නොවේ, අප රට මීට අවුරුදු 60 කට පෙර ඒ ලබා ගත් නිදහස බව නැවත මතක් කර ගැනීම වටී

අද සියලූ සරින් සපිරි මහ පොළවක උරුමය ලබා, ලද උරුමය අමතක කර පිට දේ්ස දීපංකර වලින් ඇදෙන දේ කරුමයක් කරගත් පවින් , බත් ඇටේ, ලූණු ගෙඩිය පවා පිටරටින් ගෙන එන තුරු බලා ඉන්න සිදු වෙලා. එදා එක යායට අස් වැද්දූ කුඹුරු අද පුරන් වී, ගොනුන් උලා කන තණ පිටි බවට පත් වෙලා.
ජාතියක් ජන්මයක් සොය සොයා බේද බින්න වූ බැවින් දොර දොර මළ මිනී ඇද වැටෙනවා. අද නොවේ හෙට බාලගිරි දෝශය වැදුනු උතුර දකුණ බෙදාගන්ට වලිකන යුද්ධයේ් අප්පිරියාව ජීවිත හැම එකක්ම වෙලාගෙන අවසානයි

හැබැයි පොඞ්ඩක් එළියට බැහැල බැලූවොත් තේරෙයි මේ ලංකා පොළව උඩ තවමත් අපට රිසි දෙයක් කරනට නිදහසක් උරුම වී ඇති බව. වෙලා තියෙන්නෙ අපට තියෙන නිදහසේ තරම අපට නොතේරෙන එකයි. නොයෙක් සීමා මායිම් යොදාගෙන අප විවිධ අයුරෙන් අපේ නිදහස සීමා කරගෙන ඇති බව පොඞ්ඩක් සිතා බැලූවොත් ඔබට වැටහේ්වි

බිජුවට විසි කල පමණින් ඵල හටගත් මහා සරු පොළවක් මේ බිම
වැව් අමුණු පිරී ඉතිරී යන්ට නිසි කලට වැසි වැටුනු අහසක් මේ

ඒත්, පුරන්වෙන්නම ඇරලා පොළව වල් වැදිලා, ගහ කොළ විනාස කරලා අහස හිරි වැටිලා,
ඉතින් අපි කුමක් කරමුද මේවා බල බල, ඉන්නට වටීද ආතක් පාතක් නැති ඕපාපාතිකයෝ වගේ

”ඉපදුනු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුනු බරක් මෙන් ලංකා පොළව පිට
පසුවන එක හරිද සිංහල පුතෙකු හට”

අපේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ පන් හිඳෙන් ලියැවුනු ඒ කවියද නැවත මතක් කර ගැනීම වටී

තවමත් පර ගැති වී, අන් දෙසකට බසකට ඔළුව නමන් මේ බිමට වින කරන, ලෝකයට අප රට බාල්දු කරන එවුනට විරුද්ධව අප එක් රැස් විය යුතුය.
අප මෙලෙස සැප පහසුව නිදන්නේද රැකියා වල නියැලෙන්නේද අපේ උතුර දකුණ රකින මුර දේවතාවුන් වන ත්රිවිද හමුදාව සහ පොලිසියේ අප විරුවන් නිසා බව මතක් කර ගත යුතුය
ඔවුන් ටොරින්ටන් චතුරස්රයේ ආචාර පෙළ පාලි පවත්වන විට, එදා නිදහස යථාර්තයක් කරනට දිරි දුන් දිවි දුන් විරු දරුවන් සැම අපි හද බැතින් සිහිපත් කරමු

ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට අප රට අත් පත් කරගෙන මේ දේ්ශය ලේ විලක් කරන්නට ඉඩ නොදී ? දාවල් නිදි නොමැතිව අප දෙරණ රකින අපේ රණ විරුවන් සැම අපි ආදරයෙන් සහ භක්තියෙන් සිහිපත් කරමු

අද මේ නිදහස ඔවුන් නිසාය...

බෝ සමරතුංග (මෙහි ඇතැම් කොටස් මා ලියූ රියෑලිටි බුවා නම් ලිපියෙන් උපුටා ගතිමි)

2 comments:

nidhahasa said...

ඉතින් බෝ,
සිංහලෙන් බලොග් අඩවි ලියන ලේඛිකාවො හිඟ නිසා ඔබට ප්‍රථමයෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මං කාලෙකට කලින් බලපු චිත්‍රපටියකත් තිබුන බෝ කියල චරිතයක්. ඒක නිසා නැවත වතාවක් මතකයට නැගුනා. ඔබේ නව කතාවත් ආසාවෙන් කියෙව්වා. ඔබට ප්‍රතිචාරයක් දක්වන්න හිටියත් කාල වෙලාව මදිකම නිසා බැරිවුනා. දිගටම ඔබේ ලියන කටයුතු වල යෙදෙන්න කියන ගමන් ඔබේ අවධානයට තවත් කවියන් දෙදෙනෙක් එකතු කරන්න කැමතියි. එක්කෙනෙක් තමයි විමලරත්න කුමාරගම කවියා. අකාලයෙ මිය ගිය ඔහු මං දකින්නෙ කලාතුරකින් පහල වන ආකාරයේ මානව දයාවෙන් පිරි මිනිහෙක් විදිහට. අනිත් කවියා තමයි නන්දන වීරසිංහ. ඔහු ලියපු "දුම්මල ගලට ගිය අම්මා" (නම හරියටම මතක නෑ) කියන කවි පන්තිය අති විශිෂ්ඨයි. ඒ ගැන හොයල බලන්න කියන අතරෙ සුබ පැතුම් පිරිනමනවා.
සදා ජය!

වරුණ

http://nidhahasa.wordpress.com/

nidhahasa said...

ඉතින් බෝ,
සිංහලෙන් බලොග් අඩවි ලියන ලේඛිකාවො හිඟ නිසා ඔබට ප්‍රථමයෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මං කාලෙකට කලින් බලපු චිත්‍රපටියකත් තිබුන බෝ කියල චරිතයක්. ඒක නිසා නැවත වතාවක් මතකයට නැගුනා. ඔබේ නව කතාවත් ආසාවෙන් කියෙව්වා. ඔබට ප්‍රතිචාරයක් දක්වන්න හිටියත් කාල වෙලාව මදිකම නිසා බැරිවුනා. දිගටම ඔබේ ලියන කටයුතු වල යෙදෙන්න කියන ගමන් ඔබේ අවධානයට තවත් කවියන් දෙදෙනෙක් එකතු කරන්න කැමතියි. එක්කෙනෙක් තමයි විමලරත්න කුමාරගම කවියා. අකාලයෙ මිය ගිය ඔහු මං දකින්නෙ කලාතුරකින් පහල වන ආකාරයේ මානව දයාවෙන් පිරි මිනිහෙක් විදිහට. අනිත් කවියා තමයි නන්දන වීරසිංහ. ඔහු ලියපු "දුම්මල ගලට ගිය අම්මා" (නම හරියටම මතක නෑ) කියන කවි පන්තිය අති විශිෂ්ඨයි. ඒ ගැන හොයල බලන්න කියන අතරෙ සුබ පැතුම් පිරිනමනවා.
සදා ජය!

වරුණ